Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

van fireඋතුරු කළුතර, ඇලමෝදර පාලම අසළදී වෑන් රථයක හටගත් ගින්නෙන් මියගිය පුද්ගලයින් සිව්දෙනා පිළිබද මහේස්ත්‍රාත් පරික්ෂණය අද පෙරවරුවේ පැවැත්විය.පොලිසිය ප්‍රකාශ කළේ අනතුරුව මියගිය පුද්ගලයින්ගේ ‍සිරුරු නාගොඩ රෝහලට රැගෙන ගිය බවය.

ඒ පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය නාගොඩ රෝහලේදී පැවැත්වීමට නියමිතය.විදුලි කාන්දුවක් හේතුවෙන් වෑන් රථයේ තිබූ අනාරක්ෂිත පෙට්‍රල් ටැංකියකට ගිනි ඇවිලීමෙන් මෙම ගින්න පැතිරී තිබේ.අනතුරින් දිවි ගලවා ගත් රියදුරු පොලිසියට පවසා තිබෙන්නේ වෑන් රථයේ මගීන් ගමන් ගන්නා කොටසේ සවිකර තිබු බහාලුමක් තාවකාලික පෙට්‍රල් ටැංකිය ලෙස භාවිත කළ බවය.

මෙම අනතුරින් වෑන් රථ රියදුරුගේ දරුවන් දෙදෙනා සහ ඔහුගේ ඥාතී කාන්තාවක් හා ඇගේ දියණිය මියගියේය.රියදුරු ඇතුළු 7 දෙනෙකු මෙහිදී තුවාල ලැබු අතර ඔවුන් කළුතර නාගොඩ ‍රෝහලේ ප්‍රතිකාර ලබති.අද අලුයම 12.45 ට පමණ සිදුවු එම අනතුරට මුහුණ පෑවේ හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

ඔවුන් බේරුවල ප්‍රදේශයේ අවමංගල්‍යය උත්සවයකට සහභාගී වී යළි එමින් සිටියදී අනතුරට ලක්විය.
අනතුරෙන් මියගිය දරුවන් දෙදෙනා අවුරුදු 6 ක හා 11 ක වයසේ පසුවිය.මියගිය මව 53 වැනි වියේ පසු වු අතර ජිවිතක්ෂයට පත් වු දියණිය 35 වියැති කාන්තාවකි.උතුරු කළුතර, ඇලමෝදර පාලම අසළදී සිව්දෙනෙකුට මරු කැඳවමින් වෑන් රථය ගිනි ගන්නා අයුරු පහත දර්ශනවල දැක්වේ.

එය ආධුනික ශිල්පියෙකු විසින් ජංගම දුරකථනයකින් පටිගත කරන ලද්දකි.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter