ශ්‍රී ලංකාවේ උපන් බොලිවුඞ් නිළි ජැකලයින් ලංකාවේ නිෂ්පාදනය කරන චිත්‍රපටයකට සිය දායකත්වය ලබාදීමට කැමැත්ත පලකොට ඇත.
ඇය මේ දිනවල කොළොඹ බහුජාතික සමාගමක වෙළඳ දැන්වීමක රුගතකිරීම් වලට සහභාගී වෙමින් සිටින අතර ලංකාවේ චිත්‍රපටය සඳහා ඇයට අරාධනාකොට ඇත්තේ මේ අතරතුරය.
ඇයට චිත්‍රපටයේ පෙනී සිටීමට ඇත්තේ කුඩා දර්ශනයක පමණක් වන අතර නිෂ්පාදකයන් විසින් ඒ සඳහා ඩොලර් 10,000 ක මුදලක් ගෙවීමට කැමැත්ත පලකොට ඇත.
පසුගිය සිකුරාදා දකුණු වෙරළාබඩ ප්‍රදේශයන්ට බලපෑ තද කුණාටු සහිත සුළං තත්ත්වය පිළිබඳ ජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක් සිදුනොකිරීම පිළිබඳව මේවනවිට ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා.
ඉන්දියානු කාලගුණ විද්‍යා බලදාරීන් එරට ජනතාව දැනුවත් කර තිබුන තිබුන අතර වර්ධනය වන සුලි සුලං තත්ත්වය සම්බන්ධයෙන් නාරා ආයතනගේ නිලධාරීන් ශ්‍රී ලංකාවද දැනුවත් කර තිබුනේ දින දෙකකටත් කලින්.
ශ්‍රී පාද විහාරස්‌ථානාධිපති නාහිමි පදවිය සඳහා නව ස්‌වාමීන් වහන්සේ නමක් තෝරා ගැනීම සඳහා රත්නපුර නව නගරයේ පිහිටි සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේ ඡන්ද විමසීම සිදුකෙරෙද්දී එහි පැමිණි එක්aතරා දේශපාලනඥයෙකු සහ ආධාරකරුවන් පිරිසක් ශ්‍රවණාගාරය අසල සිටි පිරිසකට පහරදීම නිසා රත්නපුර නගරයේ දැඩි උණුසුම් තත්ත්වයක් උද්ගත විය.
ඊයේ (25 වැනිදා) සවස 2.30 ට පමණ මෙම සිදුවීම වී ඇති අතර පොලිසිය මැදිහත්වී මෙම ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබේ. මෙම ඡන්දයට ඉදිරිපත්ව සිටි එක් ස්‌වාමින් වහන්සේ නමකගේ ආධාරකරුවන් පැමිණි බස් රථයක් නතර කර ඇති මෙම දේශපාලනඥයා සහ ඔහුගේ ගෝලබාලයන් බස් රථයේ සිටි පිරිසක් පිටතට ගෙන ඔවුන්ට පහර දී ඇත.
විකිණීමට සඟවා සිටියදී දරුවෝ 70ක් මුදා ගැනෙති
එක් ළදරුවකු රු.35,000 සිට රු.ලක්‍ෂ 7 දක්‌වා මිල කරලා ළමා නිවාසයක් පවත්වාගෙන යන මුවාවෙන් කුඩා දරුවන් දේශීය හා විදේශීය පුද්ගලයන්ට විකිණීමේ මහා පරිමාණ ජාත්‍යන්තර ජාවාරමක් අනාවරණය කර ගත් ජාතික ළමාරක්‍ෂක අධිකාරිය ඊයේ (23 වැනිදා) සවස මොරටුවේ පිහිටි එම නිවාසය වටලා එහි සිටි දරුවන් 70 දෙනකු පමණ සිය භාරයට ගෙන තිබේ.
ළමා නිවාසය වටලන අවස්‌ථාවේ දරුවන් විකුණන අතරමැදි තැරැව්කරුවකු ද දරුවන් මිලදී ගැනීමට පැමිණ සිටි ඇමරිකානු ජාතික යුවළක්, ජර්මන් ජාතික යුවළක් සහ මෙරට කාන්තාවන් දෙදෙනකු ද එහි සිට ඇත.
විදේශිකයන් දරුවන් මිලදී ගැනීමට රුපියල් ලක්‍ෂ 7 කට වඩා මුදලක් ළමා නිවාසයට ගෙවා ඇති බවටත් සිංහල කාන්තාව රුපියල් 35,000 ක් ගෙවා ඇති බවටත් තොරතුරු ලැබී ඇති අතර ඔවුන් මෙම ස්‌ථානයට රැගෙන විත් ඇත්තේ අතරමැදි තැරැව්කරු බවටත් තොරතුරු ලැබී ඇත.
තමාට එස්.එම්.එස් මනාප එවූ
තරුණයාට සුරේන්ද්‍රගෙන් ගුටි සිරස සුපර් ස්ටාර් දෙවන අදියරත් සමගින් ජනප්‍රියත්වයට පත්වූ තරුණ ගායක සුරේන්ද්‍ර පෙරේරා ගිනිඅවි ළඟ තබාගැනීමේ චෝදනාව මත ලබන 27 වනදාට පෙර දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත්වරයා විසින් නියෝගකොට ඇත.
ඒ දඹුල්ල හෝටලයකදී සිදුවූ ගැටුමකදී වෙඩි තැබීමට උත්සාහ කිරීමේ ඇතිවූ සිද්ධියක් මතයි.
වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.
සුරේන්ද්‍ර පෙරේරා සහ ඔහුගේ යහළුවන් ඇතුළු පවුලේ උදවිය 12 දෙනෙකු පමණ පසුගියදා සිගිරිය බැලීමට විනෝද චාරිකාවක් ගොස් ඇති අතර රාත්‍රී කාලයේ දඹුල්ලේ හෝටලයක් ඉදිරිපිට වාහනය නවත්වා හෝටල් හිමිකරුගෙන් හෝටලයේ මත්පැන් පානය කිරීමට අවසර ඉල්ලා ඇත.
එම ඉල්ලීම හෝටල් හිමියා විසින් ප්‍රතික්ෂේපකොට ඇති අතර සුරේන්ද්‍ර පෙරේරා ඇතුළු පිරිස හෝටලයෙන් ආහාර ඇනවුම් කොට වාහනය තුලට වී මත්පැන් පානයකොට ඇත.එහිදී තවත් තරුණයෙක්ද එම හෝටලයට පැමිණ ඇති අතර වාහනයේ සුරේන්ද්‍ර පෙරේරා සිටිනු දැක ඇත.
2012 අයවැය යෝජනා ඊයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන අතරතුර නොසන්සුන් තත්ත්වයක් හටගත්තා. ජනාධිපතිතුමා අය වැය කියවන්න පටන්ගත් විටම විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් එයට බාධා කළේ අතර “ලැජ්ජයි, ලැජ්ජයි” යනුවෙන් සඳහන් විරෝධතා පුවරු ඔවුන් ප්‍රදර්ශනය කරමින්.
මෙලෙසවූ ජයලත් ජයවර්ධන මංත්‍රීවරයාගේ විරෝධයට ජනාධිපතිතුමා පැවසුවේ “ලබන අවුරුද්දේ මැතිවරණ නැහැ. ඕනෑ නම් දෙන්නම්. ඕනෑ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා වුණත් මැතිවරණයක් දෙන්න පුළුවන්. මට බය ඉන්න කට්‌ටියත් නැතිවේවි කියලා. ජයලත් ජයවර්ධන මහත්තයෝ දෙයියන්ගේ පිහිටයි” යනුවෙන්.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමු වසර ශිෂ්‍යාවන් දසදෙනකු අඩනිරුවත් කර නවකවදය ලබා දුන් බව කියන දෙවැනි වසර ශිෂ්‍යාවන් තිදෙනකුගේ පන්ති තහනම් කිරීමට එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පියවර ගෙන තිබේ.
මේ ශිෂ්‍යාවන් දස දෙනාට පෙරේදා (17) දහවල් මෙලෙස නවකවදය ලබා දී ඇතැයි පැවැසේ. මේ සිද්ධියට අදාළව දෙවැනි වසර තවත් ශිෂ්‍යාවන් කිහිපදෙනකු පිළිබඳව තොරතුරු ලබා ගැනීමට පාලන අධිකාරිය පියවර ගෙන තිබේ. දෙවන වසර ශිෂ්‍යාවන් තිදෙනාගේ පන්ති තහනම සති තුනක් දක්වා ක්‍රියාත්මක කර ඇත
පසුගියදා ගණිකා වෘතියේ නියැලීමේ වරදට තවත් ලාබාල ටෙලිනිලියක් අත්අඩංගුවට පත්විය.ඇය විසිහැවිරිදි නයනා ධනංජනී පෙරේරාය.
බොහෝ දෙනා ගණිකාවන් කි පමණින් වපර ඇහින් බැලීමට පුරුදුව සිටියත් ඔවුන් ඒ තත්වයට වැටීමට හේතුව පිලිබඳ සිතා නොබලයි.
ධනංජනී ලොව පැරණිතම වෘතිය සිය ජීවිකාව කරගත්තේ සිය පියාගේ අසනීපයට අවශ්‍යය මුදල් සොයාගැනීම සඳහාය.පහතින් දැක්වෙන්නේ ඇයගේ කතාවයි.
ධනංජනී පදිංචිව සිටින්නේ අතුරුගිරිය ආසන්නයේය. පවුලේ වැඩිමල් දරුවා ලෙස ඉපදුනු ඇයට බාල තව සහෝදරයෙක් සහ සහෝදරියක් සිටී. ඇය අධ්‍යාපනය ලබා ඇත්තේ මාලඹේ ප‍්‍රදේශයේ බාලිකා පාසලකින් වන අතර පරිගණක ආයතනයකින් පරිගණක උපාධියක්ද ලබා ගෙන තිබේ.
පුරප්පාඩු වී ඇති බන්ධනාගාර අලුගෝසු තනතුර සඳහා කාන්තාවන් තිදෙනෙකුගෙන් අයදුම්පත් ලැබී ඇති බව වාර්තා වේ.
මෙම තනතුර සඳහා අයදුම්පත් සියයක් පමණ මේ වන විට ලැබී ඇත.
මෙම අයදුම්පත්කරුවන් අතර ගව ඝාතකාගාරයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු ද සිටී.
කෙසේ වෙතත් බන්ධනාගාර නිළධාරියෙකු සඳහන් කර සිටියේ මෙම අයදුම්පත් එවා ඇති පුද්ගලයින්ගේ අන්‍යනතාවය හෙලි කිරීමේ හැකියාවක් නොමැති බවයි.
2005 YU55 නැමැති දැවැන්ත ප්‍රමාණයේ ග්‍රහකයක් හෙට (09) දිනයේදී පෘතුවිය ආසන්නයෙන් ගමන් ගන්නා බව නාසා ආයතනය පවසනවා.
පොළවේ සිට චන්ද්‍රයාට ඇති දුර සැතපුම් 221,456ක් වන අතර මෙය ගමන් කරන්නේ 201,000ක් වන චන්ද්‍රයා හා පොළව අතර දුරටත් වඩා අඩු දුරකින්.
ටොන් මිලියන 55ක පමණ බරකින් හා ප්‍රමාණයෙන් මීටර් 400ක විශ්කම්භයකින් යුතු මෙම ග්‍රහකය පියවි ඇසට නොපෙනෙන අතර අඟල් 6ක වත් විශ්කම්භයක් සහිත දූරේක්ෂයකින් නැරඹීමට පුළුවන්.
කත‍්‍රිනාට වූ
ඇබැද්දිය
පසුගිය වසරේ ශ‍්‍රී ලංකාවේ පැවැති අයිෆා සම්මාන උළෙලට පැමිණි ජනප‍්‍රිය බොලිවුඞ් නිළියක් වන කත‍්‍රිනා කායිෆ් රූගත කිරීමක් අතරතුරදී මහත් අපහසුතාවයකට පත් වූ පුවතක් වාර්තා වේ’
මෙම සිද්ධිය වී ඇත්තේ ෑන ඔය් ඔසටැර චිත‍්‍රපටයේ කත‍්‍රිනා” සල්මන් ඛාන් සමඟ රූගත කිරීමක නියැලී සිටින අතරතුරදීය’
මෙම චිත‍්‍රපටයේ එක් අවස්ථාවක කත‍්‍රිනාට බයිසිකලයක් පැද යෑමේ දර්ශනයක් නිරූපණය කිරීමට සිදුවී තිබේ’ මේ අවස්ථාවේ බයිසිකලයක යෑමට තරම් සුදුසු නොවන කෙටි සායක් ඇඳ සිටි ඇය බයිසිකලය තල්ලූ කරගෙන ටික දුරක් ගොස් එයට නැඟීමට උත්සාහ කරද්දී ඇය බිමට ඇද වැටී තිබේ’ බිමට වැටෙන විට ඇගේ කෙටි සාය ඉස්සී ඇගේ යට ඇඳුම් පවා නිරාවරණය වී තිබේ’ නමුත් එතැන සිටි සල්මන් ඛාන්” කත‍්‍රිනාව සිදු වූ අපහසුතාවයෙන් ගලවාගත් බවයි ආරංචි වන්නේ’
කෙසේ වෙතත් ඇයට සිදු වූ මෙම අකරතැබ්බය ඡුායාරූප ගත කර අන්තර්ජාලයට මුදා හැර තිබේ’
ඔළු දෙකේ දුර්ලභ ඇල්බිනෝ සර්පයෙක් කැලිෆෝනියාවේ උපත ලබයි
ඔළු දෙකේ සර්පයින් උපත ලබන්නේ දස දහසකට එක් අයෙක් ලෙසටය. පසුගිය දිනක ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ එවන් සර්ප උපතක් සිදුවිය.ඇල්බිනෝ හොන්ඩියුරාන් (Albino Honduran) වර්ගයේ ඔළු දෙකක් සහිත සර්පයෙකු මෙසේ උපතලබා ඇත. මෙම සර්පයින්ගේ බිත්තර 07ක්සන්ෂයින් සර්පන්ස් ආයතනය සතුව තිබී ඇති අතර එම බිත්තර පුපුරා ගොස් සර්ප පැටවුන්ගේ ඔළු 09ක් දැකීමෙන් එහි කාර්ය මණ්ඩලය මවිතයට පත්ව තිබේ.
පසුව අනාවරණය වූයේ ඔළු දෙකක් සහිත සර්පයෙක් හා එක් බිත්තරයකින් නිවුන් සර්පයන් දෙදෙනෙකු සිටි බවයි.
ඔළු දෙකක් සහිත සර්පයින් වසර 20ක පමණ කාලයක් ජීවත්වන බව පැවසේ.
එසේමඇල්බිනෝ හොන්ඩියුරාන් වර්ගයේ සතුන් රාත්‍රී කාලයේදී එළදෙනුන්ගෙන් කිරි උරා බොන බවට මිත්‍යා විශ්වාසයක් පවතී.
මෙම සතුන් ගව මඩු ආශ්‍රිතව හා ශීතල පරිසරයක සිටීමට වැඩි කැමැත්තක් දක්වන බව සත්වවේදීන් පවසයි.
සුනඛයන් එළිමහනට ගෙන යාමේදී ඒ සමග බෑගයක් ද ගෙනියන මෙන් පොලීසිය සුනඛ හිමිකරුවන්ට අවවාද කොට සිටිනවා.
ඒ සුනඛයා එළිමහනේ මලපහකලොත් “පරිසරය දුෂණය කිරීමේ වරදට” සුනඛ හිමිකරුවන්ට එරෙහිව නඩු දැමීමේ හැකියාව පවතින හෙයිනි.
මේ පිළිබඳව අදහස් දක්වන පොලිස් මාධ්‍යය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කර සිටින්නේ වෙනත් රටවල මෙන් සුනඛයන් රැගෙන යනවිට බෑගයක් ගෙනයාමට නීති ලංකාව තුල නොමැති වුවත් පොලිසියට එළිමහනේ මලපහ කරන සුනඛයන්ගේ හිමිකරුවන්ට එරෙහිව පරිසරය දුෂණය කිරීමේ වරදට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි බවයි.
විරෝධතාවයක් එල්ල වෙමින් තිබෙන පාඩු ලබන ව්‍යාපාර රජයට පවරා ගැනීමට ඉදිරිපත් කරන පනතට නගන චෝදනා පදනමක් නොමැති බව රජය වෙනුවෙන් අදහස් දක්වමින් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියයි.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද සහභාගීවෙමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම හදිසි පනත මගින් ඉලක්ක කර තිබෙන්නේ බදු සහන ඇතුළු රජයෙන් සහන ලබා තිබියදීත් කළමනාකරණ දුර්වලතාවයන්ට හා අකාර්යක්ෂමතාවයන්ට මෙන්ම විවිධ වංචා දූෂණ හා විවිධ ගැටලු පවතින ජනතා හිතවාදී නොවන අසාර්ථක ව්‍යාපාරවල ඵලදායීතාවය නැංවීම සඳහා ඒවා රජයට පවරා ගැනීම බවයි.