අනවසරයෙන් ඇතුල් වූ ගුවන්යානා
නැවත හරවා යවයි
ශ‍්‍රී ලංකා ගුවන් සීමාවට අනවසරයෙන් ඇතුල් වූ බව කියන ඇමෙරිකානු ආරක්ෂක අංශවලට අයත් ගුවන්යානා පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය සමඟ එක්ව පරීක්ෂණයක් ආරම්භ කරන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියොමාල් පෙරේරා මහතා පවසා සිටී.
මීට දින කිහිපයකට ඉහතදී ශ‍්‍රී ලංකාවට අයත් ගුවන් ගමන් පාලන කලාපයට ඇමෙරිකානු ගුවන් යානයක් ඇතුළු වූ බව පිදුරුතලාගල සන්නිවේදන මධ්‍යස්ථානය තහවුරු කළේය. එසේම මෙසේ අනවසරයෙන් ඇතුල් වූ ගුවන් යානයට ශ‍්‍රී ලංකාවේ ගුවන් සීමාවෙන් පිටවන ලෙස දැනුම් දුන් පසු පිටව ගිය බව ගුවන් හමුදා මාධ්‍ය
ප‍්‍රකාශක ඇන්ඩෲ විජේසූරිය මහතා පවසා තිබේ.
මෙම ගුවන් යානා ඇමෙරිකානු නාවික හමුදාවට අයත් නාවික යාත‍්‍රාවලට ගොඩ බැස්සවීම සඳහා විශේෂිත ලෙස නිෂ්පාදිත ගුවන්යානා විශේෂයක් බව හඳුනාගෙන තිබෙන බවත් වාර්තා වෙයි.
Post a Comment
Your comment will be visible after approval