Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

එක්‌සත් රාජධානිය නියෝජනය කරමින් විශ්ව රූ රැජින තරගයට ඉදිරිපත්වන්නට තරග කරන ප්‍රථම මුස්‌ලිම් ජාතික තරුණිය වන විසිහතර හැවිරිදි ශානා බුකාරි හට පසුගිය සතියේ ඉස්‌ලාමීය මූලධර්මවාදීන් මරණීය තර්ජන එල්ලකොට තිබේ.

බ්ලැක්‌ බර්න් හි උපත ලද ඇය තම උපාධිය අවසන් කළ පසු පූර්ණ කාලීන මෝස්‌තර නිරූපිකාවක ලෙස කටයුතු කරනවා. 

ඇය මෙම තරඟයට ඉදිරිපත් වන බව සදහන් වූ පුවතත් ලිපියකින් පසු යට මෙම තර්ජන එල්ල වී තිබේ.එයට පෙර සිටම ඇයගේ ෆේස්බුක් ගිණුමට දිනකට පණිවුඩ 300 ක් පමණ ඇයට බැන වදිමින් ලැබී ඇත. 

ඉස්ලාමිය මුලධර්මවාදීන්ගේ මෙම විරෝධය එල්ල වන්නේ ඇය මුස්ලිම් ආගමට නිගරු කරන බවත් මුස්ලිම් කාන්තාවකට එවැනි දේ සුදුසු නොවන බව පවසමිනි.

ඇය පවසන්නේ ඇයට අවශ්‍ය මුස්ලිම් ආගම නියෝජනය කිරීම නොව ඇයගේ රට වෙනුවෙන් ඉදිරිපත් වීම බවයි.ඇයගේ දෙමව්පියන් පකිස්ථානයේ වුවත් ඇය තම නිජ භුමිය ලෙස සලකන්නේ එක්සත් රාජධානියයි.


එක්‌සත් රාජධානියේදි ලබන මැයි 01 වැනිදා පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගයෙන් ජයගතහොත් ශානා බුකාරි බ්‍රසීලයේදී පැවැත්වෙන විශ්ව රූ රැජින තරගාවලියට එක්‌සත් රාජධානිය නියෝජනය කරමින් තරඟ වැදීමට අවස්ථාව හිමි කරගන්නවා.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter