Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

indexඅඟහරුත් සෙනසුරුත් වක්‍රවී ගමන් කරන නිසා මේ ග්‍රහයන් දෙදෙනාම වක්‍රවී උච්ච රාශියක සෙනසුරු ගමන් ගත් අවස්ථා වල මීට පෙරත් ලොව පුරා කලබල තත්ත්වයක් ඇතිවී තිබේ. පාලකයන්ට ජනතා විරෝධය මතුවේ. ඔවුන් තනතුරු වලින් ඉවත්වී යන තරමටම පත්විය හැකිය. පෙබරවාරි 29දා වන අද වසර හතරකට පසුව උදාවන දිනයකි. හෙට මාර්තු මාසය ආරම්භ වන්නේ අඟහරු හා සෙනසුරු වක්‍රව සිටියදීයි. එම පිහිටීම අනුව සිදුවන අනාවැකි පිළිබඳව ආත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද පුවත්පතකට පවසා තිබෙනවා.

ජනතා කණ්ඩායම් පාලකයාට විරුද්ධව කැරලි ගසයි උද්ඝෝෂණය කරයි. සෙනසුරු උච්චව සිටියදී වක්‍රවූ විට ඊට සමානුපාතිකව කුජ හෙවත් සටන්කාමී ග්‍රහයා වක්‍ර වුනාම සිදුවුණු ඒ අමිහිරි සිදුවීම් නැවතත් මේ මාසයේදී සිදුවේ. අඟහරු හා සෙනසුරු වක්‍රව සිටියදී මාර්තු මාසය පටන්ගන්නා නිසා අධ්‍යාපනය ආශ්‍රිතව වර්ජන ඇතිවීමට ඉඩ ඇත. විශ්වවිද්‍යාල සිසුන්, සෞඛ්‍ය, රාජ්‍ය වැනි ක්ෂේත්‍රවලද වර්ජන මතුවිය හැකිය.

nokia-808-pureview1නොකියා සමාගම සිය නවතම ජංගම දුරකතනය වන 808 pureview නමැති ජංගම දුරකතනය ලෝකයේ පවත්වන විශාලතම ජංගම දුරකතන ප්‍රදර්ශනයේදී හඳුන්වා දී තිබේ.එය ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේදී පැවැත්වෙන අතර ඒ සඳහා ලොව ප්‍රමුඛ පෙළේ දුරකතන සමාගම් සිය නිෂ්පාදනයන් ඉදිරිපත් කරනු ලබයි.

එහිදී නොකියා සමාගම විසින් ඉදිරිපත්කොට තිබූ 808 pureview නමැති ජංගම දුරකතනය නරඹන්නන්ගේ සිත් ඇද බැඳ තබාගැනීමට සමත්වූ අතර එම ජංගම දුරකතනයේ පවතින කැමරාව Megapixel 41 ක ප්‍රබලතාවයකින් යුක්තවා නිපදවා තිබීම විශේෂත්වයකි.

මෙතෙක් එම ජංගම දුරකතනය වෙළෙඳපොළට නිකුත්කොට නොමැති අතර එය එළඹෙන මැයි මාසයේදී වෙළෙඳපොළට නිකුත් කිරීමටයි නොකියා සමාගම බලාපොරොත්තු වන අතර එහි මිල ඇමරිකානු ඩොලර් 600 ක් පමණ වනු ඇති බවයි නොකියා සමාගම පවසන්නේ.

images (2)රාජ්‍ය නායකයාට හා රාජ්‍ය ගෞරවයට හානියක් වන බැවින් මින්ඉදිරියට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුවට ඇඳුමට සමානවන අයුරින් නාට්‍ය හා විවිධ ප‍්‍රසංග සඳහා පාසැල් දරුවන් සහභාගීනොකරන්නැයි මධ්‍යම පළාතේ සියළුම පාසැල් විදුහල්පතිවරුන්ටනියෝග කරන ලෙස මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායකමහතා විසින් පළාත් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී ඇත.

ඒ අනුව අදාල නියෝගය ඇතුලත් චක‍්‍රලේඛය ඉදිරි දින කිහිපය ඇතුලත මධ්‍යමපළාතේ සියළුම විදුහල්පතිවරුන්ට නිකුත් කිරීමට නියමිතය.

images (1)ජපානයේ ඉලෙක්ට්‍රොනික් සමාගමක් වන සෝනි විසින් ජංගම දුරකතන නිෂ්පාදක සෝනි එරික්සන් සමාගමේ පාලනය නිල මට්ටමින් සියතට ගෙන ඇතැයි වාර්තා වේ.

ටෙලිකොම් උපකරණ නිර්මාණය කරන ස්වීඩනයේ එරික්සන් සමාගමට අයත් ව තිබූ සෝනි එරික්සන් හි 50%ක කොටස් මිලදී ගැනීමෙන් පසුව සෝනි සමාගමට මෙම බලය හිමිව තිබේ.මෙම ගණුදෙනුව පසුගියදා නිල වශයෙන් අවසන් වූ බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

article-2101492-11BF4CC0000005DC-540_634x762ප්ලේබෝයි නිරූපිකාවක් වන කෙලී බෲක්, කී‍්‍රඩා ආම්පන්න වෙළෙඳපොලේ ප‍්‍රමුඛතම සන්නාම නාමයක් වන ‘රීබොක්’ වෙළෙඳ දැන්වීමකට පෙනී සිටියාය.ඇය රීබොක් හි නවතම හදුන්වාදීම වන ‘ඊසි ටෝන්’ පාවහන් වෙළෙඳ දැන්වීම සඳහා මෙසේ පෙනී සිට ඇත.

එම පාවහන් පුහුණුකරුවන්ට විශේෂිත පාවහන් ලෙස රීබොක් නිපදවා තිබේ.කෙසේවුවද අදාල වෙළෙඳ දැන්වීමේ එක් අවස්ථාවකදී ඇය රග්බි විනිසුරුවන් අඳින ආකාරයේ ඇඟට හිරවූ කලිසමකින් සහ ටී ෂර්ටයකින් සැරසී ඊයම් පැහැති රග්බි පන්දු සහිත පෙට්ටියකට බැස සිට ඇත.

imagesමහජන සබඳතා ඇමැති මර්වින් සිල්වා මහතාට අම්බලන්ගොඩදී ‘දෑප්‍රේමී ජනරංජන‘ ගෞරව නාමය පිරිනමා තිබේ. ගාල්ල දිස්ත්‍රික්ක්බෞද්ධ සම්මේලනය වෙනුවෙන් පල්ලත්තර සුමනජෝති හිමියන් එමගෞරව නාමය ඇමතිවරයා වෙත  ප්‍රධානය කර ඇත.

” මට පහුගිය දවස්වල පොඩි පොඩි ප්‍රශ්න තිබුණා. මා සොළවන්නකිහිපදෙනෙක් උත්සාහ කළා. මා සොළවන්න බැරි වුණා. මම රුහුණේ කොල්ලෙක්.මේ දවස්වල මම පොඩි නිවාඩුවක්  පිට ඉන්නවා.‘ යයි ඇමැති මර්වින් සිල්වා මහතාමාධ්‍ය අමතා පැවසිය.

මේ අතර මහජන සම්බන්ධතා සහ මහජන කටයතු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව නැෙඟන චෝදනා සනාථ කිරීමේ ලියකියවිලි කැලණිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ විනය කමිටුවට බාර දීමට නියමිතව අතැයි වාර්තා වේ.

semini_iddamalgoda (14)ජනපි‍්‍රය නිළි සේමිණි ඉද්දමල්ගොඩ සතිඅන්ත පුවත්පතකට කළප‍්‍රකාශයක් හේතුවෙන් ඈ කිට්ටුවෙන් ඇසුරු කළ පිරිමිපාර්ශවයේ කිහිප දෙනෙකු අවුලවී ඇතැයි වාර්තා වේ.අදාළසම්මුඛ සාකච්ඡාව කළ මාධ්‍යවේදිනිය සැමියා හැර වෙනත්පුද්ගලයෙක් ගැන ආදරයක්, ආකර්ෂණයක් ඇතිවෙලා ඇත්දැයිඇයගෙන් ප‍්‍රශ්න කළ විට ඇය එය පිළිගෙන තිබීම මීට හේතුවබවද පැවසේ.

එසේම ඇය එය සාධාරණීය කරණය කරමින් පවසා ඇත්තේ‘එහෙම නොවුවා නම්, අපි ලේ,  ඇට, මස්, නහරවලින් සැදුණුමිනිසුසු නොවන බවයි.කෙසේ වුවද මීට පෙර සේමිණි ට වහ වැටුණු තරුණඇමතිවරයෙක් සම්බන්ධ රාවයක්ද මාධ්‍ය අනාවරණය කර තිබිණි.

කටකාර ඇමතිවරයෙකු වන මොහු කලාවට සම්බන්ධ අයෙක් බවද වාර්තා වේ.එසේමඔහු ජනධිපතිවරයා සමග කිට්ටු ඇසුරක් පවත්වන්නෙක් බවද පැවසේ.අදාළ තරුණඇමතිවරයා සේමිණි පිළිබඳව නිරන්තරයෙන්ම සොයා බලූ බවත් වාර්තා වී තිබිණි.

මේ ඇමතිවරයා විසින් සේමිණිට මීට වසර කිහිපයකට පෙර රුපියල් ලක්ෂ 48ක් පමණවියදම් කර, අධ්‍යක්ෂණය කළ ටෙලිනාට්‍යයක් රූපවාහිනියේ විකාශය කිරීමටඅවස්ථාව ලබාගැනීමට සෑහෙන වෙහෙසුන බවත් මේ අතර, වාර්තා වේ.සේමිණිසිනමාවේත් පුංචි තිරයේත් වේදිකාවේත් කැපී පෙනෙන රංගන ශිල්පිනියකි.

chandrika-2හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ශ්‍රී ලංකා මහජන පක්ෂයට එක්වන ලෙස ආරාධනයක් ලැබී ඇතැයි වාර්තාවේ. ඇය කලක් ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායිකාව ලෙසද කටයුතු කළාය.පසුගියදා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය එම පක්ෂයට එක් වූ අතර දින දෙකකින් ඇයට එහි උපලේකම් ධුරයක්ද හිමිවිය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහජන පක්ෂය වෙත එක්වන ලෙස ආරාධනය කර ඇති ආරාධනය සම්බන්ධව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයිද සඳහන්ය.

shihaශිහාන් විවාහයෙන් පසුව මුහුණ දෙන ප්‍රථම පුවත්පත් සාකච්ඡාවද මේ…?
ඔව්, මගෙ විවාහය ගැන පින්තූරයි ප්‍රවෘත්තිය එක් එක් මාධ්‍ය වල පළවුණා.ඒත් විවාහ වුණාට පසුව පුවත්පත් සාකච්ඡාවකට සහභාගි වන ප්‍රථම අවස්ථාව තමයි මේ.
ශිහාන් හදිසියේ විවාහ වීම හැමෝටම ප්‍රශ්නයක්…?
හදිසි විවාහයක් තමයි සිදුවුණේ. තාත්තා විදේශයේ. අක්කක් විවාහ වෙලා ඕස්ට්‍රේලියාවේ. අක්කට දරුවෙක් ලැබෙන්න යන හින්දා අම්මටත් එහෙ යන්න වෙලා. මම මගේ ශබ්දාගාරය පවත්වාගෙන යන්නයි සංගීත පන්ති පවත්වන්නයි කඳානෙන් ගෙයක් ගත්තා. අලුත් ගෙදර මට තනියම ඉන්න වෙන්නේ. ඔය හින්දා විවාහ වෙන්න කියලා ගෙදරින් කිවුවා. මමත් හිතනවා මේක තමයි මට විවාහ වෙන්න සුදුසුම වයස. ඉතින් නායකන්ද පල්ලියේ අපේ විවාහය සිදුකළා. අපි දෙන්නගේ පවුල් වල අය තමයි විවාහයට සහභාගි වුණේ.  26, 27 මට කලින් යොදා ගත්තු සංදර්ශන වගයක් තිබුණ හින්දා අපි මධුසමය ගත කරන්න කොහෙවත් ගියෙ නැහැ. 25 බැඳලා මගෙ ගෙදර ආවා. 26 ආයෙම ඇයව එයාගෙ මහගෙදරට යවලා මගෙ සංගීත කටයුතු කළා. පසුව ආයෙම ගෙදරට එකතු කරගෙන ආවා.

imagesහොරිවිල වෙදමහතා උකුල් අස්ථිය බිඳීකොළඹ ද සෙන්ට‍්‍රල් පුද්ගලික රෝහලටඇතුළත්කර ඇතැයි වාර්තා වේ. ඒ මහතා (02) එම රෝහලට ඇතුළත් කර ඇති අතර දැනට එම රෝහලේ 15 වැනි මහලේ12 වැනි කාමරේ නේවාසිකව ප‍්‍රතිකාර ලබාගන්නා බව පැවසේ.

හොරිවිල වෙදමහතා කැඬුම් බිඳුම්සම්බන්ධයෙන් ප‍්‍රතිකාර කිරීමට මෙරටප‍්‍රසිද්ධම වෛද්‍යවරයෙක් ලෙස සැලැකේ.

a_003

තමාගේ බලාපොරොත්තුව ලංකාවෙන් බිහිවු ප්‍රථම අභ්‍යවකාශගාමියා වෙන්න පමණක් නොවෙයි ලෝකයේ බිහිවූ ළාබාලම අභ්‍යවකාශගාමියා වීම බව ජනාධිපතිවරයාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ පවසනවා.
ඔහු මේ අදහස් පල කලේ කාල්ටන් සුපර් ස්පෝර්ට්ස් තරඟාවලියේදී මෝටර් රථ ධාවන තරඟයට සහභාගී වී දෙවන ස්ථානය ජයග්‍රහනය කිරීමෙන් පසුව පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

ඇයි මේ වගේ මෝටර් රථ ධාවන ඉසව් වලට සහභාගි වෙන්න තීරණය කලේ?
ඇත්තටම අපි ක්‍රීඩාවට හරිම ආසයි. අපේ මවුපියන් පොඩි කාලෙ ඉඳලම අපි ක්‍රීඩාවට යොමු කරලා තියෙන්නෙ. යාළුවොත් එක්ක උනත් අපි තරඟයක් දෙන්න ආසයි. අපි ගහගන්නවත් තවත් කෙනෙක්ව පරද්දලා සතුටු වෙන්නවත් නෙවෙයි තියන ආසාවටයි ක්‍රීඩාව කරන්නෙ. සහයෝගයෙන් තරඟයක් දෙන්න තමයි උත්සාහ කරන්නේ.
වෙන ක්‍රීඩාවක් තෝරගන්න තිබුණානේ...?

Peradeniya_uni

ක්‍රිස්තු වර්ෂ 1942 වර්ෂයේ ආරම්භ කල පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණිතම හා විශාලතම විශ්ව විද්‍යාලය වේ. සර් අයිවර් ජෙනිංග්ස් පේරාදෙණිය විශ්ව විද්‍යාලය පිහිටුවීමෙන් පසු ලොවේ කිසිදු සරසවියක්, පේරාදෙණිය සරසවිය වැනි පසුතලයක් උරුම නොකරගනු ඇතැයි පැවසිය. 
ජාතික වස්තුවක් ලෙස නම් කල හැකි මෙම විශ්ව විද්‍යාලය වර්තමානයේදී විශාල අර්බුධයන්ට සහ අධ්‍යාපනික පරිහානියකට ලක්ව තිබේ. නොබෝදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්‌. බී. එස්‌. අබේකෝන් මහතා ලෝකයේ තිබෙන විශ්වවිද්‍යාල අතර 2011 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හිමිවී තිබෙන්නේ 2200 වන තැන බව හෙළි කළේය.
ලංකාවේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස සැලකෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලයටත් වඩා ගුණාත්මක භාවයෙන් පහලින් සිටින බව මේ අනුව පෙනී යයි. පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයට මෙවැනි ඉරණමක් අත් වුයේ මන්ද ? ඒ සඳහා වගකිවයුත්තෝ කවුරුද ?

GPS for Bussesඇතැම් පෞද්ගලික බස් රථ මඟීන් පටවාගන අධික වේගයෙන් ධාවනය කරන අතර තවත් ඒවා මඟීන්ගේ කාලය කා දමමින් ඉබි ගමනින් ධාවනය කරනවා.
මෙම වැරදි අල්ලාගන දඬුවම් පැමිණිවීම සඳහා ජී.පී.එස් තාක්ශණය (පුද්ගලයා සිටින ස්ථාන හඳුනාගැනීමේ චන්ද්‍රිකා තාක්ෂණය) උපයෝගී කරගැනීම දිවයින පුරා ක්‍රියාත්මක කරන බව පෞද්ගලික ප්‍රවාහන ඇමති සී.බී රත්නායක මහතා පවසනවා.
නව වැඩපිළිවෙළ යටතේ බස් රථ නිරීක්ෂණය කිරීම සඳහා පෞද්ගලික අමාත්‍යාංශය හා ගමනාගමන කොමිෂන් සභා කාර්යාලයේ අධිතාක්ෂණික උපකරන ස්ථාපනය කෙරෙන බවයි සඳහන් වෙන්නේ.

images (1)මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා සහ ඔහුගේ බිරිඳ ලූසිඩා සිල්වා දෛවඥයින්ගේ උපදෙස් පිට 2012 නව වසර ලබන අවස්ථාවේ රටින් බැහැරව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නොහොත් ඩුබායිහි ගතකොට ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා නවවසරට වැඩ ඇල්ලූ ආකාරය පිළිබදව වාර්තා වේ.


මර්වින් සහ ලූසිඩා ඩුබායිහි ලැගුම්ගෙන තිබෙන්නේ ඔවුන්ගේ හිතවතෙකු වන ගිහාන් කරුණාරත්න නම් මිතුරෙකුගේ නිවසකය. ඩුබායි රටට වඩා පැය කිහිපයක් කලියෙන් 2012 වසර ලංකාවට උදාවීම නිසා ලංකාවේ කැළණියේ සිට මර්වින් සිල්වාගේ එක් අනියම් පෙම්වතියක්වන සුරේකා අවුරුද්දට සුභ පැතීම සඳහා මර්වින් සිල්වාගේ ජංගම දුරකථනයට කෝල් එකක් දී තිබේ.

fire-cat1අනියම් සබඳතාවක් පවත්වන බවට සැක සිතා සිය බිරියගේ රහස් ප‍්‍රදේශයටපෙට‍්‍රල් දමා ගිනි තැබීමේ සිද්ධියකට අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකුලබන මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹඅතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රහර්ෂා රණසිංහ මහත්මිය නියම කළාය.

සැකකරු කොළඹ තරු පහේ හෝටලයක සේවය කරන අයෙකු බවත් ඔහු ඉකුත්12 වැනිදා මෙම අපරාධය සිදු කර ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර බරපතල පිළිස්සීම් තුවාල ලැබූ බිරියකොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter