ටෙලි නාට්‍ය නිළියන් දෙදෙනෙක් ගණිකා වෘත්තියේ
යෙදවූවායැයි ලකීට රු: ලක්ෂයක් ඇප
වරද පිළිගත් නිළියකට රු: 2500ක දඩයක්
ජංගම දුරකථන ඔස්සේ ගනුදෙනු කරුවන් සහභාගි කරවාගෙන ටෙලි නාට්‍ය නිළියන් දෙදෙනකු ගණිකා වෘත්තියේ යෙදවූ බව කියන පුද්ගලයකුට නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් රෝහණ අනුර කුමාර හේරත් මහතා විසින් රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් ඊයේ (15) නියම කරන ලදී.
ඊයේ මේ නඩුව අධිකරණය හමුවේ කථා කළ අවස්ථාවේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරණ ටෙලිනාට්‍ය නිළියන් දෙදෙනාගෙන් එක් සැකකාර කාන්තාවක් අදාළ චෝදනාවට වරද පිළිගත් බැවින් ඇයට රුපියල් දෙදහස් පන්සීයක දඩයක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනෙක් සැකකාර ටෙලි නාට්‍ය නිළියට අදාළ චෝදනා විභාග කිරීම ලබන 22 වෙනිදාට කල් තැබීය.
මිරිහාන හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත ඉතාලියේ සිට පැමිණි ව්‍යාපාරිකයින් ලෙස වෙස් වලාගත් පොලිස් නිලධාරි පිරිසක් ජංගම දුරකථන ඔස්සේ සැකකාර නිළියන් සම්බන්ධ කරගෙන මාදිවෙල හෝටලයකට කැඳවා අත්අඩංගුවට ගෙන තිබේ. ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය බව කියන සැකකරු වෙනුවෙන් නීතිඥ විදුර පී. මංචනායක, මහතා ද සැකකාර ටෙලි නාට්‍ය නිළියන් බව කියන තරුණියන් දෙදෙනා වෙනුවෙන් නීතිඥ වෛද්‍යසේකර සහ නීතිඥ වසුන්දරා යන අය පෙනී සිටි අතර මිරිහාන හදිසි ඇමතුම් අංශයේ පො.ප. භාතිය ජයසිංහ මහතා පැමිණිල්ල මෙහෙය වීය.
Post a Comment
Your comment will be visible after approval