Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ
අලූත්ම පුහුණුකරු
ජෙෆ් මාර්ෂ්

Geoff Marshශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ඔස්ටේ‍්‍රලියානු පිළේ හිටපු පිතිකරුවකු වන ජෙෆ් මාර්ෂ් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් පත් කර තිබෙන බව වාර්තා වේ’
     ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය සඳහා ඉදිරිපත් කළ ඉල්ලූම්පත් සලකා බැලීමෙන් පසු කළ සම්මුඛ පරීක්ෂණවලින් ජෙෆ් මාර්ෂ්ව තෝරාගෙන තිබේ’ එකල ඔස්ටේ‍්‍රලියානු පිළේ  ආරම්භක පිතිකරුවකු වූ” දැනට 52 හැවිරිදි ජෙෆ් මාර්ෂ් ටෙස්ට් තරඟ 50කට හා එක්දින තරඟ 115ට වැඩි ප‍්‍රමාණයකට සහභාගී වී ඇති ඔහු
1995-1999 දක්වා ඔස්ටේ‍්‍රලියානු ජාතික කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කර ඇත’  1999 දී ඔස්ටේ‍්‍රලියාව ලෝක කුසලානය දිනා ගත් අවස්ථාවේදීත් ජෙෆ් මාර්ෂ් පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ’  මීට අමතරව මාර්ෂ් 2000-2004 කාලයේදී සිම්බාබ්වේ ජාතික කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ’

අකලංක හොඳ පෙම්වතෙක් වුණා
හොඳ කෙනෙක් මුණ ගැසුනොත් ආදරය කරනවා
               උපේක්ෂා
උපේක්ෂා හොඳ පෙම්වතියක් වුණා
මම ලබන වසරේ විවාහ වෙනවා
               අකලංක

 
Upeksha-Akalankaඋපේක්ෂා නැවතත් පෙම්වතියක් වී තිබෙන බව ආරංචි වෙනවා’ ඒ ඉනෝකා සත්‍යාංගනීගේ සින්ඩරෙල්ලා චිත‍්‍රපටය තුළිනි’ උපේක්ෂාගේ පෙම්වතා ලෙස චරිත මවන්නේ අකලංක ගනේගමයි’ චිත‍්‍රපටය තුළ අකලංක තමන්ට හොඳ පෙම්වතෙක් වූ බවයි උපේක්ෂා පවසා සිතන්නේ’
   අකලංක පෞද්ගලිකව ගත්තොත් හොඳ විනයක් තියෙන වැදගත් පවුලක කෙනෙක්’ ඒ සාධක ප‍්‍රමාණවත් වුණා මට
අකලංක එක්ක රංඟනයේ යෙදෙන්න’ රංඟනයේදී සීමාවන් ඉක්මවා යන රංඟන ශිල්පීන් එක්ක මට නිර්මාණකරණයේ යෙදෙන්න අපහසුයි’ නමුත් අකලංකට තිබුණ විනය වගේම උදව්ව රංඟන භුමිකාව සාර්ථක කරගන්න මට උපකාරී වුණා’
   උපේක්ෂා එලෙස පවසන විට අකලංකටද උපේක්ෂාව චිත‍්‍රපටය තුළදී හොඳ පෙම්වතියක් වූ බවයි ආරංචි වන්නේ’
   ඇත්තටම උපේක්ෂා හොඳ පෙම්වතියක් වුණා’ එයත් එක්ක රඟපානකොට හරිම සැහැල්ලූවෙන් රඟපෑවේ’ සමහර දර්ශනතලවල මම රඟපානවද කියන එකත් මට අමතක වුණා’ උපේක්ෂාගේ සහයෝගය තිබුණ නිසා තමයි මට චරිතය ග‍්‍රහණය කරගන්න පුළුවන් වුණේ’

ESET2ලංකාවේ මේවන විට පරිගණක වෛරස් නිර්මාණය කිරීම ඉහළ ගොස් ඇති අතර විවිධ නම්වලින් හඳුන්වනු ලබන මෙම වෛරස් මගින් සිදු කරනු ලබන්නේ සාමාන්‍ය ආකාරයෙන් පවත්වාගෙන යන පරිගණක වැඩසටහන් සඳහා බාධා එල්ල කිරීමේ සිට පරිඝනක පද්ධති විනාශ කිරීම රටක යටිතල ව්‍යූහයන් විනාශ කිරීමට ද හැකියාව පවතී.
වර්තමානයේ නොයෙකුත් සොර මැරකම් සහ අපචාරයන් සයිබර් අවකාශය ඔස්සේ සිදුවේ.
එකී ගැටළුකාරී තත්ත්වයන්ගෙන් මිදී සිය දත්තයන් ආරක්‍ෂා කර ගැනීම සඳහා යාන්ත්‍රණයක් (Honey Pot) වශයෙන් වෛරස් ගාඩයක් හඳුන්වා දීමට Eset ආයතනය පියවර ගෙන ඇත.

ඒ අනුව ESET SMART SECURITY 5 සහ NoD 32 Antivirus 5 හඳුන්වාදීම කොළඹ දී ඊයේ(22) සිදුවිණි.

ටොන් 06ක් බරැති අභ්‍යාවකාශ පර්යේෂණ චන්ද්‍රිකාවක් පෘථිවිය ආසන්නයේ දී කොටස් 26කට කැඩී පෘථිවිය මතට කඩා වැටීමේ අවධානමක් ඇතැයි නාසා විද්‍යාඥයින් අනතුරු අඟවති.
පසුගිය සිකුරාදා(16) නාසා බලධාරීන් මෙය පෘථිවියට ඉක්මණින් ලඟා වෙනු ඇති බවට අනාවැකි පළ කර ඇත.

එසේම ලබන සතියවන විට මේ පිළිබඳ වඩාත් සවිස්තරාත්මක තොරතුරු මහජනතාවට දැනුම දීමේ හැකියාව ලැබෙනු ඇතැයි ද විශ්වාස කෙරේ.

Untitled-2

2003 වසරේදී පමණ ආරම්භ වූ ෆ්ලෑෂ් මොබ් යනු සංවිධානාත්මක පිරිසක් ප්‍රසිද්ධ ස්ථානයක එක්වරම එක්වී නර්තනයක යෙදී එක්වරම විසිර යාමයි. වෙනත් රටවල මෙය සුලභ දසුනක් වුවත් ලංකාවට මෙය තවමත් නැවුම් අත්දැකීමක්. පසුගියදා එයාර්ටෙල් විසින් ෆ්ලෑෂ් මොබ් යොදා ගනිමින් කොටුව දුම්රියපල ඉදිරිපිටදී ප්‍රචාරක කටයුත්තක නිරත වුනා. එහි වීඩියෝව පහතින්

අලව්ව දුම්රිය අනතුර
අලාභය මිලියන 75ක්

Alawwa train accidentතිදෙනෙකුට මරු කැඳවා තවත් මඟීන් තිහකට පමණ තුවාල සිදු කරමින් අලව්ව දුම්රිය ස්ථානයේ පෙරේදා (17වනදා* සිදු වූ දුම්රිය අනතුරට හේතුව පාලක මැදිරිය හා සංඥා පද්ධතියේ දුර්වලතාවයක්ද යන්න සොයා බැලීමට මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ’
  කොළඹ සිට පොල්ගහවෙල දක්වා වේගයෙන් ගමන් කරමින් තිබූ දුම්රියක් මහනුවර බලා
ධාවනය වූ නගරාන්තර දුම්රියේ පිටුපස නැරඹුම් මැදිරියේ ගැටී මෙම අනතුර සිදු වී තිබේ’ මෙම අනතුරින් නැරඹුම් මැදිරියේ සිටි මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටි ප‍්‍රංශ ජාතිකයෙකු හා පොල්ගහවෙල බලා ධාවනය වූ දුම්රියේ රියදුරා හා රියදුරු සහායකද මියගොස් තිබේ’ මියන්මාර් භික්ෂූන් වහන්සේ දෙනමක් ඇතුළු දුම්රිය මඟීන් 30 ක් පමණ තුවාල ලබා තිබේ’
  මෙම අනතුරින් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වූ අලාභය රුපියල් මිලියන 75ක් පමණ වන බව ප‍්‍රවාහන අමාත්‍යාංශය පවසයි’
 

police_logoදකුණු පළාතේ ගුවන් විදුලි සේවා ආයතනයක් තුළ දී සිදුවී ඇතැයි පැවසෙන අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරු දින 14ක කාලයට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අප කළ විමසීමකදී ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු ඒ බව තහවුරු කළේය.
අපයෝජනයට ලක්වී ඇත්තේ තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි  දස හැවිරිදි දැරියක බව ඔහු පැවසීය.

අදාළ ගුවන් විදුලි සේවය මගින් විකාශය කරන ළමා වැඩසටහනකට සහභාගි වීම සඳහා පැමිණි අවස්ථාවකදී දැරිය මෙම සිද්ධියට මුහුණපා ඇතැයි, එම සේවාවේ ප්‍රකාශකයෙකු පැවසීය.

prewඅභයදානය ලද ගවයන් තමා බේරාගත් පුද්ගලයන්ට කෘතවේදීත්වය දක්වන ආකාරයේ ජායාරුප පසුගිය කාලය පුරාම විවිධ මාධ්‍යය ඔස්සේ පලවිය.
මෙවන් තවත් ජායාරුපයක්  (11) සිළුමිණ පුවත්පත වාර්තා කොට තිබුණා.ඒ මරණයෙන් බේරාගත් වසු පැටියෙකු කොස්වත්ත ශ්‍රී ලුම්බිණි විවේක සේනාසනයට ගෙනා අවස්ථාවේ එහි විහාරාධිපති තලවතුගොඩ සද්ධාමංගල හිමියන් ඉදිරියේ වඳ වැටුණු ජායාරුපයක් පළකරමින්.
එම ජායාරුපය පහත වේ.

wimal-house-02

සිංගප්පූරුවේ පැවති 73 වෙනි විවෘත මලල ක‍්‍රීඩා තරගාවලියේදී මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කම ලබා ශ‍්‍රී ලංකාවට විශාල කීර්තියක් ලබාදුන් උපමාලිකා රත්නකුමාරි ක‍්‍රීඩිකාවට අංග සම්පූර්ණ නව නිවසක් ලබාදීමට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉදිරිපත් වෙයි. උපමාලිකා රත්නකුමාරි ක‍්‍රීඩිකාව පසුගිය දා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ දී හමුවූ අවස්ථාවේදී මේ බව විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් ඇයට දැනුම් දෙන ලදි.

තවත් සතියකින් මෙම නිවස ඉදිකිරීමේ කටයුතු ඇයගේ පැරණි නිවස පිහිටි දඹුල්ල, බුලාගල යන ප‍්‍රදේශයේදී ආරම්භ කිරීමට කඩිනමින් ක‍්‍රියාකරන ලෙසට අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. ”ජනසෙවණ කැපකරු” නිවාස යෝජනා ක‍්‍රමය යටතේ ඉදිකෙරෙන මෙම නිවස වෙනුවෙන් වැයකෙරෙන මුදල රුපියල් ලක්ෂ 15 කි.

Munneswaramහලාවත මුන්නේශ්වරම් භද්‍රකාලී දේවාලයේ සතුන් බිලි දීමේ පූජාවක් හෙට:13* පැවැත්වීමට නියමිත බවත් එය නීති විරෝධී මෙන්ම සදාචාර විරෝධී ක්‍රියාවක්වන බවත් ජාත්‍යන්තර සත්ව සුබ සාධන භාරය සංවිධානය සඳහන් කරයි.

පසුගිය වසරේ ද මෙවැනි බිලි පූජාවක් පැවැති බවත් මෙවර පසුගිය වසර මෙන් දෙගුණයකින් සතුන් වැඩි කොට එළුවන් දහසකට ආසන්න සංඛ්‍යාවකගේ ගෙල සිදීම සිදු කිරීමට සූදානම් වන බව මාතර – හම්බන්තොට දෙපලාතේ අධිකරණ සංඝනායක අපරැක්කේ හිමරතන නාහිමිපාණන් වහන්සේ පැවසූහ.

සා’ පෙළ වෙනස් වෙයි

Examඅධ්‍යාපන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය මෙතෙක් කල් පැවැතගෙන ආ ක‍්‍රමය වෙනස් කරමින් නව මුහුණුවරකින් ඉදිරිපත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි’
       මෙම නව ක‍්‍රමය ලබන වසරේ 6 වන ශ්‍රේණියට ඇතුළත් වන සිසුන්ගෙන් ආරම්භ කිරීමට නියමිත වී තිබේ’ මේ නිසා ලබන වසරේදී 6 වැනි ශ්‍රේණියේ සිට 9 වැනි ශ්‍රේණිය දක්වා විෂය නිර්දේශයන් වෙනස් කිරීමට නියමිතය’

පවුල් ආරවුලක් ගිය දුර


Lawyerමානසික රෝගයකට රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ගනිමින් සිටියදී නීතීඥවරයකු පැහැරගෙන යාමේ පුවතක් ඊයේ දිනයේදී වාර්තා වුණා’ කෙසේ වෙතත් පසුව දැනගන්නට ලැබුණේ රෝගියාගේ උපදෙස් මත මෙම පැහැරගැනීම සිදු වූ බවයි’
මොහු නීතීඥවරයෙකි’ ඉකුත් 4වනදා බිරිඳ සහ පවුලේ හිතවතුන් විසින් ඔහුට මානසික රෝගයක් ඇතැයි පවසමින් ප‍්‍රතිකාර ගැනීම සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ’ මෙම නීතීඥවරයාට මරදානේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් ඇති අතර එයට පෞද්ගලික ආරක්ෂක සේවයක් මඟින් ආරක්ෂාව සපයා තිබේ’

pilliyanනැගෙනහිර ප‍්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් :පිල්ලෙයාන්* සිය උප්පැන්න සහතිකයේ සහ ජාතික හැඳුනුම්පතේ ඇතිිදෙමළ’ ජාතිකත්වය වෙනස් කිරීම සඳහා ඉල්ලූම් කර ඇති බව දැනගන්නට ලැබේ
පසුගිය දිනවල පැවති දඹානේ වරිග මහගෙදර :ආදිවාසී මධ්‍යස්ථානය* පිටවීමත් සමඟ දඹානේ ආදිවාසී ජනයා තම සම්භවයන් සහිත ජන කොට්ඨාශ සොයමින් වාකරේ ප‍්‍රදේශයේ කර ඇති ගවේශණවලදී මේ බව හෙලි වී තිබේග එම ගවේශණවලදී ආදිවාසීන්ගෙන් පැවත එන 35000ක පමණ පිරිසකගේ තොරතුරු අණාවරණය වී ඇත

porakaබන්ධනාගාර රැඳවියන් දස දහසක්‌ රැකියා ඉලක්‌ක කරගනිමින් කර්මාන්ත ක්‌ෂේත්‍රයට යොමු කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක්‌ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය හා බන්ධනාගාර පුනරුත්ථාපන හා ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශය අතර අත්සන් කිරීම ඊයේ (6 දා) බෝගම්බර බන්ධනාගාරයේදී සිදුවිය.
මේ අවස්‌ථාවට සහභාගි වූ ඩලස්‌ අලහප්පෙරුම හා චන්ද්‍රසිරි ගජධීර යන අමාත්‍යවරු බෝගම්බර බන්ධනාගාරයේ පෝරකය පරීක්‌ෂා කළ අයුරු මෙසේ ඡායාරූපයට ලක්‌විය.

කමල් කලාවෙන් ටියුෂන් කලාවට


kamal addararachchiප‍්‍රවීණ නළු කමල් අද්දරආරච්චි දැන් ඉංග‍්‍රීසි ඉගැන්වීමට යොමු වී ඇති බව දැනගන්නට ලැබෙනවා’ ගම්පහ පැත්තෙ පෝස්ටර් එහෙමත් ගහලා තියෙන බවයි වාර්තා වන්නේ’ මේ පිළිබඳව කමල් දක්වන්නේ මෙවැනි අදහසක්’
ගොඩක් දෙනෙක් ඇහුවා ඇයි ඉංග‍්‍රීසි උගන්වන්නේ කියලා
මම ඉංග‍්‍රිසි උගන්වන්න සූදානම් වෙනවා කිව්වම බොහෝ දෙනෙක් මගෙන් අහන්න ගත්තා ඇයි ඉංග‍්‍රිසි උගන්වන්නේ’ ඔයාට පුළුවන්නේ රංගනය පිළිබඳ උගන්වන්න’ ඔයා අවුරුදු ගණනාවක් මේ ක්‍ෂේත‍්‍රයේ අත්දැකිම් සහ පළපුරුද්ද ඇති නළුවෙක්නේ කියලා’


dogප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා පවත්වනු ලබන වැඩමුළු මුවාවෙන් එක්‌තරා රාජ්‍ය නොවන සංවිධානයක්‌ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මුදල් අනිසි ලෙස භාවිත කරමින් පවුලේ උදවියට හා හිතවතුනට විනෝද චාරිකා සපයා දෙන බවට වාර්තා වේ

වනජීවී හා ගොවිජන සේවා අමාත්‍යාංශයේ ඉහළ පෙළේ පුද්ගලයකුගේ නියෝගය පරිදි මේ සඳහා දැනටමත් වනජීවී දෙපාර්තමේන්තුව වැය කර ඇති මුදල රුපියල් ලක්‍ෂ හතරකට ආසන්න වේ

මේනක කටකතා ගැන කතා කරයි
 
Menaka Rajapaksaමේනක රාජපක්ෂ ගැන මේ දවස්වල වැඩිපුර කතා කරනවා’ ඒ නෙහාරා පීරිස්ගේ නමත් ඈඳා ගනිමිනි’ මේ පිළිබඳව මේනක පුවත්පතකට අදහස් ප‍්‍රකාශ කර තිබුණා’
නෙහාරා එක්ක රඟපාන එක නතර කරන්නේ නැහැ
2008 වර්ෂයේදී මුතු කිරිල්ලී නාට්‍යයේදී තමයි මට මුලින්ම නෙහාරාව මුණ ගැහුණේ’ ඊට පස්සේ අපි දෙන්නාට එකට රඟපාන්න අවස්ථා ගොඩාක් ලැබුණා’ මුල් කාලයේ නම් කටකතා පැතිරුණේ නැහැ’ නමුත් නෙහාරාගේ දික්කසාදයත් එක්ක තමයි කටකතා වෙබ් අඩවිවල පවා පළ වුණේ’ මට කටකතා පැතිරෙනවා කියලා නෙහාරා
එක්ක රඟපාන එක නතර කරන්න බැහැ’ එහෙම වුණොත් තවත් කටකතා හැදෙයි’ බයට රඟපාන්නේ නැහැ කියලා’ මගේ හොඳ යාළුවෙක් වගේම අපි වරදක් කරලා නැති නිසා එකට රඟපානවා’

punamඉන්දියාව දිනුවොත් නිරුවත් වීමට සුදානම් නිරුපිකාවක වන පුනම් පාන්ඩේ ගැන අපි ඔබට පෙර ලිපියකින් හෙළි කළාග

ලෝක කුසලාන අවසන් තරඟයෙන් ඉන්දියාව ජයග්‍රහණ කිරීමත් සමග බොහෝ දෙනෙකු පුනම් පාන්ඩේ පිලිබඳ විමසා සිටියාග

නමුත් පුනම් පාන්ඩේ තමාගේ පොරොන්දුව නම් ලෝක කුසලානෙන් පසු ඉටු කලේ නැහැග

මේ දිනවල එංගලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේදී ඉන්දියානු පිල උද්යෝගිමත් කිරීම සඳහා ලෝක කුසලාන සමයේ වූ පොරොන්දුවෙන් අඩක් ඉටු කරන බව පුනම් පාන්ඩේ පසුගියදා :2* සිය ට්විටර් ගිණුම මගින් ප්‍රසිද්ධ කොට සිටියේ අඩ නිරුවත් ජායාරුපයක්ද සමගිනිග

එම ජායාරුපය පහතින්

136468අකුරැස්ස තෙලිජ්ජවිල අපොස උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේදී විභාගය අවසන්වීමෙන් පසුව අවුරුදු දහයක දැරියක කෙළෙසීම සම්බන්ධයෙන් ගුවන් හමුදාවේ හිටපු සෙබළකු ද විභාග රාජකාරි කළ රජයේ සේවකයන් නව දෙනකු ද සැකපිට අත්අඩංගුවට ගත්බව අකුරැස්ස පොලිසිය පවසයි.

උසස් පෙළ පොදු පරීක්ෂණය අවසානයේදී විභාග ශාලාධිපති ඇතුළු පිරිස මත්පැන් සාදයක් පවත්වා ඇතැයිද පාසල පවිත‍්‍ර කිරීම සඳහා සිය මව හා නැගණිය සමග ආ දැරිය එහි සෙල්ලම් කරමින් සිටියදී මත්පැන් සාදයට සහභාගි වූ බව කියන කොස්තාපල්ගේ සහෝදරයකු වන හිටපු ගුවන් භටයා  ඇය පන්ති කාමරයකට එක්කරගෙන ගොස් කෙලෙසා ඇතැයිද පැමිණිල්ලේ දැක්වේග
විභාග ශාලාධිපති හා පරීක්ෂකවරුන් සේ ක‍්‍රියා කළ ගුරුවරු තිදෙනෙක්ල මුරකරුල කාර්යාල කාර්ය සහායකයෙක්ල පොලිස් සැරයන් වරයෙක් හා කොස්තාපල්වරයෙක්ද අත්අඩංගුවට ගත් අය අතර වෙති.

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter