Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

Udari Chamikaමගේ සැමියා ගොඩාක් හොඳයි
මට ප‍්‍රශ්න ආවත් එයා බැලූවේ මගේ පැත්තෙන්
එයා සති දෙකෙන් දෙකට ලංකාවට එනවා
මම ගොඩාක් පින් කරලා තියෙනවා
                    උදාරී චාමිකා


සංසලාගේ  චරිතයත් සමඟ මේ දිනවල වඩාත් ජනප‍්‍රිය වි සිටින උදාරී චාමිකා සිය සැමියා පිළිබඳව දක්වන අදහසුයි මේ.
මගේ සැමියා ගොඩාක් හොඳයි. මම ගොඩක් පින් කරලා තියෙනවා ඒ වගේ සැමියෙක් ලබන්න. මොකද මගේ හැම දෙයකදිම මගේ පිටුපසින් සිට මට ලොකු ධෛර්යයක් වුණා. මොන ප‍්‍රශ්න ආවත් එයා බැලූවේ මගේ පැත්තෙන්. එයා කොයිවෙලාවකවත් මට ඇඟිල්ල දික් කළේ නැහැ. ඒ පැත්තෙන් මම හරි වාසනාවන්තයි.
  මමයි සැමියයි දෙරටක ඉන්න එක සාර්ථක පවුල් ජීවිතයකට කොහෙත්ම බාධාවක් නොවෙයි. එයා සති දෙකෙන් දෙකට ලංකාවට එනවා. අපි දෙන්නාගේ අන්‍යෙන්‍ය අවබෝධය අනෙක් පවුල්වලටවඩා ගොඩාක් දියුණුයි කියලා මම හිතනවා.

   මම ගැන ගොඩක් කට කතා පැතිරෙනවා. පල ඇති රුකටනෙ
ගල් ගහන්නේ. අනික මම ලංකාවේ ජනප‍්‍රිය නිළියක් වීමත් කට කතා හැදෙන්න බලපානවා. මම විවාහ වෙනකොටත් මම නිළියක්. සැමියාගේ කැමැත්ත ඇතිවයි නිළියක් විදියට වැඩ කරන්නේ. එහෙම නැතිනම් සැමියාට තිබුණානේ අර ප‍්‍රශ්නය ඇති වුණාට පසුව මාව එයා ඉන්න තැනට එක්කගෙන යන්න. මේ වෙනකන් මට කවදාවත් කටක් ඇරලා කියලා නැහැ ඔයා එක්ක යන්න එන්න කියලා.

ඹා්රස ක්‍ය්පසන් අසඑය යමිඉ්බා

      අපි දෙන්නා එකට සමාජයේ දකින්න ලැබෙන්නේ නැති වුණාට අපි දෙන්නාගේ ලිපි පත්තරවල පළවුණා.  ඒ විතරක් නෙවෙයි රූපවාහිනී සාකච්ඡුාවලටත් සහභාගී වුණා. එතැනින් එහාට මට ඔහුව ෂූටින්වලදී ලොකේෂන් එකට ගෙනිහිල්ලා කැමරාව ඉදිරියට ගෙන එන්න හැකියාවක් නැහැ. මොකද ඔහු රංඟන ශිල්පියෙක් නොවේ වෛද්‍යවරයෙක්.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter