සරසවි ප්‍රවේශය ලැබූ සිසු සිසුවියන් සඳහා පැවැත්වෙන නායකත්ව පුහුණුව පිලිබඳ පසුගිය කාලයේ විවිධ චෝදනා එල්ල වුවද නායකත්ව පුහුණුවට සහභාගී වන දෙවන ශිෂ්‍යය කණ්ඩායමටල පළමු කණ්ඩායමේ සිදු වූ බොහොමයක් අඩු පාඩු හදුනාගෙන ඒවා සකස් කරගැනීමට බලධාරින් සමත්ව තිබුණි.
නමුත් නැවතත් එම පුහුණුව ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්වන්නේ දියතලාව කඳවුරේ දෙවන කණ්ඩායමට සහභාගී වූ සිසුවියක් රෝගී වී මිය යාම හේතුවෙනි.
මෙසේ මියගොස් ඇත්තේ වැලිමඩ තෙන්නකෝන් ප්‍රදේශයේ තිදෙනෙකුගෙන් යුතු පවුලේ බාලයා වූ නිශාන්ති මධුශානි නම් විසි හැවරිදි සිසුවියයි.
ඇය කලා අංශයෙන් කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට සුදුසුකම් ලබා තිබුණිගනිශාන්තිගේ පියා ඇය කුඩාකලම මියගොස් ඇති අතර ඇයගේ මව විසින් නිශාන්ති ඇතුළු එම පවුලේ තිදෙනාට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට බොහෝ වෙහෙස වී ඇත.
එහි ප්‍රතිපලයක් ලෙස නිශාන්තිගේ වැඩිමල් සොයුරිය සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අතර මෙම වසරේ සරසවි ප්‍රවේශය සඳහා නිශාන්තිද සුදුසුකම් ලැබ ඇත.
නිශාන්ති මධුශානි සිසුවිය කුඩාකල පටන් ඇදුම රෝගය වැළඳී තිබී ඇති අතර ඇයගේ මරණයට හේතුව වන්නේ පෙනහැල්ල ආශ්‍රිත රෝගී තත්වය උත්සන්න වීමෙන් නිව්මෝනියාව වැළඳීමයි.
රෝගය උත්සන්න විමන් පසුව මසකට ආසන්න කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඇය මියගොස් ඇත.
ඇගේ මරණය පිලිබඳ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය හා උසස්අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා දක්වන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස්යග
මේ පිලිබඳ අදහස් දක්වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා
නිෂාන්තිට ජීවිතය නැතිවන්නේ හමුදා පුහුණුව නිසාග මේ හිතුවක්කාර තක්කඩි ආණ්ඩුව තමන්ගෙ බල ව්‍යාපෘතිය සඳහා කරන මාරාන්තික සෙල්ලමක ප‍්‍රතිඵලයක් විදිහටයිග
සෙම් රෝගයක් හදිසියේ මාරාන්තික තත්ත්වයට පත්වුනේකොහොම ද? ඔරොත්තු නොදෙන දැඩි සීත දේශගුණයල දින 21 ක් තිස්සේ එම දැඩි සීතල තුළ පාන්දර 5ට ශාරීරික ව්‍යායාම් සඳහා බලහත්කාරයෙන් යොමුකරවීමල ඒක තමයි ඇගේ රෝගය මාරාන්තික වෙන්න බලපාපු මූලික හේතුවග
හමුදා පුහුණුවෙදී වාර්තා වුණ එකම සිදුවීම මෙය නෙවෙයිග තවත් සිදුවීම් ගණනාවක් වාර්තා වූණාග අලි පහරදීම්ල සර්පයෝ දෂ්ඨ කිරීම්ල ආහාර විෂවීම්ල විවිධ තුවාල සිදුවීම්ල අබ්බාගාත වීම්ල බරපතළ මානසික ආතතීන්ට ගොදුරු වීම්ල ආදී මෙවැනි සිදුවීම් ගණනාවක් අපි මීට පෙර හෙළිදරව් කළා.
ආණ්ඩුව තමන්ගේ මාධ්‍ය යොදාගෙන ඉතාම සුන්දර රූප රාමු ඔස්සේ කියන්න හැදුවාල මේක හරිම සංවේදී හැඟුම්බර පුහුණුවක් කියලාග මේ තමයි ඒ සංවේදී පුහුණුවේ අවසන් ප‍්‍රතිඵලය – ශිෂ්‍යාවකට සිය ජීවිතය අහිමි වීම.
මෙම සිදුවීම රටට හෙළිදරව් වෙන එක ආණ්ඩුව වළක්වා තියෙනවාග දෙමවුපියෝ තොරතුරු දෙන්න සූදානම් නැහැග මොකදල ඒ අය මේ ආණ්ඩුව ගැන හොඳට දන්නවාග ඒ මේ රටේ ප‍්‍රජාතන්ත්‍රවාදයේ හැටිග මිනිස්සු මරනව විතරක් නොවෙයිල මිනිස්සු පීඩාවට පත්කරනවා විතරක් නොවෙයිල අඩුම තරමෙ ඒ මිනිස්සුන්ට එම අයුක්තිය අසාධාරණය ගැන කතාකරන්නවත් අයිතියක් ඉතිරිකරල නැහැ.
මේ එහි පළමු සිදුවීමවත් අවසන් සිදුවීමවත් නොවෙයිග අද නිශාන්තිත්‍ව හෙට කවුද ? හමුදා පුහුණුව අවසන් නැහැග හෙට ගොදුර ඔබේ දරුවා වෙන්න පුළුවන්.
එම චෝදනා ප්‍රතික්ෂේප කරන උසස්අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා
මේ සිදුවීම සම්බන්ධව දියතලාව හමුදා කඳවුරෙන් හා මිය ගිය ශිෂ්‍යාවගේ මවගෙන් විමසා බැලු විට ඔවුන් පැවසුවේ එම ශිෂ්‍යාවට කුඩා කල පටන් නිධන්ගත සෙම් රෝගයක් පැවති බව සඳහන් කර සිටියා.
තවදුරටත් කරුණු සොයා බලු විට අනාවරණය වුයේ මෙම දරුවාගේ පියා මිය ගොස් තිබෙන්නේද මෙම රෝගයෙන් බව හෙළි වුනා.
නායකත්ව පුහුණුව ආරම්භ කිරීමට පෙර ඇයරෝහල් ගත කර සිටි අතර අදාළ පාඨමාලවට සහභාගී වී ජූනි මස 11 වෙනි දින පුහුණු මධ්‍යස්ථානයෙන් පිටත් ව ගොස් තිබෙනවා.
අවසානවශයෙන් ඇයට මෙම රෝගය වැළඳී ඇත්තේ ජූනි 29 දින වන දිනයිග එම නිසා ඇය මාසයකට වැඩි කාලයක් දැඩි සත්කාර ඒකකයේප්‍රතිකාර ලබාතිබෙනවා.
මේ කරුණුවලින් තහවුරු වන්නේ එම ශිෂ්‍යාවගේ මරණය නිදන්ගත රෝගයක ප්‍රතිඵලයක් බවයි”
Post a Comment
Your comment will be visible after approval