Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

මට පිහියෙන් අනින්න හැදුවා
දේශපාලඥයෙක් මේ පිටුපස සිටිනවා
අපේ පක්ෂයේ කෙනෙක් නෙවෙයි

           ගීතා කුමාරසිංහ
Geetha Kumarasingheජනප‍්‍රිය නිළි ගීතා කුමාරසිංහට පසුගිය දිනයක පුද්ගලයෙකු පිහියෙන් ඇනීමට උත්සාහ ගත්තා’  ගාල්ල නාගස්තැන්න ප‍්‍රදේශයේ අවමගුල් උත්සවයකට ඇය සහභාගී වී සිටි අවස්ථාවේදී ඇයට මේ සිද්ධියට මුහුණපෑමට සිදු වී ඇත්තේ’
    මට පිහියෙන් අනින්න පැමිණි පුද්ගලයා මෙහෙයවා ඇත්තේ දේශපාලඥයකු බව මට විශ්වාසයි එසේම ඇයට මුහුණපෑමට වූ මෙම සිද්ධිය පිළිබඳව විස්තර කළේ මේ ආකාරයෙනි’
පසුගිය මැතිවරණයේදී අපේ පක්ෂයට හුඟක් උදව් කළ පුද්ගලයකු මියගොස් තිබුණා’ ඒ මරණ ගෙදර තිබුණේ නාගස්තැන්න කියන ප‍්‍රදේශයේයි’ මිනිය ඔසවන්න සුළු කාලයක් තිබියදී මියගිය අය ගැන මම පුංචි
කතාවක් කළා’ ඒ අසල සිටි පුද්ගලයකු මොන මොනවාදෝ කියමින් කෑගහන ශබ්දයක් ඇහුණා’ අපේ මහත්තයාත් කතා කරන්න  ඕනෑ’ ඇයි මෙයාට කතා කරන්න දුන්නේ කියමින් ඒ පුද්ගලයා අවමංගල්‍ය සංවිධායකයන්ටත් බැණ වැදුණා’

ඒ පුද්ගලයා හැසිරුණේ මට පහර දෙන්න යන ආකාරය නිසා ඔහුව හුඟ දෙනෙත් අල්ලාගෙන ඉන්නවා මා දැක්කා’

ඒ සමගම ඒ පුද්ගලයාගේ මල්ලි යැයි කියන අයෙක් පිහියත් ඔසවා ගෙන මා දෙසට දුවගෙන ආවා’ මොකක්ද මේ වෙන්න යන්නේ කියලා මා බලාගෙන උන්නා’ අර පිහිය රැුගෙන පැමිණි පුද්ගලයා කීපදෙනෙකු අල්ලා මෙල්ල කර ගත්තා’

ඊට පස්සේ පිහිය ගෙන ආ පුද්ගලයාගේ බිරිඳ කියන ගැබිණි කාන්තාවක් ඇවිත් සැමියට මුකුත් කරන්න එපා එයාට පොලිසියෙන් පහර දෙන්න පුළුවන් කියලා හැඬූ කඳුළින් ඉල්ලා සිටියා’ මමත් ගැහැණියක් මටත් හිත උණුවෙනවා’ මම පොලිසියට කිව්වා මේ මනුස්සයාට කරදරයක් කරන්න එපා කියලා’

ඒ සැකකරුව කවුරු හරි දේශපාලනඥයකු මෙහෙයවා තිබෙනවා’ හැබැයි අපේ පක්ෂයේ අයෙක් නෙවේ’ කවුරුහරි එහෙම හිතුවානම් වැරදියි’

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter