Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

imagesපසුගිය නත්තල් දා තංගල්ලේ ‘නේචර් රීෆ්’ හෝටලයේ සිදුවූ වෙඞ්තැබීමකින් මියගිය බි‍්‍රතාන්‍ය ජාතික කුරාන් ශේක් සමාන්ගේ මිනිමරුවන් අතින් දුෂණයට ලක්වූ ඔහුගේ පෙම්වතිය වූ රුසියානු ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රෝව්නා මේ වනවිට කන්‍යාවක් බවට පත්වී ඇතැයි වාර්තා වේ.
තම පෙම්වතාගේ මරණයෙන් අනතුරුව බරපතල කැපීම් තුවාල සහ ලිංගික අතවරයන්ට ලක්වූ වික්ටෝරියා, ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලූ කරන විට සම්පූර්ණයෙන් සිහිසුන්ව සිටි අතර, ඇය පරික්‍ෂා කළ රෝහල් අධිකරන වෛද්‍ය නිලධාරිනිය ඇගේ වාර්තාවේ සඳහන් කර සිටියේ වික්ටෝරියා කැපුම්තුවාල වලට අමතරව පිරිමින් කිහිපදෙනෙකු විසින් බලහත්කාරයෙන් දූෂණය කර ඇති බවයි.

අධිකරණ නිලධාරිනියගේ වාර්තාව විසිකර දැමූ රහස් පොලීසිය ඇයව අධිකරණ අවසරයකින් තොරවම ආරක්‍ෂක ලේකම්වරයාගේ නියෝගය පිට ඔහුට අයත් ඇපලෝ රෝහලට ඇතුල්කරන ලදි. ඉන් පසු ඇය පිළිබද කිසිදු තොරතුරක් මාධ්‍යයට වාර්තා නොවීය.පසුගිය ජනවාරී 06වන දා ඇයව ඇපලෝ රෝහලේ සිට දැඩි මුරකාවල් මැද හදුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා ගෙන ආ අතර ඇයට ලැබී තිබූ උපදෙස් පරිදිම ඇය විසින් තමා දූෂණයට ලක්කළ හෝ තම පෙම්වතා අමු අමුවේ මරාදැමූ කිසිම සැකකරුවෙකු හදුනා නොගත්තාය.

එදින රහස් පොලීසිය විසින් තංගල්ල මහේස්ත‍්‍රාත් අධිකරනයට ඉදිරිපත් කරන ලද ‘බී’ වාර්තාවේ ඇයව බලහත්කාරයෙන් ලිංගිකව දූෂණය කළායැයි කිසිදු චෝදනාවක් ගොනුනොකරන ලදි. ඇයද ඒ පිළිබදව නිහඩවම සිටියාය.මේ වනවිට බටහිර ලෝකයේ සුලභව සිදුකෙරෙන ‘‘කන්‍යාපටල අලූත්වැඩියා කිරීමේ සැත්කම’’ ඇයට මේ වනවිට ඇපලෝ රෝහලේ බලධාරීන් විසින් නොමිලේම කර ඇති බවට කරුණු ලැබී තිබේ. ඇය මෙම සැත්කම පිටින් කරගත්තේනම් වැයවන මුදල ඇමරිකානු ඩොලර් දසදහසකි. නැත්නම් ලංකාවේ නම් රුපියල් ලක්‍ෂ 14ක් පමණ වේ.

මේ මස 20වන දා නැවතත් තංගල්ල උසාවියට යන්නේ ‘බ‍්‍රෑන්ඞ් නිව් වික්ටෝරියා’ කෙනෙකි. අධිකරන වෛද්‍යවරු දහදෙනෙක් දැන් ඇයව පරීක්‍ෂාකලත් කීමට ඇත්තේ ඇයට කිසිම ලිංගික බලහත්කාරකමක් සිදුනොවි ඇති බවත්, ඇය කන්‍යාවක් බවත්ය. එසේ හෙයින් සෙවීමට ඇත්තේ කුරාම්ශේක් මැරුවේ කවුද යන්න පිළිබදව පමණි. වික්ටෝරියාට සුවසේ ගෙදර යා හැක.

පහුගිය නත්තල් මාසයේ ලංකාවට නිවාඩුවක් ගතකිරීමට සිය පෙම්වතා සමග පැමිනි වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රෝව්නා නම් වූ ගැහැනිය හෙට අනිද්දා නැවතත් ලංකාවෙන් පිටවී යන්නේ වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රෝව්නා නම් වූ මෙනවිය ලෙසෙනි. අපි සංචාරකයින්ට සලකන්නේ එසේය. අපේ වියදමින් ඔවුන් කන්‍යාවන් කරනු ලැබේ.

ලොවපුරා වෙසෙන කාන්තාවෙනි ඔබට නැවතත් කන්‍යාවියක් වීමට අවශ්‍යනම් ලංකාවට පැමිණෙන්න. තංගල්ලට යන්න. ගෝරියකට පැටලී ඔබ දූෂණය වූවායැයි කියන්න. සති දෙකක් තුළ ඔබගේ කන්‍යාභාවය පිලිසකර කරදෙනු ලැබේ.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter