එස් එල් පී එල් කල්යයි
එස් එල් පී එල් කල්යයි
පසුගිය කාලයේ බොහෝ දෙනෙකුගේ කතාබහට හා විවේචනවලට ලක්වෙමින් මේ මස 19 වැනිදා ආරම්භ කිරීමට තිබූ ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය 2012 අගෝස්තු මාසය දක්වා කල් දමා ඇතැයි වාර්තා වෙයි. ඉන්දියානු ක්‍රීඩකයින් සහභාගී නොවීම හා විදෙස් ක්‍රීඩකයින් සහභාගීවීම අවම මට්ටමක පැවතීම මෙයට හේතු වී තිඛෙන බවයි දැනගන්නට ලැඛෙන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් අර්බුදයකට ලක්ව සිටින නිසා විදේශීය ක්‍රීඩකයින් ඉල්ලා ඇති මුදල් ගෙවීමට හැකියාවක් නොමැතිකම හේතුවෙන් මෙම තරඟාවලිය දේශීය ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට තීරණය කර තිඛෙන බවයි වාර්තා වන්නේ.
එස් එල් පී එල් පිටුපස අයි පී එල් ක්‍රිකට් තරඟාවලියේ කලක් ප්‍රධානියාව සිටි පසුව මුදල් වංචා කළා යැයි චෝදනා එල්ල වූ ලලිත් මූඩි සිටී යැයි සඳහන් කරමින් ඉන්දීය ක්‍රීඩකයින් සහභාගී නොකිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිඛෙන බව දැනගන්නට ලැබේ. නමුත් ක්‍රීඩා අමාත‍්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසා ඇත්තේ ලලිත් මූඩි මෙම තරඟාවලිය හා කිසිදු සම්බන්ධයක් නොමැති බවයි
Post a Comment
Your comment will be visible after approval