Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

hemaaහිටපු ජනපති ආර්ග පේ‍්‍රමදාස මහතාගේ බිරිඳ වන හේමා පේ‍්‍රමදාස මහත්මිය ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට සූදානම් වන බවට පැතිර යන ආරංචි හමුවේ එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය තව දුරටත් නරක අතට පෙරළෙමින් පවතින බවට එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.
මෙවැනි සිදුවීම් හේතුවෙන් එජාපයේ අභ්‍යන්තර ආරවුල හා මතභේද තව දුරටත් උත්සන්න වන අතර පක්ෂය දෙකඩ වී වෙනම දේශපාලන පක්ෂයක් වශයෙන් කොටසක් බිඳී යෑමටත් ඉඩ ඇති බව එම ආරංචි මාර්ග පවසයි.

හේමා පේ‍්‍රමදාස මහත්මිය කෙරෙහි අද සජිත් පේ‍්‍රමදාස මහතාට ආධාර කරන පුද්ගලයන් තුළ පවා ප්‍රසාදයක් නැති බවත් දකුණු පළාතේ පැවැති දේශපාලන රැස්වීම් කිහිපයකට හේමා පේ‍්‍රමදාස මහත්මිය සහභාගි වී ඇති අතර මෙය ඇය ක්‍රියාකාරී දේශපාලනයට පැමිණීමේ පෙරහුරුවක් බවට පත් කර ගෙන ඇති බවත් දැනගන්නට ඇත.

කෙසේ වෙතත් හේමා පේ‍්‍රමදාස මහත්මිය දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීම මඟින් සිදුවන්නේ එජාපයේ අර්බුදය තවදුරටත් උග්‍ර වීම මිස එහි විසඳුමක් අපේක්ෂා කළ නොහැකි තත්ත්වයක් උද්ගත වීම බව එජාප බහුතරයකගේ අදහස වී ඇතැයිද සඳහන්ය.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter