Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

උපේක්ෂා පසු ගිය දිනක දෙරණ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ෂෙහාන් බරණගේ මහතාට බැන වැදුනු සිදු වීමම පිලිබදව වඩා විස්තර සහිතව සති අන්ත පුවත් පතක වාර්තා වනවා.පහත දැක්වෙන්නේ එයයි.

පසුගිය සතියේ පැවැත්වීමට නියමිතව තිබු 360 වැඩසටහනට සහභාගී වීමට නියමිතව තිබුනේ විජිත් විජයමුණි සොය්සා මහතාටය.නමුත් අවසාන මොහාතේ තමන්ට හදිසි රාජකාරියක් පැවරුණු බව කියමින් ඔහු ඊට සහභාගී වීමට නොහැකි බව කියා සිටියේය.මේ නිසා වඩාත් අපහසුතාවයට පත් දෙරණ නාලිකාව අවසානයේ තීන්දු කලේ පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් උපේක්ෂා සහභාගී වූ වැඩසටහන නැවත විකාශය කිරිමටය.
මේ ආකාරයට එම වැඩසටහන නැවත වරක් විකාශය වුවත් සමග උපේක්ෂාට නැවත වරක් හතර වටින් දුරකථන ඇමතුම් ලැබෙන්න වූ අතර එහිදී කතා කල බොහෝ දෙනා අගේ දේශපාලන නොදනුවත්බව පිලිබදව හාස්‍යයෙන් යුතුව කතා කල නිසා උපේක්ෂා සිටියේ දැඩි කෝපයෙන්ය.


මේ නිසා උපේක්ෂා කලේ දෙරණ නාලිකාවේ ප්‍රවෘති අංශයේ ප්‍රධානියා වූ ෂෙහාන් බරණගේ මහතාට දුරකථන ඇමතුමක් ලබා දීමයි.ෂෙහාන්ට දුරකථන ඇමතුමක් ලබා දුන් උපේක්ෂා ඔහුට දිගට හරහට බැන වදිමින්
 

"තමුසෙලා මොනවද මේ කරන්නේ? කාගෙන් අවසර අරගෙනද මේක ආයෙත් TV එකේ පෙන්නුවේ?"යනුවෙන් විමසා සිටියාය.

ඊට ඉතාමත් සන්සුන් ආකාරයෙන් පිළිතුරු දුන් ෂෙහාන් මහතා පළමුවෙන්ම කියා සිටියේ ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් බැවින් ඉවසීමෙන් යුතුව ප්‍රකාශ සිදු කරන ලෙසයි.
නමුත් ශෙහාන්ගේ වචනවලට ගරුසරුවක් නොකළ උපේක්ෂා දිගින් දිගටම කලේ බැන වැදීම නිසා ෂෙහාන් කලේ ඇමතුම විසන්දි කිරීමයි.
 

එසැනින් නැවත වතාවක් ශෙහාන්ගේ දුරකතනයට කතා කල උපේක්ෂා


"මම ඇනගත්ත ප්‍රෝග්‍රෑම් එකක් මොකටද යකෝ පෙන්නන්නේ,තමුසෙලට ඔහොම රිපීට් කරන්න ඕන නම් මගෙන් අහන්න තිබුන.ඇයි මගෙන් ඇහුවේ නැත්තේ?"

එහිදී ෂෙහාන් බරණගේ මහතා කියා සිටියේ වරක් රුපවාහිනියේ විකාශය වූ වැඩසටහනක් නැවත විකාශය සදහා එසේ අනුමැතියක් අනවශ්‍ය බවයි.
එහිදී දැඩි කෝපයට පත් උපේක්ෂා

"මම උඹල පස්සේ පන්නනවා,උඹලට යහතින් ඉන්න දෙන් නෑ" කියද්දී 
 ෂෙහාන් කියා සිටියේ කරුණාකර වැදගත් විදියට කතා කරන ලෙසයි. 

"ඔබ තුමී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්.ඔහම කතා කරන එක ඔබතුමිට ගැලපෙන් නෑ.ඉස්සෙල්ල කතා කරන්න ඉගෙන ගන්න".කියමින් නැවත වතාවක් ෂෙහාන් ඇමතුම විසන්දි කළේය.

එසැනින් නැවතත් උපේක්ෂා ශෙහාන්ගේ දුරකතනයට ඇමතුමක් ගත්තාය. 

"ඔයිට වඩා හොදයි ඕයි තමුසෙලගෙ......ගෙනල්ලා රෙද්ද ගලවල පෙන්නුවානම්" යනුවෙන් පවසද්දී ශෙහාන්ගේ ඉවසීමේ සීමාවද ඉක්මවා ගියේය.
 

"මේ උපේක්ෂා , මෙච්චර වෙලා මම ඔයාට හොදින් කතා කලා.ඔයාගේ ඔය ලස්සන මම හෙට උදේ රටටම කියනවා." කියද්දී උපේක්ෂා 
දුරකථනය විසින්දී කොට ඇත.පසුව උපේක්ෂාගේ දුරකතනයෙන් ෂෙහාන්ට SMS පනිවිදියක් ලැබුන අතර එයින් කියවුනේ "I HATE YOU ALL "යනුවෙනි.


ඉන්පසු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇමතු ෂෙහාන්, උපේක්ෂා තමාට කල තර්ජනය පිළිබද සියලු තොරතුරු පිළිබද දැනුවත් කළේය.ඉන් පසුව මතු ආරක්ෂාව සදහා ජනමාධ්‍ය අමාත්‍ය වෙත ලියුමක් යොමු කරමින් ෂෙහාන් බරණගේ මහතා පවසා ඇත්තේ තමාගේ ජිවිතයට යම් හානියක් වුවහොත් එයට වගකිව යුත්තේ උපේක්ෂා මන්ත්‍රී වරය බවය.

ප්‍රවීන චිත්‍රපට නළු/ අධ්‍යක්ෂ ජැක්සන් ඇන්තනිගේ දුව මාධවී වත්සලා එළබෙන දෙවන දා විවාහ විමට සුදානම් වනවා.ඒ ප්‍රවීන කලාකරුවෙක් වන හේමසිරි ලියනගේ ගේ පුතුණුවන් වන ආලෝක සුවන්න ලියනගේ සමගින්.

ඔහු වෘතියෙන් ශල්‍ය වෙද්‍යවරයෙක්.ඔවුන් ගේ ප්‍රේම සම්බන්ධතාවය ගොඩ නැගී ඇත්තේ මාධවී අසනීපව රෝහල්ගතවූ අවස්ථාවකයි.මේ වනවිට මාධවීට වයස අවුරුදු 22 ක් වනවා.විවාහ උත්සවය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විමට සුදානම් කර ඇති අතර එදින උදැසන දෙව්මැදුරේ දේව මෙහය පැවැත්වෙන්නේ කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි දෙව් මදුරෙය

සතිඅන්ත පුවත්පත්වල තරු කියන කතා


ෆේස්‌ බුක්‌ එකේ ඉන්නේ මම නෙමෙය-අරුණි රාජපක්‍ෂ



ඔබේ රසිකයන්ට දන්න කියන අයට කියන්න විශේෂ පණිවුඩයක්‌ තිබෙන බව ආරංචියි ?
ඒ පණිවුඩය තමයි මම ෆේස්‌ බුක්‌ එකේ නැහැ කියන එක. මගේ නමින් මගේ ඡායාරූප යොදාගෙන ගොඩක්‌ අය ෆේස්‌ බුක්‌ පහසුකම් හරහා පිරිමි ළමයින් එක්‌ක කතා කරනවාලු. මගේ යාළුවොත් ගොඩක්‌ වෙලාවට එහෙම කතා කරල තියෙනවා. ඒ නිසා ඒ හැමෝටම කියන්නේ මේක බොරුවක්‌. මගේ නමින් ආවට කා එක්‌කවත් කතා කරන්න එපා. ඒ හැමෝම කරන්නේ ලොකු බොරුවක්‌.


ඇගේ නමින් සාදා ඇති ව්‍යාජ ගිණුම
-------------------------------------------------------------------------------------------------------------------

ජනප්‍රිය හින්දා කටකතා හැදෙනවා ඇති - සමිතා 



මොකක්‌ද මේ දවස්‌වල පැතිර යන කට කතාව ?
ඒකනම් මම දන්නේ නැහැ. ඒවා හදන කට්‌ටියගෙන්ම තමයි අහන්න වෙන්නේ. මම ඔය සම්බන්ධව කිසි දෙයක්‌ දන්නේ නැහැ.

ඔබ අතුල සමග දික්‌කසාද වෙන්න යනවා කියන්නේ ඇත්තද?
මම ඉන්නේ එයත් එක්‌ක තමයි.

එහෙනම් අතුල විවාහ වෙන්න යනවා කියන්නේ ?
අතුල මාත් සමග විවාහ වෙලයි ඉන්නේ.

ඇයි මේ වගේ කට කතා හැදෙන්නේ ?
අපි සංගීත ක්‍ෂේත්‍රයට ඇතුළු වුණ මුල් කාලයේ පටන් ජනප්‍රිය නිසා මේ වගේ කට කතා හැදෙනවා ඇති.

මේ දේවල් නිසා ඔබ විදෙස්‌ගත වෙන්න යනවා කියන්නේ ඇත්තද?
මමවත් දන්නේ නැහැ මම විදෙස්‌ ගත වෙන්න යනවා කියලා. අනිත් කට්‌ටිය කොහොම දන්නවද කියලා මම නම් දන්නේ නැහැ.
 

කොහොමද අතුල සමග ගෙවීගිය කාලය ?
සතුටින් ගෙවී ගියා. 
අපවෙත වාර්තා වන අන්දමට අතුල දැන් ප්‍රසිද්ධියේම සිය නව පෙම්වතිය සමග ගමන් බිමන් යෙදෙනවාලු.
----------------------------------------------------------------------------------------------------------------------

අපිට නම් තාම එහෙම හදිසියක්‌ නැහැ - නෙහාරා පීරිස්



වැඩිපුර කැමැති කළු අයටලු නේද? 
ඔව්. මම හිතන්නේ මගේ පාටට වඩා වෙනසක්‌ තියෙන නිසා වෙන්න ඇති එහෙම කැමැත්තක්‌ තියෙන්නේ.
 
පොඩියට සිටියට හැමෝත් එක්‌කම රණ්‌ඩු වෙනවා නේද?
අනේ මම එහෙම කෙනෙක්‌ නෙමෙයි.

එහෙනම් සමහර අය ඉන්න වැඩවලට යන්නේ නැත්තේ ඇයි?
සමහර අය ඉන්නවා එකට වැඩ කරන්න ආශ්‍රය කරන්න අමාරුයි. එහෙම අය ඉන්න තැන්වලට නම් මම යන්නේ නැහැ තමයි. නිතරම ඉරිසියාවෙන් ඉන්න මූණ ඇඹුල් කරගෙන ඉන්න අයත් එක්‌ක වැඩ කරන්න අමාරුයි.

රංගනයෙන් යෑපෙන්නේ නැත්නම් ඇයි ඔයා අසාධාරණ විදිහට ලොකු ගාණක්‌ ඉල්ලන්නේ.?
මම හිතන්නේ නැහැ මම යම්කිසි නිර්මාණයකට ඉල්ලන මුදල අසාධාරණය කියලා. අපේ වටිනාකමට හොඳ මිලක්‌ තිබිය යුතුයි. මගේ මුදල දෙන්න බැරිනම් මම යන්නේ නැහැ.

දෙන්නෙක්‌ කසාද බැන්දම දරුමල්ලන්ගේ මූණබලන්න තියෙන්නෙ පුදුම හදිස්‌සියක්‌?
අපිට නම් තාම එහෙම හදිසියක්‌ නැහැ. මහත්තයටත් එහෙමයි.

ඇයි මහත්තයා කැමැති නැද්ද දැන්ම දරු සුරතල් දකින්න ?
එහෙම අකැමැති නිසා නෙමෙයි එයා කියනවා මමත් තාම පොඩි නිසා එයාට එක පාරට බබාල ගොඩක්‌ බලා ගන්න බැහැ කියලා.

එහෙම නම් ඇයි මේ පුංචි වයසෙන්ම කසාද බැඳගත්තේ.
අපි දෙන්න ආදරය කළා . ඉතින් අපිට හිතුනා. ඇයි අපි තවත් පරක්‌කු වෙන්නේ. අනිත් එක තමයි එයාගෙන් ලැබෙන සහයෝගය මට ගොඩක්‌ වටිනවා. ඒවගේම කට කතා හැදෙන ප්‍රමාණයත් ටිකක්‌ අඩු වෙනවනෙ. ගොඩක්‌ අය බඳින්නේ නැත්තේ ජනප්‍රියත්වය අඩුවෙවි කියල බයට. නමුත් මට එහෙම දෙයක්‌ බලපෑවේ නැහැ.

ඒ කියන්නේ දැන් කට කතා නැහැ කියලද?
කට කතා හැදෙන එකනම් නතර වෙලා නැහැ. ඒත් දැන් එයා මං ගැන හැමදේම දන්නවනේ .
 

----------------------------------------------------------------------------------------------------------------------

එයා වර්ණකුලසූරිය. මම වර්ණසූරිය -උදයකාන්ත



එක වගේ නමක් නිසා උදයකාන්ත වර්ණසූරියට මේ දිනවල මුහුණ දෙන්න වෙලා තිබෙන්නේ ලොකුම අකරතැබ්බයකට. පසුගිය දිනවල වංචා සිද්ධියකට නම ගෑවුණු නිළියක් වන උදාරි චාමිකාගේ නමේ අග කොටස උදයගේ නමේ අග කොටසට ගළපගෙන බොහෝ දෙනෙක් ඔහුට දුරකථන ඇමතුම් දෙනවාලු. 
සමහර දවසට රාත්‍රි කාලයේත් ඔහුට මේ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු දෙන්නට වෙනවාලු. කෙසේ නමුත් මේ ප්‍රශ්න අහන හැම දෙනාටම ඔහු කරුණු පැහැදිලි කරන්නට පසුගිය දිනක අපිත් සමඟ එක්වුණා.

ඇත්තට බොහෝ දෙනෙක් ප්‍රශ්න කරන්නේ ඒ නිළිය මගේ ඥාතියෙක්ද කියලා අහලයි. සමහරු මගෙන් අහනවා ඒ මගේ දුවද කියලත්. ඉතින් මේ ප්‍රශ්නෙදි මට කියන්න තිබෙන්නේ ඔය කියන නිළිය මගේ චිත්‍රපටයකින් ක්ෂේත්‍රයට ආවා තමයි.

ඒ ආවෙත් සම්මුඛ පරීක්ෂණයකින් තේරිලා.ඒ ඇරුණම ඇයත් සමඟ මගේ කිසිම ඥාති සම්බන්ධයක් නෑ. අනිත් පැත්තෙන් නම් දෙකේත් පොඩි වෙනසක් තිබෙනවා. ඇය වර්ණකුලසූරිය. මම වර්ණසූරිය. 

මේ දෙක පටලවාගෙන තමයි බොහෝ දෙනෙක් මගේ ඥාතියෙක් කියලා හිතලා මට දුරකථන ඇමතුම් දෙන්නේ.

අයවැය විවාදයේදී අදහස්‌ ප්‍රකාශ කරමින් සිටි දයාසිරි ජයසේකර මහතා ජනාධිපතිවරයා කළ කතාවක්‌ වෙබ් අඩවියක් ඔස්‌සේ ජංගම දුරකතථයට ලබාගත් බව පවසමින් එය ක්‍රියාත්මක කර මයික්‍රපෝනය වෙත ළං කළේය.

මේ අවස්‌ථාවේදී
පටිගත කළ කතා සභාවට ගෙන එන්නට මන්ත්‍රීවරයකුට අවසර නැතැයි නියෝජ්‍ය කතානායක වරයා කියූ අතර ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගට විරෝධය පළ කළ කරන්න වූහ.
දයාසිරි ජයසේකර :
"මේ රටේ ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක්‌ එතුමාගේ කතාවක්‌ ඉදිරිපත් කරනවාට ආණ්‌ඩුවේ මන්ත්‍රීවරු කැමැති නෑ. මම හෙටම ජනාධිපතිතුමාට මේ ගැන කියනවා".

දිනේෂ් ගුණවර්ධන :

"නියෝජ්‍ය කතානායක තුමනි, වහාම මේ ජංගම දුරකථනය අත්අඩංගුවට ගන්න".

නියෝජ්‍ය කතානායක:

"ඔය යන්ත්‍රය ක්‍රියාවිරහිත කර මහලේකම්ට භාර දෙන්න".

ඒ අනුව දුරකථනය ලේකම් මණ්‌ඩලයට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා
විසින් බාරදුනි


දයාසිරි ජයසේකර :
"මම රටේ ජනාධිපති තුමා කළ කතාවක්‌ අරන් කතා කළේ. ඒකෙන්ම තේරෙනවා තමුන්නාන්සේලා ජනාධිපතිතුමාට කොතරම් විරුද්ධද කියලා".

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ කතාව අවසන් වූ පසු ලේකම් මණ්‌ඩලය විසින් යළි අදාළ ජංගම දුරකථනය ඔහු වෙත භාර දුන්නේය.


අපට වාර්තා වන ආකාරයට දයාසිරි ජයසේකර මන්ත්‍රී වරයා උත්සහ කොට ඇත්තේ ජනාධිපති විසින් 2005 ජනපතිවරණයේදී රු. 2500 කින් පඩි වැඩි කරන බවට කල කතාව විකාශය කිරීමටයි. 

මේ අතර නුවර පැවති මෙගා ස්ටාර් අජිත් වීරසින්හ පිලිගන්න පැවත්වූ උත්සවය සදහා නුවර මැති ඇමතිවරුන් වන අමුනුගම,කෙහෙලිය වැනි අය සහභාගීන් නොවුනත් තිස්ස අත්තනායක ඇමතිවරයා ගොස් ඇත.මේ බව දැනගත් දයාසිරි ජයසේකර තිස්ස විසින් සංවිධානය කල කුන්ඩසාලේ පැවති ග්‍රාම චාරිකා සදහා සහබාගි වී නොමැත

කේන්දරයට අනුව තවත් අවුරුද්දකින් චතුරිකා හා රොෂාන් විවාහ වන බව රසදුන අතිරේකයට ඔවුන් කියා සිටිනවා.පහත දැක්වෙන්නේ එම සාකච්චාවේ කොටස් කීපයකි.



ඔබත් රොෂානුත් පවත්වාගෙන යන ‘චලරූ’ ටෙලිනාට්‍ය නිෂ්පාදන ආයතනයේ වැඩ කටයුතු හොඳින් කෙරෙනවාද?

ඔව් අපේ ‘චලරූ’ ආයතනය ටෙලිනාට්‍ය ගණනාවක් ම කළා. මේ ආයතනයේ වැඩ ගොඩක් දුරට බලා කියාගන්නේ අපේ තාත්තා. රොෂානුයි මමයි දෙන්නම කාර්ය බහුල නිසා ව්‍යාපාරයට හිත යොදවන්න අපිට වෙලාවක් නෑ. තාත්තා ඒ වැඩ ඉතාම හොඳින් කරනවා. හැබැයි අපේ ආයතනයේ උපකරණවලින් ටෙලිනාට්‍යයක වැඩ කටයුතු කරන විට එම ස්ථානයේ රැඳී ඉන්න අපි දෙන්නම උත්සාහ කරනවා.

අලුත් ගෙයි වැඩ ඉවරද?

අපේ අලුත් ගෙයි වැඩ කටයුතු තවම කරගෙන යනවා. ගේ හදන්නෙ මහරගම. පසුගිය කාලෙ රොෂාන්ටයි මටයි වැඩ අධිකව තිබුණු නිසා ගෙයි හදන වැඩ කටයුතු සොයා බලන්න වෙලාවක් තිබුණේ නෑ. ඒ නිසා තාවකාලිකව ගෙයි වැඩ නවත්වලයි තියෙන්නෙ. ලබන අවුරුද්දෙ මැද වගේ වන විට ගෙයි වැඩ සියල්ලම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.

රොෂාන්ගෙයි ඔබගෙයි විවාහය තවත් කල්යයිද?

අපි දෙන්නගෙ කේන්දරවලට අනුව අපේ විවාහය සිදුවිය යුත්තේ 2011න් පසුව. ඒ නිසා විවාහ වෙන්න තව අවුරුද්දක් විතර ඉවසන්න වෙනවා. රොෂාන්ටවත් මටවත් කිසිම හදිස්සියක් නෑ විවාහ වෙන්න. මොකද අපි දෙන්නම කාර්ය බහුලයි. මේ දවස්වල දෙන්නගෙම ගෙවල්වලින් විවාහය ඉක්මන් කරන්න කියල බල කිරීමකුත් නෑ. ඒ නිසා නිසි වෙලාව ආ විගසම අපේ විවාහය සිදුවේවි. මගේ ආදරණීය රසික රසිකාවියන්ට විවාහය ගැන අනිවාර්යයෙන්ම කියනවා.

මෙගාස්ටාර් තරගයේ මාර්කටින් ප්ලෑන් ගැන රජිව් හෙළි කරයි.


මෙවැනි තරග විනිශ්චය කිරීමේදී ඔබට බලපෑම් ඇතිවුනේ නැද්ද?   

අවසාන තරගයට කලින් නිෂ්පාදන කණ්ඩායමේ කෙනෙක් අපි හමුවෙන්න ආවා.ඔහු කිව්වා සුරෙෂ්ට ප්‍රේක්ෂක ආකර්ෂණය අඩු බව.අජිත් වගේ කෙනෙක් අවොතින් මිනිස්සු උඩ යාවි. 
 වැඩසටහනට "මාර වටිනාකමක්" ඒවි කියලත් කිව්වා. 
එනිසා පරිස්සමින් ලකුණු දෙන්න කියන දේ අපිට කිව්වා. 

හරි විදියට නම් අවසන් තරගයට එන්න තිබුනේ උපේක්ෂ ,සුරේෂ් හා දයාසිරි.සුරේෂ් තුන්වෙනියා කිරීමෙනුත් උපේක්ෂා හතරවෙනිය කිරීමෙනුත් ඔවුන්ට ලොකු අපහාසයක් කළා.සජිවිව හොදින් ගිත ගායන කලේ දයාසිරි ජයසේකර.

සුපිරි තරු තෝරන වැඩසටහනකදී ඔබට සමහර අය කිව්වා ඔබේම කියල ගීතයක් නැහැ කියල. මේ නිසාද ඔබ සංයුක්ත තැටියක් කලේ?

ඔතන සමහර අය කියන වචනය පාවිච්චි කරන්න එපා. ඔය කතාව කිව්වේ අජිත්.මට ජනප්‍රිය වුන මගේම ගීත තියනවා.විදුරු මල්,කැළණි විහාරය කියන ගීත ජනප්‍රියයි.මම ජනප්‍රිය වුනේ එස්.එම්.එස් වලින් නෙවෙයි.හැබෑ ජනතා කැමැත්තෙන්.සල්ලි වියදම් කරලා මම ගායකයෙක් වුනේ නෑ.


ඔය කියන පුද්ගලයට සින්දුවක් තියා කවියක්වත් හරියට කියන්න බෑ කියල ප්‍රේක්ෂකයන් දැක්ක.ඔහු වරක් මට නරියා කියන වචනය බාවිතා කළා.ඒ වෙලාවේ ෂර්ලි කිව්වා මේ සිද්දිය දන්නා එපා කියා, මම ස්වර්ණවාහිනියට කිව්වා "නැහැ දාන්න කියල".කතාබහකින් පස්සේ ප්‍රේක්ෂකයා තේරුම් ගන්නවා ඔය කියන පුද්ගලයා මොන විදියේ කෙනෙක්ද කියල.

දීර්ඝ කාලයක් ඉදල අවසාන තරගයට සහබාගි වෙන්න බැරිවුණා එක ගැන මොකද හිතෙන්නේ?
එක මගේ ජිවිතයේ ගනු ලැබූ හොදම තින්දුවක්.කාලකන්නි අත්දැකීමක් ලබාගෙන එකෙන් සල්ලි ගන්නවට වඩා පුරුදු රස්සාවෙන් සල්ලි ටිකක් හම්බ කරගැනීම ගැන සතුටු වෙනවා.




More Information ..

පසුගියදා ලංකාවේ පැවති තරගයකදී පෞද්ගලික ආරක්ෂකයන් දෙදෙනෙකු වැරදි නියෝගයක් මත තරගය පැවැත්වෙන අතරතුර පිටියට ආ අයුරු බොහෝ දෙනෙක්ගේ හාස්‍යට ලක්වුනා.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අපහාස වන අන්දමේ වීඩියෝ දර්ශන සහිත ජංගම දුරකතනයක් ලග තබාගෙන සිටි මාතලේ,දුනුකෙවත්ත පදිංචි තරුණයෙකු රත්තොට පොලීසය විසින් පසුගිය 21 වනදා අත්අඩංගුවට ගෙන ඇත.


Stupid History: Tales of Stupidity, Strangeness, and Mythconceptions Throughout the Ages
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සමග අපහාසාත්මක වීඩියෝ දර්ශන සහිත දුරකතනයද තිබී ඇත.මෙම වැටලීම සිදු කොට ඇත්තේ රත්තොට ප්‍රාදේශීය සබා මන්ත්‍රී ජයන්ත පුෂ්පකුමාර මහතාගේ පැමිණිල්ලකට අනුවය.
The Blind Side 

පසුගිය දිනවල වඩාත් කතාබහට ලක්වූ මෙගා ස්ටාර් අවසන් තරගයේ ජයග්‍රාහකයා වන අජිත් වීරසිංහ වෙත තෑගි ලබාදීම පසුගිය දිනෙක සිදු කෙරුණා.ඒ නවතම මෝටර් රථයක් සහ නවීන නිවසක්.
Stupid History: Tales of Stupidity, Strangeness, and Mythconceptions Throughout the Ages
ඔවුන්ම පවසන පරිදි සංවිධානය කර තිබුනේ චාම් උත්සවයකි.අවසන් තරගයේදී මෙම තෑගි සංකේතාත්මකව ලබදීමට සුදානම් කර තිබුනත් ඇති වූ කලබලය හෙයින් ඒවා ලබාදීමට නොහැකි විය.


එයට අදාල වීඩියෝව
 



විදේශ රැකියා ලබාදෙන මුවාවෙන් ලක්ෂ ගණනාවක මුල්‍ය වංචාවක් සිදුකර ලද ජනප්‍රිය ටෙලි නාට්‍ය ශිල්පිනියකට එරෙහිව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ පැවැති නඩු විභාගයකදී රු 270000 මුදල් දඩයක් සහ එක් නඩුවකට රු දෙලක්ෂය බැගින් වු ශරීර ඇප දොළහක් නියම කොට ඇත.

සැකකාරිය විසින් වරින්වර පුද්ගලයින් හය දෙනෙකුගෙන් රුපියල් එක්ලක්ෂ විසිදහසකුත්, හෑත්ත දහස බැගින් හතර දෙ‍නකු‍ගෙන් හා අසුදහස බැගින් එක් අයකුගෙනුත් මුදල් ලබාගෙන ඇත.එම 
මුදල් ලබාගත් බවට ඇය විසින් අධිකරණය හමුවේ පිළිගැනීම නිසා ඉහත දඩුවම් නියම කොට ඇත.මෙම සැකකාරියට එරෙහිව ඊයේ සවස් කාලයේදී ද අම්බලන්ගොඩ මුලස්ථාන පොලීසියට පැමිණිලි ලැබෙමින් තිබිණි.
Kindle Wireless Reading Device, Wi-Fi, 6" Display - with New E Ink (Pearl) Technology 

නව ජ්‍යෙෂ්ඨ ඇමතිවරු

අග්‍රමාත්‍ය දි. මු ජයරත්න-බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා

රත්නසිරි වික්‍රමනායක- යහපාලනය හා යටිතල පහසුකම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා

ඩිව් ගුණසේකර - ‍මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා

අතාවුද සෙනෙවිරත්න - ග්‍රාමීය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා

පී. දයාරත්න - ආහාර හා පෝෂණය පිලිබඳව

ඒ.එච්.එම් ෆවුසි - නාගරික කටයුතු පිළිබඳව

එස්.බී නාවින්න - පාරිභෝගක සුබසාධන කටයුතු පිළිබඳව

පියසේන ගමගේ - ජාතික සම්පත් පිළිබඳවද

තිස්ස විතාරණ - විද්‍යා කටයුතු පිළිබඳව

ආචාර්ය සරත් අමුණුගම - ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳව

නව කැබිනට් ඇමතිවරු



01.    නිමල් සිරිපාල ද සිල්වා මහතා         - වාරිමාර්ග හා ජලකළමනාකරණ අමාත්‍ය

02.    මෛත්‍රීපාල සිරිසේන මහතා        - සෞඛ්‍ය අමාත්‍ය

03.    සුසිල් ප්‍රේමජයන්ත මහතා        - ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය

04.    ආරුමුගන් තොන්ඩමාන් මහතා         - පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය

05.    දිනේෂ් ගුණවර්ධන මහතා        - ජලසම්පාදන හා ජලාපවාහන අමාත්‍ය

06.    ඩග්ලස් දේවානන්ද මහතා        - සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය

07.    ඒ.එල්.එම් අතාවුල්ලා මහතා        - පලාත් පාලන හා පළාත් සභා අමාත්‍ය

08.    රිෂාඩ් බදුයුදීන් මහතා            - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය

09.    පාඨලී චම්පික රණවක මහතා        - විදුලිබල හා බලශක්ති අමාත්‍ය

10.    විමල් වීරවංශ මහතා            - ඉදිකිරීම්, ඉංජිනේරුසේවා, නිවාස හා පොදු පහසුකම්

11.    රාවුෆ් හකීම් මහතා                  - අධිකරණ අමාත්‍ය

12.    බැසිල් රාජපක්ෂ මහතා            - ආර්ථික සංවර්ධන අමාත්‍ය

13.    වාසුදේව නානායක්කාර මහතා        - ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය

14.    එස්.බී දිසානායක මහතා                  - උසස් අධ්‍යාපන අමාත්‍ය

15.    ජී.එල් පීරිස් මහතා                          - විදේශ කටයුතු අමාත්‍ය

16.    ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා        - රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය

17.    සුමේධා ජී ජයසේන මහත්මිය        - පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය

18.    ජීවන් කුමාරතුංග මහතා                 - තැපැල් සේවා අමාත්‍ය

19.    පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය        - තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය

20.    අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍ය         - පරිසර අමාත්‍ය

21.    තිස්ස කරලියැද්ද මහතා                   - ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය

22.    ගාමිණී ලොකුගේ මහතා                 - කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය

23.    බන්දුල ගුණවර්ධන මහතා              - අධ්‍යාපන අමාත්‍ය

24.    මහින්ද සමරසිංහ මහතා                 - වැවිලි කර්මාන්ත අමාත්‍ය

25.    රාජිත සේනාරත්න මහතා              - ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය

26.    ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා    - ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය

27.    ෆීලික්ස් පෙරේරා මහතා                 - සමාජ සේවා අමාත්‍ය

28.    සී. බී රත්නායක මහතා                  - පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය

29.    මහින්ද යාපා අබේවර්ධන මහතා     - කෘෂිකර්ම අමාත්‍ය

30.    කෙහෙළිය රඹුක්වැල්ල මහතා        - ජනමාධ්‍ය හා ‍ප්‍රවෘත්ති අමාත්‍ය

31.    කුමාර වෙල්ගම මහතා                  - ප්‍රවාහන අමාත්‍ය

32.    ඩලස් අලහප්පෙරුම මහතා            - යෞවන කටයුතු හා නිපුණතා කටයුතු අමාත්‍ය

33.    ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා            - සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය

34.    චන්ද්‍රසිරි ගජධීර මහතා                  - පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ

35.    සාලින්ද දිසානායක මහතා             - දේශීය වෛද්‍ය අමාත්‍ය

36.    රෙජිනෝල්ඩ් කුරේ මහතා         - සුළු අපනයන භෝග ප්‍රවර්ධන අමාත්‍ය

37.    ඩිලාන් පෙරේරා මහතා             - විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය

38.    ජගත් පුෂ්පකුමාර මහතා          - පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය

39.    ටී.බී ඒකනායක මහතා             - සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය

40.    මහින්ද අමරවීර මහතා            - ආපදා කළමනාකරණ අමාත්‍ය

41.    එස්.එම් චන්ද්‍රසේන මහතා          - ගොවිජන සේවා හා වනජීවී අමාත්‍ය

42.    ගුණරත්න වීරකෝන් මහතා          - නැවත පදිංචි කිරීමේ අමාත්‍ය

43.    මර්වින් සිල්වා      මහතා            - මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය

44.    මහින්දානන්ද අලුත්ගමගේ මහතා    - ක්‍රීඩා අමාත්‍ය

45.    දයාශ්‍රිත තිසේරා මහතා              - රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය

46.    රංජිත් සියඹලාපිටිය මහතා          - විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය

47.    ජගත් බාලසූරිය මහතා              - ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය

48.    ලක්ෂ්මන් සෙනවිරත්න මහතා          - ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍ය

49.    නවීන් දිසානායක මහතා          - රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍ය

නව නියෝජ්‍ය අමාත්‍යවරුන්

සුසන්ත පුංචිනිළමේ මහතා - ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

රෝහිත අබේගුණවර්ධන මහතා - වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

පණ්ඩු බණ්ඩාරනායක මහතා - දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය

ජයරත්න හේරත් මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

දුමින්ද දිසානායක මහතා - යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

ලසන්ත අලගියවන්න මහතා - ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය

රෝහණ දිසානායක මහතා - ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය

එච්. ආර් මිත්‍රපාල මහතා - පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

නිර්මල කොතලාවල මහතා - වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

ප්‍රේමලාල් ජයසේකර මහතා - විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය

ගීතාංජන ගුණවර්ධන මහතා - මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය

විනයාගමූර්ති මුරලිදරන් මහතා - නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය

ෆයිසර් මුස්තාපා මහතා - තාක්ෂණ හා පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍ය

ඉන්දික බණ්ඩාරනායක මහතා - පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍ය

මුත්තු සිවලිංගම් මහතා - ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

සිරිපාල ගම්ලත් මහතා - ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

ඩබ්ලිව්.බී ඒකනායක මහතා - වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය

චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා - සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍ය

නන්දිමිත්‍ර ඒකනායක - උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය

නිරූපමා රාජපක්ෂ මහත්මිය -  ජල සම්පාදන හා ජලාපවාහන නියෝජ්‍ය ඇමතිනී

ලලිත් දිසානායක මහතා - සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

සරණ ගුණවර්ධන මහතා - ඛණිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය

විජිත් විජයමුණි සොයිසා මහතා - අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය

එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා - ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

වීරකුමාර දිසානායක මහතා - සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

ඒ.ඩී.එස් ගුණවර්ධන මහතා - බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

අර්ල් ගුණසේකර මහතා - වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය

සේගු ඩාවුඩ් මහතා - සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය

අබ්දුල් කාදර් මහතා - පරිසර නියෝජ්‍ය අමාත්‍ය

ඩුලිප් විජේසේකර මහතා - ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය


/




*නාගරික ප්‍රදේශ වල ත්‍රිරෝද රථ හා කුලී රථ නවතා තැබීම සඳහා විශේෂ ස්ථාන සකස්කරදීම

*ආනයනික වැඩසටහන් මත අයකරන බද්ද කේබල් ටීවී සම්බන්ධතා සඳහා ද අයකිරීම

*වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්තුව 10%න් වැඩි කිරීම

*ඒකක 90 ට වැඩි විදුලි පරිභෝජනය සඳහා අය කරනු ලබන බදු මුදල  8% න් ඉහළට

*උපාධිධාරීන් 10, 000 ට රාජ්‍ය අංශයේ රැකියා ලබා දීම

* රජයේ පාසල්, රෝහල් හා විශ්ව විද්‍යාලවල විදුලි ගාස්තු 25%කින් අඩු කිරීම
*රජයේ සේවකයන්ගේ වැටුප් 5% කින් වැඩිකිරීම

*ඖෂධ සදහා රේගු බදු ඉවත් කිරීම හා රසායනාගාර භාන්ඩ සඳහා අය  කෙරෙන බද්ද ඉවත් කිරීම

*අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලකට ලබාගැනීම සඳහා  ‘ආහාර  සුරැකුම්පතක්’


*පොහොර සහනාධාරය තවදුරටත්


*පෞද්ගලික අංශයේ හා සංස්ථාගත සියළු සේවකයින්හට විශ්‍රාම වැටුප්


*දේශීය ඇඟලුම්, සම්භාණ්ඩ හා පාවහන් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන යන්ත්‍රසූත්‍ර ආනයන වැට් වලින් නිදහස්


* රාජ්‍ය සේවකයන් වෙනුවෙන් සහන නිවාස ණය ක්‍රමයක් සහ විශ්‍රාමිකයන් වෙනුවෙන් ජාතික රක්ෂණ ක්‍රමයක්


*මත් පැන් හා කැසිනෝ ආදායම් බදු 35% - සිට 40% දක්වා වැඩිකරන  අතර මතට තිත සදහා රු. මි 200


*මගී ප්‍රවාහන වාහන සඳහා අයකරන ආනයනික බද්ද 25%න් පහළ


* ආනයනය කරන පරිගණක මෘදුකාංග හා අමතර කොටස් මත අයකෙරෙන ජාතිය ගොඩනැගීමේ බද්ද හා    වැට් බද්ද ඉවත්කිරීම


*සෑම රණවිරු පවුලකම උපදින තෙවන දරුවාට රුපියල් ලක්ෂයක   දීමනාවක් ලබාදීම


*විදේශ ඇමතුම් සඳහා මිනිත්තුවකට අයකරන බද්ද රුපියල් 2 කින් ඉහළට


*දේශීය ඇමතුම් සඳහා මිනිත්තුවකට අයකරන ගාස්තුව 2011 ජූලි මස සිට  රුපියල් 2 සිට රුපියල් 1 .50 දක්වා පහලට


ලබන වසරේ සමස්ත ආදායම රුපියල් බිලියන 963 කි.
සමස්ත වියදම රුපියල් බිලියන 1017 කි. 
මේ අනුව අයවැය හිඟය රුපියල් බිලියන 54 ක් වේ.

  සිරස සුපර් ස්‌ටාර් වලින් ජනප්‍රියත්වයට පත් තීක්‍ෂණ අනුරාධ යුග දිවියට එලබීමට සුදානම් වනවා.මේ ඒ පිළිබද පළවූ ලිපියක් 



තීක්‍ෂණ, සඳරේණු ගලන ජීවිතය අලුත්වෙන්න යනවා කියන්නේ ඇත්තද?
ඔව්. හෙට මගේ ජීවිතය අලුත්වෙන්න යනවා.

මනමාල කතා කියූ ඒ යුවතිය කවුද?
ඇය අනුරාධිකා රත්නායක. ගම වෙන්නප්පුව. මාව හොඳට තේරුම් ගත්ත යුවතියක්‌.

ඔය පාළු හිතට මනමාල කතා ඇවිදින් කොච්චර කල්ද ?
දැනට අවුරුදු හතරකුත් මාස ගණනක්‌ වෙනවා.

අනුරාධිකාව කොහෙදිද මුලින්ම හමුවුණේ ?
මම ඉස්‌සර යූත් ඔකෙස්‌ට්‍රා එකට පන්ති ආවා. අනුරාධිකාත් එතැන හඬ කැවීමේ පන්තියකට ආවා. එතැනදී තමයි ඇයව මට හමුවුණේ.


ඇයව දැක්‌ක මුල්ම දවසේ මොකද හිතුණේ ?
මුල් දවස්‌වල විශේෂයක්‌ තිබුණේ නැහැ. නමුත් ආශ්‍රය කරද්දී හිතුණා මිතුරියකට වඩා හොඳ සම්බන්ධයක්‌ පවත්වන්න පුළුවන් කෙනෙක්‌ කියලා.

කවුද තීක්‍ෂණද මුලින්ම ආදර යෝජනාව ගෙනආවේ ?
ඇත්ටම මම. අනුරාධිකා ටිකක්‌ ආඩම්බරයි. මටත් හිතුණේ නැහැ එක පාරටම ආදරෙයිද කියලා අහන්න. මොකද මම ඒ දවස්‌වල සුපර් ස්‌ටාර් නිසා ජනප්‍රිය වෙලයි හිටියෙ. ඒක හින්දා වෙලාවකට හිතුණා ඇයි මම මේ කෙල්ලට සෙකන්ඩ් වෙන්නෙ කියලත්. 

 අනුරාධිකා එදා දුන්න උත්තරය මොකක්‌ද ?
මුලින්ම ඇහැව්වෙ ඇත්තටමද මේ අහන්නේ කියලා. මාව විහිළුවකට ගත්තද කියලත් ඇහැව්වා.

ඇය ඔබට කැමති වුණේ ?
මුලින්ම ඇය ගැන තිබුණේ මාව මිතුරෙකු විදිහට ඇසුරු කරනවා කියන අදහස. ඇය යාළුවෙකු විදිහට ඇසුරු කළ කාලේ මාව හොඳට තේරුම් අරගත්තු නිසා තමයි කැමැතිවුණේ.

මුලින්ම දෙන්න හම්බවුණ දවස මතකද?
2006 අප්‍රේල් 07 විහාරමහා දේවි උද්‍යානයේදී තමයි ආදරය කරන්න පටන්ගත්තේ.

කවුද මුලින්ම එතැනට එන්න කිව්වේ?
මම එන්න කිව්වා.

ඇය සුපර් ස්‌ටාර් රසිකාවියක්‌ නොවෙයිද?
නැහැ. එයා සුපර් ස්‌ටාර් රසිකාවියක්‌ වෙලා ඉඳලා නැහැ. අනුරාධිකාගෙ ගෙදර අය සුපර් ස්‌ටාර්ස්‌ලට එස්‌ එම් එස්‌ යවන කොටත් අනුරාධිකා බනිනවලු මොකදට ඔය කොල්ලන්ට එස්‌ එම් එස්‌ යවන්නෙ කියලා.

සුපර් ස්‌ටාර් සහෝදරියන්ගෙන් ආදර යෝජනා ආවේ නැතිද?
සහෝදර ගායිකාවන්ගෙන් එවැනි ආදර යෝජනා ආවේ නැහැ.

හැබැයි රසිකාවියන්ගෙන් නම් ගොඩක්‌ ආදර යෝජනා ආවා කියලත් ආරංචියි ?
අපොයි ඔව්. එවැනි ආදර යෝජනා නම් ඕන තරම් ඇවිත් තිබෙනවා. හැබැයි මම ඒ එකකටවත් කැමැති වුණේ නැහැ. මොකද ඔවුන් මට කැමැති වෙන්න ඇත්තේ ජනප්‍රියත්වය නිසානෙ.

අනුරාධිකා කැමැති වුණේ ජනප්‍රියත්වයට කිව්වොත් ?
ඇත්තටම මම මෙයාව තෝරගන්නත් එකම හේතුව ඒකයි. මොකද මගේ ජනප්‍රියත්වය ඇය බැලුවේ නැහැ.

විවාහ උත්සවය සහෝදර සුපර් ස්‌ටාර් යාළුවන්ට කිව්වේ නැතිද?
ලංකාවේ ඉන්න හැමෝටම මම එන්න කියලා තිබෙනවා.

ඇත්තද ගමේ යාළුවො අමතක කළා කියන්නේ ?
ගාල්ලේ ඉන්න යාළුවො අමතක කළේ නැහැ. ඔවුන්ට ග්‍රෑන්ඩ් පාටි එකක්‌ ලෑස්‌ති කරලා තියෙන්නෙ හොඳට විනෝද වෙන්න.

තීක්‍ෂණ මනමාල කතා කියපු අනුරාධිකාගෙනුත් තොරතුරු දැනගන්න අපි අදහස්‌ කළා.
 

තීක්‍ෂණ දැකපු මුල්ම දවසේ ඔයාට මොකද හිතුණේ ?
මම තීක්‍ෂණව සුපර් ස්‌ටාර් වලින් දැකලා තිබුණේ නැහැ. කොළඹ පන්ති ඇවිත් තමයි මට ඔහුව හමුවුණේ. මිතුරෙකු විදිහට තමයි මුලින් තීක්‍ෂණව ඇසුරු කළේ.

ඒ මිතුරුකම ආදර කතාවට පෙරළුණේ ?
මගෙ හිතේ නම් එහෙම දෙයක්‌ තිබුණේ නැහැ. තීක්‍ෂණගෙ හිතේ තමයි එවැනි අදහසක්‌ තිබිලා තියෙන්නේ. එයා තමයි මට මුලින්ම ආදර යෝජනාව ගෙනාවේ.

තීක්‍ෂණව මුල්ම කාලේ විශ්වාස කළේ නැහැ කියන්නේ ඇත්තද?
ඔව්. මම යාළුවෙකු විදිහට ආශ්‍රය කළාට එවැනි දෙයක්‌ ගැන එක පාරටම විශ්වාස කරන්න බැහැනේ. එයා දෙතුන් පාරක්‌ පහදලා දුන්නට පස්‌සෙ තමයි මම කැමති වුණේ.

ජනප්‍රිය නිසා නොවෙයිද කැමති වුණේ ?
අපොයි නැහැ.

තීක්‍ෂණට ආදරේට කියන්නේ ?
"කුකූ" කියලා.

තීක්‍ෂණගේ හොඳ ගතිගුණ ගැන කිව්වොත් ?
එයා හරිම අහිංසකයි. මාව හොඳින් බලාගන්නවා. හරියට වෙලාවට වැඩ කරන කෙනෙක්‌. මම තමයි එහෙම කරන්නේ නැත්තේ.

ඒ වෙලාවට ඔයාට බනින්නෙ එහෙම නැතිද?
මොකද නැත්තේ. හරියට බැනුම් අහනවා. අපි දෙන්න මුලින්ම හම්බවුණ දවසෙත් මම පැය දෙකක්‌ විතර පරක්‌කු වෙලයි ආවෙ.

එදා මොකද කිව්වේ ? 

මොකුත් කිව්වේ නැහැ. මම එනකං පැය දෙකක්‌ බලාගෙන ඉඳලා තියෙනවා.

මෑතකදී අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න ප්‍රකාශ කොට සිටියේ රුපියල් මිලියන 38 අනුමත කර,මුස්ලිම් නීති ශාලා 58 ක් රට පුරා ඉදිකිරීමට යන බවයි. 


මේ සමගම බොහෝ දෙනෙකුගේ මතය වුයේ මුස්ලිම් නීති ශාලා ඉදිකිරීම ලංකාව තුල ශරියා නීතිය ආරම්භ විමේ මුල් පියවර බවයි.එමෙන්ම මේ සම්බන්දව විවද මතබේද පවා ගොඩ නැගෙන්න විය.


 මුස්ලිම් ශරියා නීතිය යනු මුස්ලිම් අධිකරණ මගින් නියම කරන්නා වූ ඉතාමත් දරුණු දඩුවම් (අත් පා කපා ඉවත් කිරීම, ප්‍රසිද්ධියේ කස පහර ගැසීම, ප්‍රසිද්ධියේ උල තැබීම, ප්‍රසිද්ධියේ වරදකරුගෙ බෙල්ල ඉතා සෙමින් වෙන් වෙන තෙක් කපා දැමීම,සියල්ල රැස් වී ඇති තැන බිම හොවා හිසට වෙඩි තබා මර දැමීම, ගල් ගසා මරා දැමීම ) ඇතුලත් නිතියකි.


ඒ නිසාම මේ සම්බන්ධව නිතිමය කරුණු දැනගැනීමට අප වෘත්තිය නීතිඥවරයෙක් වන තනුජ කේ. ජයසුන්දර මහතාගෙන් මේ පිලිබදව විමසා සිටියා. මේ ඔහුගේ පිළිතුරයි.



ලංකාව තුල ක්‍රියාත්මක වන මුස්ලිම් නිතිය සංගෘහිත එකක්. ඔවුන්ගේ සමිපුර්ණ නිති පද්ධතිය අන් මුස්ලිම් රට වල ක්‍රියාත්මක වන ආකාරයෙන් ලංකාවෙ ක්‍රියාත්මක කිරිමට හැකියාවක් නොමැත.

මුස්ලිම් නිතිය බොහෝවිට බලාත්මක වන්නේ  කසාද දික්කසාද, නඩත්තු අනුප්‍රාප්තිය ආදි කරැණු සමිබන්ධයෙන් එනමි සිවිල් නඩු කටයුතු සමිබන්ධයෙන් පමණි.

එසේ වුවත් මුස්ලිමි අයෙකුට වුවත් තම විශේෂ නිති පද්ධතිය හැර දමා රටෙ සාමාණ්‍ය නිතියෙන් පාලනය වෙන්න අවකාශ තියෙනවා.

ශ්‍රි ලංකාව තුල අපරාධ සදහා දඩුවම් නියම කර ඇත්තේ දණ්ඩ නිති සංග්‍රහයේයි. වරදවල් හා ඒ සදහා දඩුවමි ඇත්තේ එහියි. මිට අමතරව තව වෙන වෙන පනත් වල ඒ පනත මගින්ම දඩුවමි දක්වලා තියෙනවා.  එබැවින් අපරාධ සමිබන්ධයෙන් ශ්‍රි ලංකාව තුල මුස්ලිම් නිතියේ බලාත්මක බවක් නැ. 

මිට අමතරට ශ්‍රි ලංකාව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් ප්‍රඤප්තියේ කොටස් කරැවෙක් වන බැවින් හා, අප නිතියේ කොටසක් ලෙසම කෲර අමානුෂික හා අවමන් සහගත සැලකිමි වලින් නිදහස යන්න ආන්ඩුක්‍රම වි්‍යවස්ථාවෙ හා වදහිංසා වලින් නිදහස් විමෙ පනතේ ඇති බැවින්, එබදු අමානුෂික දඩුවමි ඇති‍විමෙ ඡායාවක් හෝ දැනට නැත.

මුස්ලිම්වරුන්ගේ ඉහතින් කියල ලද ස්වභාවයේ නඩු විමසිමට බලය ඇත්තේ කාති අධිකරණ නමි අධිකරණ වලටයි. ඒවාට දඩුවම් නියම කල නොහැක. ඒවායේ නියෝග බලාත්මක කල හැක්කේ මහේස්ත්‍රාත්අධිකරණ මගිනි.

සුගිය දින කිහිපයේදී අන්තර්ජාලයේ සිදුකළ විමර්ශනවලදී සොයා ගත් ශී‍්‍ර ලාංකික තරුණ තරුණියන් පෙනී සිටින අසභ්‍ය චිත‍්‍රපට 40 ක් ප‍්‍රසිද්ධ කිරීම සදහා අධිකරණයෙන් අනුමැතිය ලබාගැනීමට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සූදානම් වනවා.ඒවා ප‍්‍රසිද්ධ කිරීමට පෙර ඒවායේ පෙනී සිටි  තරුණ තරුණියන්ට පොලිසියට භාර වීමට අවස්ථාවක් ලබාදෙන බව පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පවසනවා.

ටියුෂන් පන්තියක් ගැන පලවූ නවතම ආකාරයේ දැන්වීමක්






























Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter