මේක අපහාසයක් -මම නීතිමය පියවර ගත්තා
ඔය නොහොබිනා වැඩ මම කරල නැහැ – ස්‌වර්ණා රත්නායක
මම මෙවැනි දෙයක් බලාපොරොත්තු වුණා…
නිළියක් විදියට හැමෝම ආශ්‍රය කරනවා…………………
ලංකාවේ සිනමාවටත් රූපවාහිනියටත් කාලෙන් කාලෙට එක එක වංසගත ලෙඩරෝග කඩාපාත්වෙනවා. බටහිර හා ඉන්දියානු චිත්‍රපට නිසා සිනමාව කඩා වැටුණ කියල පිරිසක් කියනවා. ඉන්දියානු ටෙලිනාට්‍ය රැල්ල නිසා පසුගිය කාලේ අපේ ටෙලිනාට්‍ය ගසාගෙන ගියා කියල කාලයක් පසුතැවෙන්න වුණා. ඊටත් පස්‌සේ මෙගා වසංගතයක් ආවා කියනවා. දැන් අලුත්ම වසංගතය තමයි නොහොඹිනා තැන්වල නොහොඹිනා හැසිරීමේ චෝදනා මත අපේ තරුණ නිළියන් නීතියේ රැහැනට හසුවීම. මේ පිළිබඳව බොහෝ දෙනෙක් කියන්නේ තමන් නිවැරදි බවයි. ඒ වගේම අපේ ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිණියන් කියන්නේ මේ අය නිළියෝ නෙමෙයි වෙන වෙන වෘත්තීන්වල ඉඳලා රංගනයට ඇවිත් මූණ පෙන්න ගෙන ජනප්‍රිය වෙලා මුළු මහත් කලා ක්‍ෂේත්‍රයම විනාශ කරන බවයි.
මෑතකදී මෙවැනි චෝදනාවකට ගොදුරු වූ එක් රංගන ශිල්පිණියක් තමයි ස්‌වර්ණා රත්නායක කියන්නේ. ඇයව අපි කාලයක සිට පුංචි තිරය ඔස්‌සේ දැකතිබෙන චරිතයක්. ඇය ගැන අසන්නට ලැබුණු මේ ප්‍රවෘත්තිය ඉතාමත් අසත්‍ය තොරතුරු මත පදනම් වූවක් බවත් මේ හේතුව නිසා ඇය ඉතාමත් අපහසුතාවට ලක්‌ව සිටින බවත් පසුගිය දිනෙක ඇය අප සමග පැවසුවා. මේ එම සිදුවීම පිළිබඳ අප ස්‌වර්ණා රත්නායක සමග කළ කතාබහයි.
මේ සිදුවීමේ ඇත්තම කතාව මොකක්‌ද ?
ඇත්තටම ඔය කියන විදියේ දෙයක් සිද්ධ වුණේ නැහැ. ඔය සිදුවීම වුණා කියන දිනයේ මම සහෝදරිය සමග උත්සවයකට සහභාගි වුණා. එතැනදී වෙන කෙනෙකුගේ පෞද්ගලික ප්‍රශ්නයක් ඇතිවුණා. එතැනින් තමයි අපේ නම් නීතිමය පැත්තට යොමුකර තිබෙන්නේ. මම මේ සම්බන්ධව පොලිසියට දොස්‌කියන්නේ නැහැ. පොලිසියත් මේ වෙනකං මට විරුද්ධව නීතිමය පියවරක් අරගෙන නැහැ. නමුත් මම නීතිමය පියවරක් අරගෙන තිබෙනවා. මොකද නිර්දෝෂයි කියලා ඔප්පු කරන්න ඕනෑ නිසා. නිළියක් කිව්වහම සමාජයේ ඕනෑම පුද්ගලයෙක් ආශ්‍රය කරනවා. මට මාලඹේ ව්‍යාපාරයක් තිබෙනවා. ඔය පුවත පළ වූ දිනයේ මම මගේ ව්‍යාපාර කටයුතුවල නියෑලී සිටියා. ඒ වගේම සංගීත ප්‍රසංගවලටත් සහභාගිවෙනවා. මේක අමූලික බොරුවක්.
නමුත් මේ චෝදනාව ඉතා බරපතල එකක් ?
මම ඒ කරන චෝදනාවට එකඟ නැහැ. මගේ ළඟින් සිටින සැමියා වගේම පවුලේ ඥතීන් මම එහෙම දෙයකට පැටලුණේ නැහැ කියලා හොඳටම දන්නවා. ඒ වගේම මම ඒ පුවත සම්බන්ධව සියලුම දෙනා දැනුවත් කළා. මට මෙවැනි මඩපහරක් එල්ලවෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටියේ. මොකද අපේ නිළියන්ට අන්තර්ජාලය හරහා මඩප්‍රහාර දියත්වෙන නිසා.
ඔබේ ඡායාරූපයකුත් අන්තර්ජාලයේ පළවී තිබුණා ?
අන්තර්ජාලයට පින්තූරය අරන් තිබෙන්නේ ෆේස් බුක් එකෙන්. පොලිසියකින් හෝ උසාවියකින් මට විරුද්ධව අන්තර්ජාලයට තොරතුරු ලබාදීලා නැහැ. මේ සිද්ධියෙන් මම මානසිකව වැටුණේ නැහැ.
මිලා, සරා, වසූදා, අමන්දා නාට්‍යවල මම හිටියා කියා එම පුවතේ පළවී තිබුණා මාත් දුටුවා. ඔය කියන එක ටෙලිනාට්‍යයකවත් මම රඟපෑවේ නැහැ. එහි සඳහන් වෙලා තිබුණේ අමූලික බොරු.
මොනවගේ නීතිමය පියවරක් ද ගත්තේ ?
මම ගත්තු නීතිමය පියවර අවශ්‍ය වෙලාවට සඳහන් කරන්නම්.
මෙවැනි කතාවක් ඇතිවුණේ නිකම්ම නොවෙයිනේ ?
මගේ පිටුපසින් සිටිනවා කවුරි හරි නිළියක් මට මඩ ප්‍රහාර දියත් කරන. ඇය මගේ දුරකථනයට කතා කරලා පරුෂ වචනයෙන් පවා බනිනවා. නීතිමය පියවරක් අරගෙන තිබෙන නිසා නම සඳහන් කරන්න අමාරුයි. ඒ හින්දා නුදුරේදී එයා කවුද කියලා සඳහන් කරනවා. දැනට මම ඒ ගැන වැඩිය කතා කරන්න කැමැති නැහැ.
ඔබත් සමග තවත් කිහිපදෙනෙකුගේ නම් සඳහන් වෙලා තිබුණා. ඒ අයත් සිsටියේ ඔබ සමගද. ඔබ ඒ අයව ළඟින් ඇසුරු කරනවාද?
ඒ කතාවත් සම්පූර්ණ බොරුවක්. මම ඔවුන්ව දැකලාවත් නැහැ. අපිට ප්‍රවීණයන් පවා දොස් කියනවා ඇති. නමුත් සොයා බලන්නේ නැතිව දොස් කියන්න එපා. වෙබ් අඩවිවල පළවුණ පුවත් සියල්ල සත්‍ය නොවේ. මේ විදිහට ගියොත් නිළියන්ට ඇතිවන තත්ත්වය මොකක්‌ද. ඇත්තටම මේක මහ විහිළුවක්.
ඔබ කියන්නේ ඔබ නිර්දෝෂයි කියලද?
මම නිර්දෝෂයි. මම මේ ගැන වැඩිපුර කතා කරන්නේ නැහැ. නීතිමය පියවරක් අරගෙන තිබෙන නිසා ඉදිරියේදී සත්‍ය හෙළිකරනවා.
කෙසේ නමුත් මේ නිසා උසාවිවලට පොලිසිවලට පවා යන්න සිදුවුණා නේද?
මට මේ සම්බන්ධව පැවැත්වෙන පරීක්‍ෂණවලට යන්න සිදුවුණා. මම ඒවාට නොගියා නම් මම වැරදි කරලා ඇති කියලා කවුරු හරි හිතන්න පුළුවන්. ඒ වගේ තැන්වලට යන්න පුළුවන් වුණේ මම නිර්දෝෂී නිසයි. වැරැද්දක් කරලා නැතිනිසා නීතිය ඉදිරියට යන්න බයවෙන්න වුවමනාවක් නැහැ.
මේ සිදුවීම් වලින් පසුව ඇතිවුණ තත්ත්වය මොනවගේද?
මේ සිද්ධියෙන් පසුව මම ගොඩක් ජනප්‍රියවුණා. මා වටා සිටිය කවුරුවත් මට වචනවක්‌වත් කිව්වේ නැහැ. සිද්ධිය වුණ දවසේත් මම සිටියේ මගේ ව්‍යාපාරයේ. මට කිසිකෙනෙක් මේ වෙනකං වචනයක්‌වත් කිව්වේ නැහැ. හිරේ සිටිනවා කියලා සඳහන් කරපු කෙනා ව්‍යාපාර කටයුතු කරන්නේ කොහොමද කියලා ගොඩක් අය දුටුවා. ඒ වගේම මට ගොඩක් දෙනෙක් කතා කළා.
සැමියා මොනවාද කිව්වේ ?
මගේ සැමියා මට මුකුත් කිව්වේ නැහැ. මේ සිද්ධිය පිළිබඳව එයාට හොඳ අවබෝධයක් තිබෙනවා. එයා හැම තිස්‌සේම කිව්වේ ඔයා නිර්දෝෂයි කියලා. මා ගැන කවුරු වැරදියට හිතුවත් කමක් නැහැ මගේ සැමියා සහ පවුලේ අය මං ගැන වැරදියට හිතුවේ නැති නිසා. අනික මට කතා කරපු හැම උත්සවයකට වගේම ප්‍රසංගවලටත් සහභාගි වුණා. මට කිසිම කෙනෙක් ඇඟිල්ලක් දික්‌කරලා වැරැද්දක් කිව්වේ නැහැ . මම කොහොමටත් මෙවැනි දේවල් වලින් සැලෙන ගැහැනියක් නොවේ. මට දුක අපේ නිළියන්ට මේ වගේ මඩ පහරවල් ගහන්නේ ඇයිද කියන එක ගැනයි.
සිතුම්
source:divaina.com
Post a Comment
Your comment will be visible after approval