ලංකාවේ ජීවත් වන අපි ආශ්චර්යයන් ඔනැ තරම් අසා තිබෙන්නට පුලුවන්. නමුත් යථාර්ථවත් ආශ්චර්යයක්් දකින්න අහන්න පමණක් නොවේ. අත්විදින්නත් අවස්ථාවක් ලැබෙන්නේ ඉතා කලාතුරකින්.දරුවන් අපිට සම්පතක්, ඒත් දරුවන් නොමැතිව දුක් විදිනි තරුණ අඹුසැමියන් අපේ රටේ කොපමණ ඇත්ද? විවාහයට පත්වන කාන්තාවන්, පිරිමින්, ටික කලකට පසුව තමන්ගේම දරුවකු ගැන සිහින මවන්නන් බවට පත්වේ. නමුත් එය වසරින් වසර කල් යෑමත් සමග මුලින්ම අපහසුතාවයට පත් වන්නේ ගැහැණියයි. එය මේ සමාජ ක්රමය තුළ නිෂ්චිත වූ කි්රයාවලියකි.
නමුත් එය සැබෑවටම ප්රශ්නයක් කල යුතු කරුණකි. එය ගැහැණිය පමණක් නොව පිරිමියාද තම ක්රියාවලිය තුළ අසාර්ථකභාවය පෙන්නුම්කර තිබෙන නිසාය.
ඉතිහාසයේ එක් දිනක ඔබට දරුපල නොමැති බවට වූ වාර්තා ලැබී තිබෙන්නට පුලුවන. අනාගතයේදී යම් දිනක ඔබව එවැන්නක් බලාපොරොත්තු බිද වැටුනු වාර්තාවන් ලැබෙන්නේ නෑ යන්න කාට නම් කිව හැකිද?නමුත් දැන් ඒ මහා බලාපොරොත්තුව ඉටු කළ හැකි ඇයෙකු මිහිපිට ඉන්නවා කීවොත් එය අතිශොක්තියක් නොවේ.