Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

sexසමලිංගික පේ‍්‍රමය නිත්‍යනුකූල බව ඉන්දියානු රජය පිළිගෙන ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.සමලිංගික සබඳතා නිත්‍යනුකූල කරමින් දිල්ලියේ අධිකරණයක් 2009 දී ලබාදුන් තීන්දුවක් පිළිගන්නා බව ඉන්දියානු රජය දැන්වීමත් සමග මෙම තත්වය ඇතිවී ඇතැයි පැවසේ.

ඉන්දියාවේ බි‍්‍රතාන්‍ය පාලනය පැවැති කාලයේදී සමලිංගික පේ‍්‍රමය සාපරාධී ක‍්‍රියාවක් ලෙස සලකන ලදී.මෙම අධිකරණ නියෝගය අභියෝගයට ලක් කරමින් සමලිංගික පේ‍්‍රමයට විරුද්ධව ගතානුගතික කොටස් අභියාචනා කර තිබුණද ඒ සඳහා මෙතෙක් තීන්දු ලැබී නොමැති බවද පැවසේ.

සමලිංගික අයිතීන් පිළිබඳ ක‍්‍රියාකාරිකයන්ගේ අදහස් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මේ දිනවල විමර්ශනය කරමින් සිටින බවද මේ අතර, වාර්තා වේ.ඉන්දියානු රජය සමලිංගික පේ‍්‍රමය පිළිගනිමින් නිවේදනයක් නිකුත් කර ඇත්තේ එය සදාචාර විරෝධී කටයුත්තක් බව අධිකරණයේදී නීතිඥයන්ගේ දෝෂදර්ශනයට ලක්වීම නිසාය.

ඉන්පසුව නීතිඥයාගේ ප‍්‍රකාශය වහාම ප‍්‍රතික්ෂේප කළ රජය සමලිංගික පේ‍්‍රමය ගැන තම ස්ථාවරය ප‍්‍රකාශයට පත් කළේය.සමාන ලිංගිකයන් අතර පේ‍්‍රම සම්බන්ධකම් පැවැත්වීම 1860 දී බි‍්‍රතාන්‍යය ඉන්දියාවේදී තහනම් කරන ලද්දේ එමගින් ස්වභාවධර්මයේ අනුක‍්‍රමයට හානි වන බව කියමිනි.

ගතවූ දශකය තුළ ඉන්දියාවේ ප‍්‍රධාන නගර වූ නවදිල්ලිය, මුම්බායි සහ කල්කටා ප‍්‍රදේශවල සමලිංගික ක‍්‍රියාකාරිකයන්ගේ බලය තහවුරු වී ඇති බවද පැවසේ.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter