ශ‍්‍රී ලංකාවේ ජාතික පුෂ්පය සම්බන්ධ කරුණු අධ්‍යයනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි. වර්තමාන භාවිතයේ පවතින පුෂ්පය නිවැරදි නිල් මහනෙල් මල නොවන බව පර්යේෂකයන් සහ උද්භිද විද්‍යාඥයන් කියා සිටින බැවින් මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව ජාතික පුෂ්පය පිලිබද සමාලෝචනයට කමිටුව කි‍්‍රයාකිරීමට නියමිතය. මෙම කමිටුව විසින් උද්භිද විද්‍යාඥයන් සහ බුද්ධිමතුන්ගේ අදහස් රැස්කෙර ඉන්පසු වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ‍්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙස 1988 දී නිල් මහනෙල් මල නම් කෙරිණ.
Post a Comment
Your comment will be visible after approval