ජැකලයින්ට 2 හිමිවෙයි
ජැකලයින් ෆර්නෑන්ඩර්ස් රඟ පෑ මර්ඩර් 2 අති සාර්ථක වීම නිසා ඇය තවත් නවතම චිත‍්‍රපටයක රඟපෑමට ගිවිසුම් අත්සන් කර ඇතැයි වාර්තා වෙයි’ ඒ 2 චිත‍්‍රපටයයි’ මෙම 2 චිත‍්‍රපටයේ රඟපෑමට මීට පෙර තෝරා ගෙන ඇත්තේ සෝනක්ෂිය’ ඇය මෙහි රඟපෑමට ආසාවෙන් සිටියද ඇයගේ කාර්ය බහුලත්වය නිසා මෙම චිත‍්‍රපටයේ වැඩකටයුතු සඳහා දින වෙන් කර ගැනීමට අසීරු වී තිබේ’ මේ නිසා රේස් 2 චිත‍්‍රපටයේ රඟපෑමට ජැකලයින්ට අවස්ථාව උදා වී තිබේ’
2 චිත‍්‍රපටයේ ගිවිසුම් අත්සන් කිරීමට පෙර ජැකලයින්ට ණරසිය 3 චිත‍්‍රපටයේ රඟපෑමට ආරාධනා ලැබී තිබුණත් ඇය එහි රඟපෑම ප‍්‍රතික්ෂේප කර තිබෙන බවයි වාර්තා වන්නේ’
රාගම ප්‍රදේශයේදී නාඳුනන මැර පිරිසක් විසින් පැහැරගෙන යනු ලැබූ “ලොකු සීයා” නොහොත් රාගම දේවාලයේ කපු මහතා සොයා ආන්දෝලනාත්මක චරිතයක් ලෙස ප්‍රකට රජයේ දේශපාලනඥයෙක් මෙහෙයුමක් අරඹා තිබේ.
මේ අනුව “ලොකු සීයා” අතුරුදන් වූ පෙරේදා (27 දා) සැන්ඳෑවේ සිට මෙම දේශපාලනඥයා පොලිසියේ ඉහළම නිලධාරීන් කිහිප දෙනකුටම දුරකථනයෙන් කතා කර “ලොකු සීයා” පිළිබඳ තොරතුරු විමසා ඇතැයි ද වාර්තා වේ.
ඝාතනයට ලක් වූ ලිබියානු නායක කර්නල් මුවම්මර් අල් ගඩාෆිගේ සිරුර අද(25) රහසිගත ස්ථානයක මිහිදන් කිරීමට නියමිත බව ලිබියානු අන්තර්වාර පාලන මණ්ඩලය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
අනාගතයේ ගරුබුහුමන්වලට ලක්වීම වැළැක්වීම පිණිස එම සිරුර කාන්තාරයේ ඉතා රහසිගත ස්ථානයක මිහිදන් කිරීමට නියමිතව ඇත.
ඝාතනයට ලක්වූ ලිබියානු නායකයාගේ සිරුර මිස්රාටා නුවර ශීතාගාරයක ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර තිබූ අතර සිරුර දියවී යාමට පටන් ගැනීමත් සමඟ ගඩාෆි විරෝධීන්ට එම සිරුර තවදුරටත් ප්‍රදර්ශනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.
වෙඩි වැදීමෙන් තුවාල ලබා ජයවර්ධනපුර රෝහලේ ස්නායු දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රකාර ලබන පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා මහතාට ලිපි, තැපැල්පත් සහ පාර්සල් විශාල වශයෙන් රෝහල් ලිපිනයට ලැබෙන බව වාර්තා වේ.
කෙසේ වුවද එම ලිපි රෝහලේ රාජකාරී ලිපි හා පාර්සල් ලැබෙන තැපැල් අංකයට යොමු නොකරන ලෙස රෝහල් පරිපාලනය විසින් තැපැල් ස්ථානයට දැනුම් දීමක් කර තිබේ.
පසුගියදා දුමින්ද සිල්වා මහතාට ලැබුණු තැපැල් පාර්සලයක බොනික්කෙකු තිබිණි.
දැන් වචන මුමුණනවා
පාර්ලිමේන්තු කථානායකවරයාගේ අවසරය ලබාගෙන තව නොබෝ දිනකින් පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා මහතාගෙන් කටඋත්තරයක් ගැනීමට ක්‍රියා කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. ඇතැම් විට ඉදිරි කාලයේදී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය පිළිබඳව දුමින්ද සිල්වා මහතා අධිකරණයේදී සාක්‌කි දීමට පවා ඉඩ තිබෙන බව පොලිසිය කියයි.
තවදුරටත් මේ පිළිබඳව මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණයක් පවත්වන නිසා දුමින්ද සිල්වා මහතා පිළිබඳව වැඩි තොරතුරු අනාවරණය කිරීමට නොහැකි බව ද පොලිසිය කියයි.
මෙම වසරේ සරසවි ප්‍රව්ශයට සුදුසුකම් ලැබූ සිසුන් 20,274 දෙනාටම ලැප්ටොප් පරිගණකය බැගින් ලබාදීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇත.
මුලින් ලැප්ටොප් ලබාදෙන්නේ නොමිලේයැයි රාවයක් පැතිරගිය අතර පසුව හෙළි වුයේ ලැප්ටොප් ගෙවීමේ පදනම මත හා රැකියාවකට යොමු වීමෙන් පසුව ගෙවීමේ එකඟතාව මත මෙම ලැප්ටොප් ලබා දෙන බවයි.
ඒ අනුව මෙයට පෙර විසින් අප පල කල ලිපියක් මගින් හෙළිකළේ HP Pavilion G6 ලැප්ටොප් පරිගණකය රුපියල් 71490 කටත් Core 2 Duo ලැප්ටොප් පරිගණකය 59490 කටත් ලබාදීමට සැලසුම් කර ඇති බවයි.
පළාත් සභා ඇමතිගේ නිවස සෝදිසි කිරීම
විශේෂ කාර්ය බළකාය ප‍්‍රතික්ෂේප කරයි
මීගමුව දළුපොත ප‍්‍රදේශයේ පිහිටි බස්නාහිර පළාත් සංචාරක” ප‍්‍රවාහන” මහාමාර්ග ඇමති නිමල් ලාන්සාගේ නිවස හා එම ප‍්‍රදේශයේ තවත් නිවාස කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ
පිරිසක් විසින් සෝදිසියට ලක් කළ පුවතක් වාර්තා විය’ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙසේ සෝදිසියට ලක් කර ඇත්තේ තහනම් ගිනි අවි” නීති විරෝධී වාහන හා තහනම් භාණ්ඩ ඇති බව පවසමින් බවද වාර්තා වේ’
පසුගිය 18 වනදා පාර්ලිමේන්තුවේදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා 2010 වසරේ සැප්තැම්බර් මස ජනාධිපතිවරයා සහ 30 දෙනෙකුගෙන් යුතු දුත පිරිසක් එක්සත් ජාතින්ගේ සමුළුව සඳහා නිව්යෝක් නුවරට යෑම සඳහා කොපමණ මුදලක් වැය කර ඇතිදැයි විමසූ අවස්ථාවේදී ජි.එල් පිරිස් මහතා එයට උත්තර ලබා දුන්නේය.
එම ප්‍රශ්නය විමසු අවස්ථාවේ සභාවේ සිටි ආණ්ඩුවේ පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රකාශකළ කරුණු කාරණා නිසා දයාසිරි ජයසේකර සහ රෝසි සේනානායක අතර මත ගැටුමක් ඇතිවී ඇත.
පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා මහතා භාරත පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනයට සැකකාරයෙකු නොවන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ ප‍්‍රධානී ලක්ෂ්මන් හුලූගල්ලේ මහතා පවසයි. බීබීසී සන්දේශය සිංහල වැඩසටහනට විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පවසා තිබේ.
භාරත ලක්ෂ්මන්ගේ රියදුරු දුන් සාක්ෂියට අනුව දුමින්ද සිල්වා මහතා භාරතට පහරදී වෙඩිතැබීමට කල ප‍්‍රකාශය සම්බන්ධායන් අදහස් දක්වන හුළුගල්ලේ මහතා පවසන්නේ ‘දුමින්ද සිල්වා දැනටමත් මේ සම්බන්ධයෙන් තුවාල ලැබූ රෝගියෙක්. ඔහු මේ ඝාතනය කළා යයි සාක්ෂි කිසිවක් මේ වනතුරු ඉදිරිපත්වී නෑ. ඔහුගේ පුද්ගලික බොඩිගාඞ්ලාත් මේ සිද්ධිය සිදුවන අවස්ථාවේ එතැන සිටියා. ඒත් අත්අඩංගුවට පත්වී සිටින අය අතර දුමින්ද සිල්වාගේ සහායකයින් කිසිවෙකු නෑ.’ යනුවෙනි.
Dan Wheldon was killed in a 15-car pileup at Las Vegas Motor Speedway on Sunday in the Izod IndyCar Series season finale.
Wheldon was 33.
The crash started in front of Wheldon, the reigning Indianapolis 500 champion and 2005 series champion, and his car launched off of a car in front of him, flipped into the catchfence and erupted in flames on Lap 12.
At one point during the crash, three cars were airborne and upside down.
දරුවන් විසිතුන්දෙනකුගේ පියකු බව කියන හැත්තෑ නව හැවිරිදි පුද්ගලයකුට අයිතිවාසිකම් කියූ කාන්තාවන් දෙදෙනකු අතරින් හැත්තෑ හැවිරිදි බිරිය ප්‍රතික්ෂේප කර අලුත් විවාහ කර ගත් හතළිස් නව හැවිරිදි බිරිය සමඟ පවුල් කන බව පවසා ඇය සමග පොලිසියෙන් පිටව ගිය පුද්ගලයකු ගැන පුවතක් කඩුගන්නාව පොලිසියෙන් වාර්තා වෙයි.
දැනට දෙසතියකට පමණ ඉහතදී අදාළ පුද්ගලයා මෙම 49 හැවිරිදි කත විවාහ කරගෙන ඇති අතර, ඒ පිළිබඳව හැත්තෑ හැවිරිදි බිරිය කඩුගන්නාව පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පාලන අධිකාරිය ඉවත් කිරීම මගින් ඔවුන්ට එරෙහිව ඇති චෝදනා විභාග කිරීමේ අවස්ථාව ගිලිහී යන බව සමස්ත ලංකා සුවසේවා සංගමය පවසයි.
අදාළ පාලකයින්ට එරෙහිව බොහෝ කලක පටන් දූෂණ චෝදනා පවතින බව එම සංගමයේ ගාමිණී කුමාරසිංහ මහතා පෙන්වාදෙයි.
හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව මහා පරිමාණ වශයෙන් මුදල් අක්‍රමිකතා පිළිබඳ චෝදනා එල්ලවී තිබුණු බවත්,ඒ නිසා ඒ අයට එරෙහිව විනායානුකූලව හා නීත්‍යනුකූලව කටයුතු කිරීම පසෙක ලා පාලන අධිකාරිය ඉවත් කිරීමෙන් පමණක් ගැටලුවට පිළියමක් නොවන බව ඔහු අවධාරණය කළේය.
ඔවුනට එරෙහිව එවැනි ක්‍රියා මාර්ගයක් නොගෙන පාලනාධිකාරියෙන් ඉවත් කිරීම මගින් සිදුවන්නේ”හොරුන් ආරක්ෂා කිරීමක්”බවටත් ඔහු චෝදනා කළේය.
එසේම ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තා එළිදැක්විය යුතු බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් හලාවත ප්‍රදේශයේ ධීවරයින් පිරිසකට ආරක්ෂක උපකරණ හා ආරක්ෂක කබා පිරිනැමීමේ උත්සවයක් ඊයේ පැවැත්විය.
එහිදී අදහස් දක්වමින් රාජිත සේනාරත්න මෙසේ සඳහන් කළේය.
“විනයක් නැතුව රටක් හැදෙන්නෙත් නෑ. විනයක් නැතුව කර්මාන්තයක් හැදෙන්නෙත් නෑ. දැන් බලන්න ඊයේ පෙරේදා මරා ගත්තා. මොකටද?
කොළඹ නගර සභවේ ජයග‍්‍රහණයත් සමඟ ඒ සඳහා උදවු උපකාර කරන ලද්දන් සඳහා ඒ.ජේ.එම්. මුසම්ම්ල් නගරාධිපතිවරයා අගනුවර ප‍්‍රධාන පෙලේ හෝටලයකදී ව්‍යාපාරික හමුවක් පවත්වා ඇත. එම හමුවට කෙන් බාලේන්ද්‍රන් සහ හැරී ජයවර්ධන වැනි ප‍්‍රබල ව්‍යාපාරිකයන් පිරිසක් සහභාගී වී ඇති අතර හමුවේදී ප‍්‍රධාන වශයෙන් සාකච්චා කොට ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ මහතා සහ මහරාජා ආයතනය අතර යම් ආකාරයේ සංහිඳියාවක් ඇති කිරීම සඳහා මැදිහත්විය හැකි ආකාරය පිළිබඳවය.
වික‍්‍රමසිංහ මහතා සංවිධාන නායකත්වය දුන් කොළඹ නගර සභාවේ ජයග‍්‍රහණය පිළිබඳවත් සජිත් පේ‍්‍රමදාස මහතා නායකත්වය දුන් එජාප බලකොටු වූ ආයතනයන්හි පරිජයන් පිළිබඳවත් අවධාරණය කරමින් එම කටයුත්තට ඉදිරියේදී ක‍්‍රියාකාරීව මැදිහත්වීමට මුසම්මිල් මහතා සූදානමිව් සිටින බවද දැනගන්නට ඇත.
දුමින්දගේ කෙනෙක් භාරත මහත්තයාගේ
ඔළුවට වෙඩි තිබ්බා – දිවි ගලවා ගත් රියෑදුරු කියයි
“මුල්ලේරියාව වල්පොල හන්දියේදී වාහනයෙන් බැහැල ආව දුමින්ද සිල්වා භාරත මහත්තයට එකවරම පහර දුන්නා. මහත්තය බිම ඇදගෙන වැටුණා. ඒ වෙලාවෙ දුමින්ද සිල්වා ළඟ හිටපු කෙනෙක් භාරත මහත්තයගෙ කකුලට වෙඩි තිබ්බා. එතකොට කවුදෝ කෑගැහුවා. ඕකගෙ ඔළුවට තියන්න කියලා. එතන හිටපු දුමින්ද සිල්වගේ කට්‌ටියෙ කෙනෙක් භාරත මහත්තයගෙ ඔළුවට පිට පිට වෙඩි ප්‍රහාර එල්ල කළා” යෑයි ඝාතනයට ලක් වූ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ රියෑදුරු තම ත්‍රාසජනක අත්දැකීම විස්‌තර කරමින් කියා සිටියේය.
මුල්ලේරියාව වල්පොල හන්දියේදී පෙරේදා (08 වැනිදා) සවස 3.30 ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට ලක්‌විය. වෙඩි ප්‍රහාරයෙන් ඒ මහතාගේ ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනකු ද මරුමුවට පත් වූ අතර තවත් අයෙක් බරපතළ තුවාල ලැබීය.
මෙම වෙඩි තැබීමෙන් කොළඹ දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා මහතා බරපතළ තුවාල ලැබූ අතර ඔහුගේ අනුගාමිකයෝ කීපදෙනකු ද තුවාල ලබා රෝහල් ගතකර තිබිණි.
ජනපති මහින්ද හා ජනපති ඔබාමා හමුවීම
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ 66 වන රාජ්‍ය නායක සමුළුවට සහභාගී වී සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට භෝජන සංග‍්‍රහයක් අතරතුරදී ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාද මුණ ගැසී තිබේ’
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් විසින් රාජ්‍ය නායකයින් සඳහා එම සංවිධාන මූලස්ථානයේදී දිවා භෝජන සංග‍්‍රහයක් පිරි නමා තිබේ’ ඒ අවස්ථාවේදී රාජ්‍ය නායකයින් සමඟ කතා බහ කරමින් සිටි ජනාධිපති බරක් ඔබාමා ශී‍්‍ර ලංකා ජනපතිවරයා සමඟද සුහඳ කතා බහක නියැලී තිබේ’
ගෝනවල ප්‍රදේශයේ ආරාමයක දස සිල් මාතාවකට ලිංගික අතවර කළ බව කියන සැකකරුවෙකු රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
කැලණිය පොලිසිය මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.
පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ගෝනවල ප්‍රදේශයේ ආරාමයක වාසය කරන පැමිණිලිකාර දස සිල් මාතාව හමුවීමට පැමිණ ඇති මෙම සැකකරු නඩුවකට අදාළ දඩයක් ගෙවීම සඳහා මුදල් ඉල්ලා ඇති බවයි.
බොහෝ දෙනා බලාපොරොත්තුව සිටි පරිදි ඇපල් සමාගම විසින් අයි ෆෝන් 5 සංස්කරණය ඉදිරිපත්කරනවා වෙනුවට වැඩි දියුණු කල අංග සහිතව Iphone 4S සංස්කරණය නිකුත්කොට තිබෙනවා.
මෙය මෙම මස 14 වනදා සිට වෙළඳපලට නිකුත්කිරීමට සුදානම්කොට තිබෙනවා.Iphone 4 සංස්කරණයේ පෙනුමම මෙම නව සංස්කරණයටත් නැති අතර එය 16GB, 32GB හා 64GB යන මාදිලි වලින් කළු හා සුදු වර්ණ වලින් ලබාගත හැකිය.
මේ අතර ඇපල් සමාගමේ සම නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් මහතා මියගොස් තිබෙනවා
නව සංස්කරණයේ ඇති විශේෂාංග පහතින්
ඇමරිකාවේ රියැලිටි ටී.වී. තාරකාවක හා ප්ලේබෝයි කවර නිරූපිකාවක් වන හොලි මැඩිසන් සිය පියයුරු ඩොලර් මිලියනයකට රක්‍ෂණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් මැඩිසන් පවසන්නේ යම් හෙයකින් ඇගේ පියයුරු සඳහා හැනියක් වුවහොත් ඇයට මාස ගණනාවකට සිය රංගනයෙන් ඈත්වීමට සිදුවන බවත්, පියයුරු යනු ඈ සතු වත්කමක් බවයි.
එහෙයින් තමාට හිමි මෙම වත්කම රක්ෂණය කර ගැනීමට තමා පියවර ගත් බවයි.
කෙසේවුවද ශරීරාංග රක්‍ෂණය කළ එකම තැනැත්තිය ඇය නොවන අතර මීට පෙර බටහිර ගායිකා මරායා කැරී සිය පාද ඩොලර් බිලියනයකට රක්‍ෂණය කර තිබිණි.
ලංකාදීප කලා සංස්කාරක සමන්ත යහම්පත් එම පුවත්පතේ ටෙලි නාට්‍ය හා සිනමාවට නවක මුහුණු හදුන්වාදීමට අල්ලස් ලබා ගන්නා බව වාර්තා වේ.
ගල්කිස්ස ටෙම්පල් පාරේ ඉදිවන ඔහුගේ නිවසට සිමෙන්ති කොට්ට දහයක ආධාරයක් ලබාදීමෙන් ඕනෑම නිළියකට ඉදිරි සතියේදී එම පිටුවේ පෙනී සිටිමේ අවසථාව උදාකරගත හැකි බව වාර්තා වේ.
එසේම යහම්පත්ව නිතර නිතර තනි පන්ගලමේ හමුවන නවක නිළියන්ගේ විස්තර ද මේ පිටුවේ පලවීම සුලබ කාරණාවක් බව කලා ලොවේ පිරිස කියති.
ටෙනිසන් එදිරිසංහගේ අඩිපාරේ යන මාධ්‍යවේදියෙකු ලෙසද මොහු ක්ෂේත‍්‍රයේ නමක් දිනාගෙන ඇතැයි ද මේ අතර වාර්තා වේ.
වෘත්තීයමය මෝස්තර නිරූපිකාවක් හා ආසියානු ෆැසිපික් කලාපයේ රූ රැජින ලෙස කිරුළුපලන් වාසනා දන්නතනාරායනගේ සැමියා වන රසිකගේ වත්මන් ප‍්‍රධාන ව්‍යාපාරය බවට පත්ව ඇත්තේ මැති ඇමැතිවරුන් හා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට මෝස්තර නිරූපිකාවන් හඳුන්වාදීම බව වාර්තා වේ.
රසික, මීට අමතරව ව්‍යාපාරිකයන්ට ටෙලි නිළියන් හඳුන්වාදීම ද සිදු කරන බව වාර්තා වේ.
ඔහු මෙම ගනුදෙනුව සිදුකරනු ලබන්නේ ‘නිරූපිකාවන්ගේ බැංකුවක්’ පවත්වාගෙන යන මුවාවෙන් බව ද වාර්තා වේ.
මේ සඳහා කොළඹ කාර්යාලයක් ද ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
සිරස රූපවාහිනිය මෙහෙයවූ ‘සිරස සුපර් ස්ටාර්- ජෙනරේෂන් ෆෝ’ රියැලිටි වැඩසටහනේ අවසන් වැඩසටහන මෙහෙයවූ නිරෝෂා පෙරේරාගේ යටකලිසම පේ‍්‍රක්‍ෂකයන්ට දැකගැනීමට ලැබී ඇතැයි වාර්තා වේ.
නිරෝෂා දුහුල් ගවුමක් යටින් ඇගේ ඊළඟ ජවනිකාවට අවශ්‍ය යට කලිසම ඇඳසිටීම නිසා මෙම අවුල සිදුව ඇතැයි ද වාර්තා වේ.
මෙම වැඩසටහනේ ඇඳුම් නිර්මාණයේ දුර්වලතාවයක් හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇත.
සිරස නාලිකාවේ අසාර්ථකම රියැලිටි වැඩසටහන මෙය බවට මේවන විට ක්‍ෂේත‍්‍ර ප‍්‍රවීනයන්ගෙන් චෝදනා එල්ලවී ඇතැයි ද වාර්තා වේ.
ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නිලි සහ විලාසිතා ශිල්පිනියක් වන මුතු ඉමේෂාගේ අලූත්ම පෙම්වතා බවට පත්වී සිටින්නේ නදීෂ ගනේගොඩ බව වාර්තාවේ.
නදීෂ මීට පෙර නදීෂා හේමමාලි, මේනකා පීරිස් වැනි ටෙලි නිලියන් සමග පැවැත්වූ සම්බන්ධතාවයන් මේ සමග අහෝසි වී යන අතර, ඔහු දැන් එක සිතින් මුතු ඉමේෂා සමග පෙමින් වෙලී සිටී.
පසුගිය මස කෙන්යාවේ පැවැති නදීෂගේ සොයුරියගේ විවාහ මංගල්‍යයට සහභාගිවීම සඳහා නදීෂා හේමමාලි සමග කෙන්යාවට ගිය බව වාර්තා කළ අතර, එම වාර්තාව පළවීමෙන් පසු එතෙක් ඔහුගේ පෙම්වතියක්ව සිටි මේනකා පීරිස් ඇයගේ පෙම්වතුන්ගේ ලැයිස්තුවෙන් නදීෂගේ නම කපා හැර තිබේ.
වයස අවුරුදු 15-17 අතර පාසල් යන වයසේ පසු වූ සිසුන් පිරිසක් පොලිසිය විසින් ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබේ. උපකාරක පන්ති යන මුවාවෙන් ගෙදරින් පිටත් වී පාලු ස්ථාන වල මත්පැන් පානය කරමින් අසැබි චිත්‍රපට නරඹමින් සිටි මෙම පිරිස අතර සිසුවියක් ද සිට ඇති බව පොලිසිය පවසයි.
ඔවුන් විසින් නරඹමින් සිටි අසැබි චිත්‍රපට තැටි කිහිපයක් සහ මත්පැන් බෝතල් ද පොලිසිය විසින් සොයා ගෙන ඇත.
වැල්ලව පොලිසිය විසින් මෙම සිසුන්ගේ දෙමව්පියන් පොලිසියට කැඳවා ඇති අතර සිසුන්ට තරයේ අවවාද කිරීමෙන් අනතුරුව දෙමව්පයන්ට බාර දී තිබේ.