ඊයේ (16) උදෑසන කොළොඹ නුවර ප්‍රධාන මාර්ගයේ කිරිකඩේ මංසන්ධියේ බස් රථයක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීම හේතුවෙන් මෝටර් රථයේ ගමන් ගත් එකම පවුලේ මව පියා සහ අවරුදු එකහමාරක් වන ඔවුන්ගේ දරුවාද මරුමුවට පත්වී තිබෙනවා.
මෙම අනතුර සම්බන්ධව බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනතුරෙන් මිය ගිය කහතුඩුවේ තනුජ් අනතුරට පත් මෝටර් රථය මිලදී ගෙන ඇත්තේ මෑතකදී වන අතර එම රථය මිලදී ගැනීමේදී ඔහුගේ බොහෝ මිතුරන් එය මිලදී ගැනීමට විරුද්ධ වී තිබෙනවා.
එයට හේතුව වන්නේ මෝටර් රථයේ අංක තහඩුවේ ඉලක්කම්වල එකතුව 13 වීමයි.
නමුත් තනුජ් එම මෝටර් රථය මිලදීගෙන ඇත්තේ එම මිත්‍යා මත උපහාසයෙන් බැහැර කරමින්.නමුත් දෛවයේ සරදමකට මෙන් ඔහු මිලදී ගත් මෝටර් රථය ඔහුගේ මුළු පවුලටම අවාසනාව ගෙනවිත් තිබෙනවා.