Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

LogoSwarnawahiniමේ දිනවල විශාල පරිපාලන අර්බුදයකට මුහුණ දී සිටින ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම රූපවාහිනී නාලිකාවක් වන ස්වර්ණවාහිනියේ නව කළමණාකාර අධ්‍යක්ෂකවරයා වන අසංග එදිරිසිංහ සහ ඔහුගේ ගෝලයාවන තුෂාන් මීමනගේ දිනෙන් දින පහතවැටෙන ස්වර්ණවාහිනී ‘රේටින්ස්’ වැඩිකරගැනීම සඳහා LMRB (Lanka Market Research Bureau) වෙත අල්ලස් ලබාදුන් බව වාර්තා වේ.

මෙසේ අල්ලස් ලබාදීමේ මූලික අරමුණ මේ වනවිට ස්වර්ණවාහිනියේ පරිපාලන කටයුතුවලින් කොන්කරදමා සිටින හිටපු ප‍්‍රධාන විධායක බුද්ධික කුළසේකර සම්පූර්ණයෙන්ම කපාදමා ඔහු යටතේ පවතින ඉතිරි බලතලත් පවරාගෙන ඔහුව පන්නා දැමීමයි. බුද්ධික විසින් රාත‍්‍රී 8.30 හේ ටෙලිනාට්‍ය විකාශනය කළ කාලයට වඩා මේ වනවිට නව පරිපාලනය යටතේ එම කාලය තුළ වැඩි පේ‍්‍රක්ෂකයින් ප‍්‍රමාණයක් මෙම නාට්‍ය නරඹන බව පෙන්නුම් කිරීමට අලූත් ලොක්කන් උත්සාහදරමින් සිටී.

මෙම 8.30 විකාශන කාලය තුළ විකාශනය වන නාලන් මෙන්ඩිස් මහතා අධ්‍යක්ෂණය කළ ‘දූ දරුවෝ’ ටෙලිනාට්‍ය බුද්ධික කුලසේකරගේ ටෙලිනාට්‍යවලට වඩා ජනප‍්‍රිය බව පෙන්වීමට LMRB වෙත අල්ලස් දීම සඳහා අසංග සහ තුෂාන් මුදල් ලබාගෙන ඇත්තේ ‘දූ දරුවෝ’ ටෙලිනාට්‍යයේ නිෂ්පාදකවරයාවන ‘විනිල් මැනික්’ අධිපතිවරයාගෙනි.

ස්වර්ණවාහිනියේ ‘පාට්ටයිම්’ වැඩකරන අසංග එදිරිසිංහ ඔහුගේ ෆුල්ටයිම් ‘ජෙම්බිස්නස්’ එකේ ප‍්‍රධාන හවුල්කරුවා වන විනිල් මැනික් අධිපතිවරයාගෙන් LMRB යට පගාවදීම සඳහා ලක්ෂ 25ක් ලබාගෙන ඇති අතර, විනිල් මැනික් අධිපතිවරයා එම මුදල අසංග එදිරිසිංහට දී ඇත්තේ ‘දූ දරුවෝ’ ටෙලිනාට්‍යයේ ප‍්‍රධාන නිලියවන වත්සලා දියලගොඩ සමග පවත්වාගෙන යන සම්බන්ධතාවය නිසාය. තම අනියම් පෙම්වතිය වඩාත් ජනප‍්‍රියකරවා ගැනීමට විනිල් මැණික් අධිපතිවරයා සූදානම්බව දන්නා අසංග ඔහුට බෝලය බස්සා මෙම මුදල් ලබාගෙන තිබේ.

දැනට ‘ඊඒපී’ සිනමා ශාලාවන්හි ප‍්‍රධාන විධායකවරයා ලෙස කටයුතු කරන තුෂාන් මීමනගේ මේ හැම ක‍්‍රියාවකටම උල්පන්දම් දෙන්නේ දැනට තිබෙන තනතුරට අමතරව ස්වර්ණවාහිනියේ ඊලග ප‍්‍රධාන විධායකයා වීමේ සිහිනය සැබෑ කරගැනීමේ අරමුණෙනි.

මේ පිළිබදව කරුණු හෙළිකළ ස්වර්ණවාහිනී පරිපාලන නිලධාරියෙකු සඳහන් කර සිටියේ අතීතයේ ශ‍්‍රී ලංකාවේ අංක එකේ රූපවාහිනී නාලිකාව වූ ස්වර්ණවාහිනිය දැන් අසරණවාහිනියක් වී ඇති බවත්, ‘‘අනේ බොස්’’ (අසංග එදිරිසිංහ හැඳින්වීම සඳහා ස්වර්ණවාහිනියේ සේවකයන් භාවිතා කරන අන්වර්තනාමය) සහ ඔහුගේ ‘මීමන ගෝලයා’ ලඟදීම ස්වර්ණවාහිනිය භූමිදානය කිරීමට නියමිත බවත්ය.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter