Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

Munneswaramහලාවත මුන්නේශ්වරම් භද්‍රකාලී දේවාලයේ සතුන් බිලි දීමේ පූජාවක් හෙට:13* පැවැත්වීමට නියමිත බවත් එය නීති විරෝධී මෙන්ම සදාචාර විරෝධී ක්‍රියාවක්වන බවත් ජාත්‍යන්තර සත්ව සුබ සාධන භාරය සංවිධානය සඳහන් කරයි.

පසුගිය වසරේ ද මෙවැනි බිලි පූජාවක් පැවැති බවත් මෙවර පසුගිය වසර මෙන් දෙගුණයකින් සතුන් වැඩි කොට එළුවන් දහසකට ආසන්න සංඛ්‍යාවකගේ ගෙල සිදීම සිදු කිරීමට සූදානම් වන බව මාතර – හම්බන්තොට දෙපලාතේ අධිකරණ සංඝනායක අපරැක්කේ හිමරතන නාහිමිපාණන් වහන්සේ පැවසූහ.

නාරාහේන්පිට ශ්‍රී අභයාරාම විහාරස්ථානයේ අද:12* පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ විය.

මෙම බිලි පූජාව සම්බන්ධයෙන් ජනාධිපතිතුමන්ව දැනුවත් කිරීමේ අත්සන් දස ලක්‍ෂයේ පෙත්සමක් ද මේවන විට භාර දීමට පියවර ගෙන ඇති බව ජාත්‍යන්තර සත්ව සුබ සාධන භාරයේ අනුශාසක මිරිස්සේ ධම්මවංශ හිමියන් සඳහන් කළේය.

මෙම පූජාව හුදෙක්ම එක්තරා ආත්මාර්ථකාමී පිරිසකගේ පටු අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වයාපාරයක් වන බව වැල්ලවත්ත ශ්‍රී විජයාරාමාධිපති අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත නිකායේ අධිකරණ සංඝනායක අහංගම ආනන්ද හිමියෝ පැවසූහ.

ජාත්‍යන්තර සත්ව සුබ සාධන භාරයේ ලේකම් ගාමිණී වනිගරත්න මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේ මුන්නේශ්වරම් භද්‍රකාලී දේවාලයල දේවාලයක් ද එසේ නොමැතිනම් එය ඝාතන මඩුවක් ද යන්නයි

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter