පවුල් ආරවුලක් ගිය දුර
මානසික රෝගයකට රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ගනිමින් සිටියදී නීතීඥවරයකු පැහැරගෙන යාමේ පුවතක් ඊයේ දිනයේදී වාර්තා වුණා’ කෙසේ වෙතත් පසුව දැනගන්නට ලැබුණේ රෝගියාගේ උපදෙස් මත මෙම පැහැරගැනීම සිදු වූ බවයි’
මොහු නීතීඥවරයෙකි’ ඉකුත් 4වනදා බිරිඳ සහ පවුලේ හිතවතුන් විසින් ඔහුට මානසික රෝගයක් ඇතැයි පවසමින් ප‍්‍රතිකාර ගැනීම සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ’ මෙම නීතීඥවරයාට මරදානේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් ඇති අතර එයට පෞද්ගලික ආරක්ෂක සේවයක් මඟින් ආරක්ෂාව සපයා තිබේ’
රෝහල් ගත කළ පසු මෙම නීතීඥයා විසින් ඔහුගේ පෞද්ගලික ආරක්ෂක සේවයේ හිමිකරුට කෝල් එකක් දී පවසා ඇත්තේ තමාගේ පවුලේ සාමාජිකයින් විසින් බලෙන් තමාව රෝහලේ රඳවාගෙන සිටින බවයි’ පසුව ඔහුව බේරා ගැනීමට පෞද්ගලික ආරක්ෂක සේවයේ හිමිකරු ඇතුළු තවත් කිහිපදෙනෙක් ඊයේ(7 වනදා*අලූයම 3’30ට පමණ රෝහලට පැමිණී තිබේ’
ඔවුන් පැමිණෙන විට නීතීඥවරයාගේ කාමරය අසල ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක්ද සිට ඇත’ ඉන් එක් නිලධාරියෙකුට පැමිණි පිරිස පහර දී තුවාල සිදු කර තිබෙන අතර ඔවුන්ගේ ජංගම දුරකථනද පොළවේ ගසා තිබේ’
පසුව රෝහල් හෙදියන්ට හා සේවක සේවිකාවන්ටද මරණීය තර්ජන කොට නීතීඥවරයාව රැුගෙන ගොස් තිබෙන අතර පොලිසිය විසින් කළ පරීක්ෂණවලින් පසු ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ’
කෙසේ වෙතත් මෙම නීතීඥයා හා පවුලේ සාමාජිකයින් අතර කාලයක සිටම ආරවුල් තිබී ඇති බවද වාර්තා වෙයි’
Post a Comment
Your comment will be visible after approval