තනිව නිවසේ සිටි දෙදරු මවකට පෙරේදා (8 දා) ලෝක කාන්තා දිනයදා බලහත්කාරයෙන් ලිංගික අතවර කිරීමට තැත් කළ තරුණයකුගේ රහසඟ එම කාන්තාව විසින් මේස පිහියකින් කපා දැමූ පුවතක් තඹලගමුව 99 ප්‍රදේශයෙන් වාර්තා වේ.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයා දැනට නාවුක හමුදාවේ සේවය කරන 22 හැවිරිදි නාවුක භටයකු ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු කන්තලේ මූලික රෝහලේ 7 වාට්‌ටුවේ පොලිස් රැකවල් මත ප්‍රතිකාර ගනිමින් පසුවේ.
තම ස්‌වාමියා උදේ රැකියාවට ගිය පසු නිවසේ තනිව සිටින විට පිටුපස දොරෙන් ඇතුල් වී සැකකරු තමාව බදාගෙන අතවර කරන්නට තැත් කළ බවත්, පොර බදිමින් කුස්‌සියේ මේසය ළඟට ආවිට මේස පිහිය හමුවී එය රැගෙන තමන් මෙම ක්‍රියාව කළ බවත්, සැකකරු පැනගිය අතර තමන් පොලිසියේ 119 අංකයට කතා කොට සිද්ධිය පැවසූ බවත් දෙදරු මව තඹලගමුව පොලිසියට දී ඇති කටඋත්තරයේ සඳහන් වේ.
වහාම ක්‍රියාත්මක වූ තඹලගමුව පොලිස් ස්‌ථානාධිපති පී. අබේරත්න මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්‌ඩායමක් ලද තොරතුරු මත හඹාගොස් කන්තලේ මූලික රෝහල් පරිශ්‍රයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.සැකකාර තුවාලකරු පෙරේදා (8 දා) රාත්‍රි ශල්‍යකර්මයකට භාජනය කළ බැව් රෝහල් ප්‍රකාශිකාවක් සඳහන් කළාය.
Post a Comment
Your comment will be visible after approval