සුනාමි ගැන දැන බව වෙන්න දෙයක් නෑ. මොකද සුනාමියක් එන්න කලින් එස් එම් එස් alert
මෙම සේවා cwarn වෙබ් අඩවිය සම්පුර්ණයෙන්ම නොමිලේ ලබා දෙන සේවාවක් වන අතර. මුලින්ම එම වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතුය.එම ලියා පදිංචි විමේදි ඔබගේ නිවැරදි ජංගම දුරකතන අංකය හා අදාල ප්‍රදේශය අනිවාර්යෙන්ම සදහන් කලයුතුවේ. ලියා පදිංචි සාර්ථක වු පසු ඔබගේ දුරකතනයට එය කෙටි පණිවුඩයක් මගින් දැනුම් දෙනු ඇත.
ලියා පදිංචි විම සදහා
register from here : http://cwarn.org/member/registertested and working with Mobitel/Dialog and Etisalat
පසුගිය අවරුදු සමයේ මාතර පරෙවි දුපත ජනාධිපතිවරයා විසින් "රන් දුපත" යනුවෙන් නම්කොට ශ්‍රී රෝහණ සංඝ සභාවට පවරාදීම සිදුකරන ලදී.
එය පවරා දීමට පෙර ඉහලින් පොලිසිය වෙත අපුරු රාජකර්රියක් පැවරී තිබී ඇතයි වාර්තා වේ.එනම් කාක් දුපත යනුවෙන්ද හැදින්වූ මෙම දුපතේ ඇති අධික කපුටු ගහනය වෙඩි තබා මරා දැමීමටයි.ඒ අනුව කපුටන් 500 අධික ගණනක් දුපත පවරා දීමට ප්‍රථම මරා දමා ඇතයි වාර්තවේ.

ලොව බලගතුම පුද්ගලයින් සිය දෙනා තේරීම සඳහා ටයිම් සඟරාව විසින් පැවැත්වූ ජනමත විමසුමේ අවසන් ප්‍රතිපලයෙන් මහින්ද රාජපක්ෂ ඉවත් කොට තිබේ.ටයිම් සඟරාව විසින් පවත්වනු ලැබූ ලොව බලගතුම පුද්ගලයින් තේරීමට පළමු වරට ශ්‍රිලාංකිකයෙකු ඇතුලත් වූ අවස්තාව මෙය වේ.
එබැවින් මෙම අත්දැකීම බොහෝ දෙනෙකුට නැවුම් විය.ටයිම් සඟරාව පාඨකයන්ගේ ජන්දයෙන් බලගතුම පුද්ගලයා තේරීම අප්‍රේල් 14 වනදා වන විට අවසන් වී තිබිණ.
ඒ වනවිට බලගතුම පුද්ගලයා ලෙස පාඨකයන්ගේ ජන්දයෙන් "රේන්" තෝරාගෙන තිබිණි.අප්‍රේල් 14 වනදා වන විට මහින්ද රාජපක්ෂ සිටියේ ලයිස්තුවේ 20 ගණන්වලය.
ප්‍රසිද්ධ කරනු ලැබූ නිල ලැයිස්තුව හෙළි කරනු ලැබුයේ අප්‍රේල් 21 වනදා ඔවුන්ගේ තේරීම් මණ්ඩලයේ කැමැත්තට අතර අප්‍රේල් 14 අවසන් වූ පාඨක තේරීම් ලැයිස්තුව වසා නොදමා එයට අවශ්‍යනම් දිගටම ජන්දය ලබාදීමේ හැකියාව ලබා දී තිබුණි.
මහින්ද රාජපක්ෂ ලයිස්තුවේ ඇති බව බොහෝ දෙනා දැන ගත්තේ අප්‍රේල් 14 ජන්ද විමසීම අවසන් වූ පසු අතර 14 වනදායින් පසු ප්‍රකාශිත ජන්ද සියල්ල වලංගු වන්නේ නැත.
එනම් ජනධිපතිතුමා හතරවන ස්ථානයට පත්වීමද වලංගු නොමැත.මන්ද ඒවනවිටත් පාඨක ජන්දයෙන් තෝරාගැනීම සිදුකර අවසන් හෙයිනි.
තරඟය නිවැරදිව වටහා නොගැනීම නිසා බොහෝ පිරිස් අපහසුතාවයට පත්වූ අතර රජය විසින් පුවත්විකාශ වල "මහින්ද රාජපක්ෂ ලොව බලගතුම ජනපති වෙයි" යනුවෙන්ද පැවසුවේ මෙම ජන්ද විමසුම පිලිබඳ නිසි පරිදි සොයාබැලීමක් සිදුනොකළ නිසාවෙනි.
නව ලැයිස්තුව මෙතනින්
පසුගියදා සිරස ටි.වී ඔස්සේ විකාශය වූ ඉන්සයිඩ් ස්පෝර්ට්ස් වැඩසටහනට සහභාගී වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න ශ්‍රීලංකාව තරග පාවාදීම් කර ඇති බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කලා.
ඔහු මේ ප්‍රකාශය සිදු කලේ එම වැඩසටහනට සහභාගී වූ ප්‍රේක්ෂකයෙකුගේ පැනයකට පිළිතුරු වශයෙන්.
ඔහු පවසා සිටියේ 1992 සිට ශ්‍රීලංකාව තරඟ පාවාදීම් සිදු කර ඇති බවත් ඒ පිලිබඳ සම්බන්ධ පුද්ගලයන් හා සාක්ෂි තමා සතුව පවතින බවත් ඉදිරියේදී ඒවා හෙළිකිරීමට සුදානම් බවත් යනුවෙන්ය.
මෙම පාවාදීම් 2011 ලෝක කුසලානයේ සිදු නොවූ බවත් නමුත් අයි.පි.එල් වෙන්දේසියට පෙර ලෝක කුසලාන සංචිතය නම් කිරීම හා අබාධිත මැතිව්ස් වෙනුවට ක්‍රීඩකයන් හතර දෙනෙකු වෙනස් කිරීම ගැටළුවක් බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.

වමත් දඟ පන්දු ක්‍රීඩක රංගන හේරත් හට දුරකථනය ඔස්සේ ඇමතුම් දුන් තරුණියක් ඔහුගේ නිවසට පැමිණ ව්‍යාජ විවාහ සහතික ඉදිරිපත්කොට එහි නැවතීමට ගත් උත්සහයක් පිලිබඳ වාර්තා වනවා.
මෙයට වසර දෙකහමාරකට පෙර සිටම මෙම කරදරකාරී ඇමතුම තමා "වර්ෂා" යනුවෙන් හඳුන්වා ගත් තරුණියගෙන් ලැබී තිබෙන අතර මේ කරදරය අවසන් කරගැනීම සඳහා රංගන හේරත් ඇය හමුවීමටද වරක් ගොස් ඇත.
රංගන හේරත් පසුගියදා සේනානි ශානිකා සමග යුග දිවියට එළඹුණු අතර වර්ෂා නමැති තරුණිය විසින් රංගන විවාහ වූ තරුණියගේ නිවසටද ගොස් රංගන තම සමග විවාහ වි සිටින බව කියමින් විවාහ සහතිකය පෙන්වා තිබේ.
මේ අනුව ගල්කිස්ස පොලිසියේ මේ පිළිබඳව රංගන හේරත් පැමිණිල්ලක් දැමු අතර එහි ප්‍රතිපලයක් ලෙස වර්ෂා ලෙසින් හදුන්වගෙන සිටි තරුණිය අත්අඩංගුවට ගැනීමට සමත් විය.
මෙම තරුණිය අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇය සතුව තිබී සිම් කාඩ් 21,ව්‍යාජ විවාහ සහතික දෙකක්, ශ්‍රී ජයවර්හානපුර විශ්වවිද්‍යලයේ වෙද්‍ය ශිෂ්‍ය හැදුනුම්පත් දෙකක්,ලෝක කුසලානය සඳහා විශේෂ ආරාධිතයන්ට නිකුත්කළ ටිකට් පහක්,විශ්ෂ අමුත්තන්ට නිකුත් කල කාර් පාස් හතරක් සොයාගෙන ඇත.
මේ පිලිබඳ රිවිර පුවත්පතේ පළවූ ලිපිය

![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHBHZaBwiLKzCXpPkIXm7qnEd2MR9vcIXfki8dSHcVcPD-DsazYSjffHeG41-B9GBXQU8-6i4Lfo7pCywykUDIP1gYZsZN22yRLKSl_vBkjnxCk8IS9Vjbcuyszsdqs04FSISHJCw-1Nc/s320/FireShot+capture+%2523023+-+%2527Tip+from+Facebook___+I+Facebook%2527+-+www_facebook_com_permalink_php_story_fbid%253D100132243378000%2526id%253D20531316728.png)
මෙම ඇප්ලිකේෂන් එක ලබා ගැනීමේදී ජාවා කේතයක් ඔබේ වෙබ්ලිපින පුවරුවෙහි ඇතුලත් කිරීම මගින් පහසුවෙන්ම ඔබේ ගිණුමට ඇතුලත් වී ඔබේ අනුදැනුමෙන් තොරව ඔවුන්ගේ ප්‍රචාරයන් ඔබගේ ගිණුම හරහා සිදු කරගැනීමට ඉඩ හරි.
මෙයට සම්බන්ද අනෙක් උපාය වනුයේ ඉවෙන්ට් එකක් ආකාරයට මෙය පැතිරීමට උත්සාහ කිරීමයි.
ෆේස්බුක් විසින් ප්‍රකාශ කර සිටින්නේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක බලා ඇති පුදගලයන් සෙවීමට හැකියාවක් නොමැති බවත් එම වෛරසය වැලක් වීමට කටයුතු යොදන බවත්ය.
ඔබත් දැනටම මෙම ඇප්ලිකේෂන් එක ලබාගෙන ඇත්නම් ඇප්ලිකේෂන් වෙතගොස් එය ඉවත්කරන්න.
ඉන්දියානු අධ්‍යාත්මික නායක සත්‍ය ශ්‍රී සායි බාබාතුමා අද උදැසන අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට එතුමාගේ වයස අවරුදු අසු පහකි.
සත්‍ය ශ්‍රී සායි බබා මිය ගියේ වකුගඩු ආශ්‍රිත රෝගී තත්වයක් හේතුවෙනි.
සත්‍ය ශ්‍රී සායි බබාගේ අනුගාමිකයන් මේ අවස්තාව වන විට එතුමාගේ ආශ්‍රාමය වට රොක් වී ඇති ද වාර්තා වේ.
පසු ගිය කාලයේ සායි බබා පිලිබඳ විවධ මතිමතාන්තර පල වූ අතර අතෙම්කු ඔහු වංචනිකයෙකු ලෙස සඳහන් කලේ ඔහුට කිසිදු බලයක් නැති බව පවසමිනි.
කෙසේ නමුදු සිය රෝගී තත්වය උත්සන්න වීමට ප්‍රථම ශ්‍රීලංකාවට පැමිණ ජනාධිපති වෙයිද්‍ය එලයන්ත වයිට් මහතාගෙන් ප්‍රතිකාර ගැනීමට එතුමා බලාපොරොත්තුවෙන් සිටියේය.

මේවනවිටත් ලංකාව පුරාම කුඩු ජාවාරම සිදුවන බව අමුතුවෙන් කිවයුතු නොවේ.කෙතරම් නීති පනවා තිබුනත් කුඩු ජාවාරම ජයටම සිදුවන්නේ දේශපාලකයන්ගේ බලය නිසාවෙනි.
දැන් නම් කුඩු ගහන්නේ හන්දි වල සිටින රස්තියාදුකාරයන් පමණි මන්ද යත් සමාජයේ ඉහළපෙලේ ප්‍රභූන්ගේ පවුල්වල දු දරුවන්ට මිල අධික මත් ද්‍රව්‍ය වෙන්වී ඇති බැවිනි.
මෙයින් ප්‍රධාන තැනක් ගන්නේ එක්ස්ටසි නම් මත් ද්‍රව්‍යයි.පෙත්තක් ආකාරයෙන් ගත හැකි මෙය වඩාත් ප්‍රචලිතව ඇත්තේ කොළොඹ සමාජ ශාලාවල හා ජාත්‍යන්තර පාසල්වල සිසු සිසුවියන් අතරේය.
පෙත්තක මිල සාමාන්‍යයෙන් රුපියල් 14,000 කට අඩු නොවේ.එක්ස්ටසි බෙදාහැරීම සිදුකරන්නේ නුතන දුටුගැමුන්ගේ පුත් රුවනය.
පියා දිනකට ලක්ෂ නවයක් කප්පම් වලින් සොයන විට පුතා ඊට නොදෙනිව එක්ස්ටසි වලින් මුදල් ගරයි.එහෙයින් ලක්ෂ ගනන් වටින ජගුවර් රථ ගැනීම,ලක්ෂ ගණන් වියදම්කොට පින්කම් කිරීම තවදුරටත් පුදුමයක් වන්නේ නම් නැත.

ලබන සතියේදී (අප්‍රේල් 29) පැවැත්වීමට නියමිත විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන්ගේ විවාහ මංගල දිනයේ ඩිජිටල් කැමරා මගින් ඡායාරූප මිලියන 327ක් ගනු ඇති බවට නිකොන් සමාගම විසින් සිදුකල සමීක්ෂණයකින් අනාවරණ වී තිබේ.
යුවළ විවාහවීමෙන් පසු පළමුවරට බකින්හැම් මාලිගයේ සදළුතලයේ සිට සිප වැළඳ ගන්නා අවස්ථාව ඡායාරූපගත කිරීම බොහෝ ජායාරුප ශිල්පීන්ගේ බලාපොරොත්තුව වී තිබෙනවා.
1981 දී පවතී චාර්ල්ස් කුමරු හා ඩයනා කුමරියගේ විව්වාහ උත්සවයේදී බකිංහැම් මාලිගයේ සඳළුතලයේ සිට සිපගන්නා දර්ශනය එයට සහභාගී වූ ජායාරුප ශිල්පීන්ගෙන් අඩකටත් වඩා මග හැරීගොස් ඇත්තේ ඔවුන් එම අවස්ථාවේදී කැමරාවට නව සේයා පටයක් ඇතුළු කරමින් සිටි නිසයි.
මෙසේ ගන්න ලබන ජායාරුප මිලියන 65 කපිරිසක් විසින් සමාජ ජාලගත වෙබදවී මගින් බෙදාහරිනු ඇති බවටත් මෙම සමීක්ෂණය මගින් හෙළිවී තිබෙනවා.චාර්ල්ස් - ඩයනා සදළුතලයේ සිට සිපගත් අවස්ථාව
පසුගියදා පැවති ලෝක කුසලාන අවසන් තරඟයෙන් ඉන්දියාව ජයග්‍රහණය කිරීමත් සමග ශ්‍රීලංකා ක්‍රිකට් පිලේ පරාජයට විවිධ මත එල්ල වන්නට විය. ශ්‍රීලංකා පිලේ පරාජයට හේතුව වශෙන් වෙනස්ම ආකාරයේ අදහසක් පසුගියදා දොරමඩලාව වැඩසටහනේදී අධිනීතිඥ මාපලගම විමලරත්න මහතා ඉදිරිපත්කළේය.
ඒ මෙසේය..
"දැන් බලන්න අපේ මේ ලෝක කුසලාන තරනගය අයි අපි පැරදුනේ?කිසිම ක්‍රීඩකයෙකුට දොසක් නොකිය යුතු කතාවක් මම කියන්නම්.
ඒ මෙසේය..
"දැන් බලන්න අපේ මේ ලෝක කුසලාන තරනගය අයි අපි පැරදුනේ?කිසිම ක්‍රීඩකයෙකුට දොසක් නොකිය යුතු කතාවක් මම කියන්නම්.
අපේ ජනාධිපතිතුමාට යම් ආකාරයක රාජභාරණයක් තියනවා,එතුමාට පෙරස් මුදුවක් තියනවා.එතුමාගේ මෙන්න මේ ආභාරණයට දෙවිවරු තුන් දෙනෙක් අරක්ගෙන ඉන්නවා.
දෙවිවරුන්ගේ නම් ටික මට එතුමාට විතරක් කියන්න පුළුවනි.මෙතන කියන්න බෑ.මේ දෙවිවරු තුන්දෙනා එතුමා යන යන තැනට යනවා.ඒ හැර තවත් බලවේග 25 ක් තියනවා.
මෙන්න මේ බලවේගත් එක්ක එතුමා ඉන්දියාවට ගියා. ගියාට පස්සේ මේ දිව්‍යමය බලවේග අනුව ක්‍රියාකරන්න පටන්ගත්ත.අපේ මැච් එකේ බාගයක් යනකන් මේ සියලු තත්වයන් ක්‍රියාත්මක උණා.
නමුත් ඉන්දියාව කියල කියන්නේ යාග හෝම වලට නිජ භූමියක්.එතන අපිට වැඩ හුඟාක් දුර දකින අය හිටියා.අපි හැමෝම පුංචි තිරෙන් දැක්ක, ඒ බමුණන් මතුරන්න පටන් ගත්ත.ඒ මන්තර නිසා අපේ ජනාධිපතිතුමන්ගේ දෙවියන් හා බලවේග ටික අභිබවා යන තත්වයක් ඔවුන් ඇති කරා.
ඒ නිසා තමයි අපිට අනුශුරතාවය ලැබුනේ.එහෙම නොවෙන්න ලෝකයේ වෙන රටක තිබුනානම් මැච් එක අපි දිනනවා."
ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ අර්බුධය විසඳුනේ කණ්ඩායමේ 12 වන නායකයා ලෙස ටි.එම් දිල්ශාන් පත්වීමත් සමගයි.
නායකත්වයට මැතිව්ස් ගේ හා ඩිල්ෂාන්ගේ නම් යෝජනා වී තිබියදී සමහරෙක් ඩිල්ෂාන්ට සිය අප්‍රසාදය පල කලේ කරාබු දාන කොන්ඩේ පාට කරගත් අයෙකුට ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා කරන්නේ කෙසේද යනුවෙනි.
අයි.පී.එල් තරගාවලියට ගොස් ඊයේ මාධ්‍ය හමුවක් වෙනුවෙන් පැමිණි ඩිල්ෂාන්ගේ බාහිර ස්වරුපය වෙනස් වී තිබුණා.
මාධ්‍ය ඔහුගේ මෙම වෙනස් වීම් පිලිබඳ විමසා සිටියදු ඔහු ප්‍රකාශ කර සිටියේ මෙවැන්නක්.
"එකට එකම හේතුව, ඒක මම ඉස්සෙල්ලත් කියල තියනවා මගේ ලොකු දු කන විද්ද දවසේ එය අඬනවා දැකල ඒ දුකට තමයි කන විද්දේ.නමුත් මං දැන් එක අයින් කරලා තියනවා."
දිල්ශාන් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් බොහෝ කැපකිරීම් කල අයෙක් වන අතර ශ්‍රීලංකා ක්‍රිකට් සංචිතයට ඇතුළත්වීමට අවශ්‍ය නිසා ඔහු සිය ආගම පවා වෙනස් කර ගත්තේය.

යුධ අපරාධ චෝදනා වලින් රට බේරාගත හැකි එකම කෙනා මමයි - සරත් ෆොන්සේකා - Im the only one who can rescue this country -Sarath fonseka
(20) දිනයේ සුදු කොඩි නඩු විභාගයට සහභාගීවීමෙන් අනතුරුව හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේ ශ්‍රී ලංකාවට එල්ලවී තිඛෙන යුද අපරාධ චෝදනාවලින් ලංකාව බේරාගත හැකි එකම යුද මෙහෙයුම් කල නායකයා තමා බවයි.
"යුධ අපරාධ චෝදනා වලින් රට බේරා ගන්න පුළුවන් රණවිරුවන් බේරගන්න පුළුවන් යුද්ධය මෙහෙයවූ මට විතරයි.කාඩ්බෝඩ් දේශප්‍රේමීන්ට ඒවා කරන්න බෑ.
මේ රටේ ඉන්න කාඩ්බෝර්ඩ් දේශප්‍රේමියෝ කවදාහරි ජනතාව විදුලි පුටුවට යවනවා"
"යුධ අපරාධ චෝදනා වලින් රට බේරා ගන්න පුළුවන් රණවිරුවන් බේරගන්න පුළුවන් යුද්ධය මෙහෙයවූ මට විතරයි.කාඩ්බෝඩ් දේශප්‍රේමීන්ට ඒවා කරන්න බෑ.
ක්රිකට් කණ්ඩායමේ නව නායකයා තිලකරත්න දිල්ශාන් - T.M Dilshan as the Captain of the Sri Lanka Cricket team
ශ්රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස තිලකරත්න දිල්ශාන් නම් කර තිබෙනවා. මේ අනුව තිලකරත්න දිල්ශාන් ඉදිරියේදී ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග සදහා නායකයා ලෙස කටයුතු කරන බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසන්නේ. එමෙන්ම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ උපනායකයා කණ්ඩායමේ සංචිතය තුළින් ඉදිරියේදී තෝරා ගන්නා බවයි එම ආයතනය වැඩිදුරටත් පවසන්නේ.
ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණු පෑලියගොඩ මාළු මාකට් එකේ කප්පම් සිද්ධිය මහත් ආන්දෝලනයකට හේතුවක් වුණා. හැබැයි ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වුනේ කැලණිය නගර සභාවේ මන්ත්‍රීවරයකුටයි. කප්පම් කල්ලිය මාළු මාකට් එකේ කප්පම් එකතු කරන බවට රාජිතට ලැබුණු තොරතුර ඒ මොහොතේම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දුන්නේ දුරකතනයෙන්. “මාළු ලෑල්ලෙන් මාළු කූඩෙන් විතරක් කෙමෙයි ටොයිලට් එකෙනුත් මේ අය කප්පම් එකතු කරමින් ඉන්නේ. දැන්ම පොලිසිය එතෙන්ට ගියොත් කප්පම් කල්ලිය කොටුකර ගන්න පුළුවන් ආරක්ෂක ලේකම්තුමා.”
“කොළඹ නගරයේ හිටපු පාතාල කල්ලි අපි පහුගිය කාලේ ඉවර කළා. ඔය කප්පම් කල්ලියත් මම ඉක්මනින්ම අතුගාලා දානවා. මම දැන්මම ඞී.අයි.ජී. අනුර සේනානායක ඔතෙන්ට එවන්නම්.”ආරක්ෂක ලේකම්වරයා ඇමති රාජිතට කිව්වා. ආරක්ෂක ලේකම් කියපු විදිහටම පොලිසිය ක‍්‍රියාත්මක වුණා. ඒ නිසාම කප්පම් කල්ලිය කොටුකර ගන්න පොලිසියට පහසුවුණා.
මේ සිද්ධියෙන් වේදනාවට පත්වුණු ඇමති මර්වින් සිල්වා ජනාධිපති හමුවෙන්න අරලියගහ මන්දිරයට ආවා. “සර් මගේ ග‍්‍රහය මේ දවස්වල හොඳ නෑ. බැරිද ජුනි වෙනකම් මට නිවාඩුවක් දෙන්න. දෛවඥයෝ කියනවා මේ විදිහට ගියොත් මට ඇමතිකමත් නැතිවෙන්න පුළුවන් කියලා”
ඇමති මර්වින්ගේ මේ කතාව අහගෙන හිටපු ජනාධිපතිවරයා කේන්තිය පිටකළේ වචනයක්වත් නොකියා.
අන්තර්ජාලය හරහා සිදුවන ජනප්‍රිය සන්නිවේදන ක්‍රමයක් වන ස්කයිප් සේවාවට රහසේ කන්දීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය තීරණයකොට තිබේ.
මේ සඳහා ඊශ්‍රායලය බුද්ධි අංශයට සම්බන්ධ ආයතනයක ප්‍රධානින් සහ ආරක්ෂක ප්‍රධානින් අතර විශේෂ සාකච්චාවක් පසුගියදා කොළොඹ පැවැත්විණි.ජාතික ආරක්ෂාවට හානියක් සිදුවිය හැකි කරුණු පිළිබඳව ස්කයිප් හරහා සිදු කරන කතාබහට සවන්දීම හා නිතිය ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණ වී තිබේ.
කෙසේ වෙතත් ස්කයිප් ටැප් කිරීමට ඇති හැකියාව පිලිබඳ කරුණු මෙතෙක් වාර්තා වන්නේ නැත.

එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන්ගේ විද්වත් මණ්ඩලය විසින් මෑතකදී නිකුත් කළ වාර්තාව මගින් ශ්‍රී ලංකා රජයට දරුණු ලෙස යුද අපරාධ චෝදනා එල්ල කර ඇති අතර රජය විසින් එය එකහෙලා ප්‍රතික්ෂේපකොට ඇත.
මෙම වාර්තාවේ පිටපත් යවා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංගමයටත් ඇමරිකාවට හා ශ්‍රී ලංකාවට පමණි.මේ අතර විපක්ෂය යෝජනා කලේ මෙම වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙසයි.ඒ අනුව මෙම වාර්තාව මහජනතාව සඳහා ඉදිරියේදී ප්‍රසිද්ධ කරන බවට බෑන් කි මුන් මහතා ප්‍රකාශකොට සිටියා.
නමුත් මෙම වාර්තා මගින් රජයට හා එල්.ටී.ටි සංවිධානයට එල්ල කල චෝදනා මොනවාදැයි බොහෝ පිරිස් තවමත් නොදනී.එම වාර්තාවේ සාරාංශයක් අප වෙත ලැබී තිබෙන අතර එහි සත්‍ය අසත්‍යතාවය පිලිබඳ කිසිදු වගකීමක් අප විසින් දරණු නොලැබේ.
එම සාරාංශයට අනුව එහි නගා ඇති චෝදනා මෙසේයි.
ශ්‍රීලංකා රජය වෙත ගොනුකොට ඇති චෝදනා
එල්.ටී.ටී සංවිධානය වෙත ගොනුකොට ඇති චෝදනා
රජයට එරෙහිව මෙම විද්වත් මණ්ඩලය විසින් චෝදනා නගා ඇත්තේ රටවල් අටක කොටි හිතවාදී සංවිධාන විස්‌සක් සහ දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන පනහක් විසින් බව වාර්තා වේ.
එසේම තොරතුරු සැපයූ කිසිදු සංවිධානයක අනන්‍යතාවය තහවුරු කර ගැනීමට ඔවුන් ක්‍රියාකොට නැත.
චැනල් 4 විසින් නිකුත් කල වීඩියෝ පට සහ ජායාරුප එකතුවක් සාක්ෂි ලෙස මණ්ඩලයට ලබා දී ඇත.තවද එම විද්වත් මණ්ඩලය අවධාරණය කරන්නේ මෙම අපරාධ වලට වගකිවයුතු පාර්ශවයන්ට එරෙහිව වහා කටයුතු කලයුතු බවයි.
සුදු කොඩි රැගෙන පැමිණි නඩේසන් සහ පුලිදේවන් ඝාතනය කොට ඇති බව පවසමින් සමුළුව වෙත යවා ඇති ජායාරුප

- විවෘත වෙඩි තැබීම් මගින් සාමාන්‍ය මිනිසුන් ඝාතනය කිරීම
- සාමාන්‍ය මිනිසුන් ගැවසෙන රෝහල් වැනි ස්ථාන වලට වෙඩි තැබීම
- සාමාන්‍ය දෙමල වැසියන්ට මානුෂිය උදව්කිරීමෙන් වැලකීම
- අවසන් සටනේ හඳුනාගත් කොටි සැකකරුවන්ගේ මානවහිමිකම් උල්ලංඝනය කිරීම
- යුද්ධය ඇති ප්‍රදේශයෙන් පිටත ඇති වූ මානවහිමිකම් උල්ලංඝනය ( මාධ්‍යය මර්ධනය/රජයට එරෙහි පාර්ශව මර්ධනය)
එල්.ටී.ටී සංවිධානය වෙත ගොනුකොට ඇති චෝදනා
- ගැලවීම සඳහා සාමාන්‍ය වැසියන් පලිහක් ලෙස යොදා ගැනීම
- එල්.ටී.ටී පාලනයෙන් පලායන වැසියන් මරණයට පත් කිරීම
- සාමාන්‍ය වැසියන් ආසන්නයේ සිට අවි ආයුධ භාවිතා කිරීම
- කුඩා ළමුන් බලහත්කාරයෙන් සංවිධානයට බඳවා ගැනීම
- බලෙන් සාමාන්‍ය වැසියන්ගේ ශ්‍රමය යුද්ධයට ලබාගනිම
- මරාගෙන මැරෙන ප්‍රහාර මගින් සාමාන්‍ය වැසියන් මරණයට ලක් කිරීම.
රජයට එරෙහිව මෙම විද්වත් මණ්ඩලය විසින් චෝදනා නගා ඇත්තේ රටවල් අටක කොටි හිතවාදී සංවිධාන විස්‌සක් සහ දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන පනහක් විසින් බව වාර්තා වේ.
එසේම තොරතුරු සැපයූ කිසිදු සංවිධානයක අනන්‍යතාවය තහවුරු කර ගැනීමට ඔවුන් ක්‍රියාකොට නැත.
චැනල් 4 විසින් නිකුත් කල වීඩියෝ පට සහ ජායාරුප එකතුවක් සාක්ෂි ලෙස මණ්ඩලයට ලබා දී ඇත.තවද එම විද්වත් මණ්ඩලය අවධාරණය කරන්නේ මෙම අපරාධ වලට වගකිවයුතු පාර්ශවයන්ට එරෙහිව වහා කටයුතු කලයුතු බවයි.
සුදු කොඩි රැගෙන පැමිණි නඩේසන් සහ පුලිදේවන් ඝාතනය කොට ඇති බව පවසමින් සමුළුව වෙත යවා ඇති ජායාරුප
The Executive Summary of the UN
මෝටර් රථයේ නලාව හැඩවිම හා සයිලන්සරයෙන් නැගෙන ශබ්දය (බිට් එක) පාලනය සඳහා නව නීති රීති පද්ධතියක් ලබන මස සිට ගෙන ඒමට රජය සුදානම් වෙයි.
මෝටර් රථ නලාව අනිසි ලෙස භාවිතය පිලිබඳ ශ්‍රීලංකා කාර්මික තාක්ෂණ ආයතනය විසින් සිදුකරන ලද සමීක්ෂණයක ප්‍රතිපල අනුව මෙම පියවර ගැනීමට තීරණය කර ඇත.
මෝටර් රථ නලාව පාලනයට නීති ලබන මස ගැසට් කරනු ඇති බවත් මෝටර් රථයේ සයිලන්සරයේ ශබ්දය සුසර කිරීම මගින් වෙනස් කිරීම තහනම් කරනු ඇති බවත් වාර්තා වේ.

සැබෑ හිමිකරුවන්ට අවුරුද්ද සමරන්න ඉඩදෙන්න. ජනපතිගෙන් ඉල්ලීමක්.- Renewal in spirit, new expectations - President Mahinda Rajapaksa
අලූත් අවුරුදු අසිරියේ සැබෑම හිමිකරුවන් වන දරුවන්ට නිදහසේ අවුරුදු සිරි විඳගැනීමට අවස්ථාව උදා කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. සිය අලූත් අවුරුදු පණිවුඩයෙන් ජනාධිපතිවරයා පවසන්නේ අවුරුදු නැකැත් චාරිත‍්‍ර සමග එක්වීමටත්, දරුවන්ට අවස්ථාව ලබාදිය යුතු බවයි. ඒ සඳහා අලූත් අවුරුද්දේ දරුවන්ගේ සතුට ආරක්ෂා කරදීමට මතින් දුරස්ව අවුරුදු සමරන ලෙසත් ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිහිටියන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. එය සිංහල – දෙමළ අලූත් අවුරුද්දේ දරුවන්ටත්, සමාජයටත් දිය හැකි වටිනාම අවුරුදු තෑග්ග බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. අලූත් අවුරුදු සමයේ ද රාජකාරිය වෙනුවෙන් කැපවූ ත‍්‍රිවිද හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් සියලූදෙනා ද රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ සියලූ පාර්ශව වෙත ද ජනාධිපති මහින්ද රාජපක්ෂ ස්තූතිය පල කළා.
පරිසර හිතකාමී තත්ත්ව යටතේ ලොව මුල්ම තිසරපට ශී‍්‍ර ලංකාවේදී නිපදවනු ලබයි.ලෝක ප‍්‍රකට බි‍්‍රතාන්‍ය ඇඟළුම් අලෙවි සමාගමක් වන මාර්ක් සහ ස්පෙන්සර් විසින් එය මේ වන විටත් වෙළඳපොලට නිකුත් කොට ඇත.
ඊට අනුබද්ධිත ලාංකික ඇඟළුම් කම්හලකදී එම තිසරපට නිපදවීම සිදු කෙරේ.කම්හල අසලින් ගලාබසින ගඟකින් නිපදවාගත් ජලවිදුලිය හා සූර්යකෝෂ මඟින් එම කම්හලට බලශක්තිය සැපයේ.එමෙන්ම, අඩු විදුලිබලයක් වැයවන බල්බ මඟින් ඊට ආලෝකය සපයයි.සෑම වසරකදීම ගස් 6,000ක් සිටුවීම මඟින් තවදුරටත් පරිසර හිතකාමී තත්ත්ව සහතික කිරීමට එම කම්හල කටයුතු යොදා ඇතැයි බි‍්‍රතාන්‍යයේ ‘ටෙලිග‍්‍රාෆ්’ පුවත්පත් වාර්තා කරයි.
ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ ඇඟළුම් නිෂ්පාදකයින් වන මාස් හෝල්ඩින්ග්ස් සහ බ‍්‍රැන්ඩික්ස් යන සමාගම් විසින් පරිසර හිතකාමී තත්ත්ව යටතේ ඇඟළුම් නිෂ්පාදනය සිදු කෙරේ.
ඉන්දියාව සැලකූ ආකාරය ගැන අපිට සෑහීමකට පත්වන්න බැහැ ක්‍රීඩා ඇමැති - Sri Lanka Cricket boad and India Cricket
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය නැරඹීම සඳහා ගිය ශ්‍රී ලංකාවේ ඇමැතිවරුන් 20 දෙනාට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්‌ඩලය සැලකූ ආකාරය පිළිබඳව ක්‍රීඩා ඇමැතිවරයා ලෙස තමන් කිසි ලෙසකින් වත් සෑහීමකට පත්නොවන බව පවසන ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා, ඒ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයටද පැමිණිලි කිරීමට තමා කටයුතු කරන බව සඳහන් කර සිටියේය. නව ක්‍රිකට් තේරීම් කමිටුව පත් කිරීම වෙනුවෙන් පෙරේදා (11 දා) ඔලිම්පික් නිවහනෙහි පැවැති මාධ්‍ය හමුවේදී ක්‍රීඩා ඇමැතිවරයා ඉහත අදහස් පළ කර සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වු ඒ මහතා, තරගය නැරඹීම සඳහා පැමිණි ජනාධිපතිතුමාට උපරිමයෙන් සැලකීමට ඉන්දීය ක්‍රිකට් පරිපාලනය කටයුතු යොදා තිබුණද ක්‍රීඩා ඇමැතිවරයා වශයෙන් තරගය නැරඹීම සඳහා ප්‍රවේශපතක් රැගෙන යැමට තමන්ට සිදුවූ බවද සඳහන් කර සිටියේය.
“තරගාවලියේ සත්කාරක රටක් ලෙස ශ්‍රී ලංකාව ඒ ඒ රටවලින් පැමිණි අයට ඉතා ඉහළින් සැලකුවා. නමුත් මෙම තරගයේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්‌ඩලය අපිට සලකපු ආකාරය පිළිබඳව කිසි විටෙකත් සෑහීමකට පත්වෙන්නේ නැහැ” යනුවෙන් අලුතමගේ මහතා පැවැසීය.
“තරගය නරඹන්න මම ඇතුලු තවත් රජයේ ඇමැතිවරයරු 20 ක් පමණ සහභාගි වුණා. ක්‍රීඩා ඇමැතිවරයා හැටියට මටත් ප්‍රවේශ පත්‍රයක් අරගෙනයි තරගය නරඹන්න සිදුවුණේ” යනුවෙන් පවසන ක්‍රීඩා ඇමැතිවරයා “මේ පිළිබඳව අපි අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ලියන්න බලාපොරොත්තු වෙනවා” යනුවෙන් පැවැසීය.
ක්‍රීඩා ඇමැතිවරයා වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු තම පළමු ක්‍රිකට් මාධ්‍ය හමුවට සහභාගි වූ ක්‍රීඩා ඇමැතිවරයා, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනීයකරණය වී තිබෙන බව හිටපු පුහුණුකරු ට්‍රෙවර් බේලීස් කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් හේතු ඇතුළත් වාර්තාවක් තමන්ට ලබාදෙන ලෙස ක්‍රිකට් සභාපතිවරයාට උපදෙන් දුන් බවද සඳහන් කර සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ ක්‍රීඩා ඇමැතිවරයා “ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දේශපාලනීකරණය වෙලා තියෙනවානම් සනත් ජයසූරිය කණ්‌ඩායමේ නායකයා වෙන්න ඕන. එහෙම නැත්නම් ඔහු කණ්‌ඩායමේ සිටිය යුතුයි. මෙහිදී හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා පැහැදිලිව ප්‍රකාශ කරල තිබුණා තේරීම් සම්බන්ධයෙන් තමාට දේශපාලනයෙන් කිසිම බලපෑමක් වුණේ නැහැ කියලා” යනුවෙන් බේලීස් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්‌වා සිටියේය.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා පුහුණුකරු තනතුරෙන් නික්‌ම ගිය ට්‍රෙවර් බේලීස්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනීයකරණ වී ඇති බවත් එයින් ගොඩ ඒමට නම් වහාම එම තත්ත්වයෙන් මිදිය යුතු බවත් පසුගියදා ප්‍රකාශ කරන ලදී.
ශ්‍රී ලංකා ඉදිරි ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳවද අදහස් දක්‌වා සිටි ඒ මහතා 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කෙසේ හෝ ජයග්‍රහණය කළ යුතු වන බවත්, ඒ වෙනුවෙන් ඉදිරියේදී ඉතාමත් දැඩි තීරණ ගැනීමට සිදුවන බවත් ඒ සඳහා වන ඕනෑම තීරණ තීන්දුවක් ගැනීමේදී තමා කිසි විටෙකත් නොපසුබට වන බවද සඳහන් කර සිටියේය.
“අපි දැන් දෙවරක්‌ම අනු ශූරයන් වුණා. නැවතත් අනුශූරයන් වෙන්න අපි සූදානම් නැහැ.2015 දී අපි අනිවාර්යෙයන්ම ලෝක කුසලාන දිනිය යුතුයි. ඒ වෙනුවෙන් ඉදිරියේදී ඉතාමත් දැඩි තීරණ ගත යුතුයි. එවැනි තීරණ ගන්න මම කිසි විටෙකත් පසුබට වෙන්නේ නැහැ” යනුවෙන් සඳහන් කර සිටියේය.
වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අතුරු කමිටුවක් හරහා සිදුවන අතර එහි වෙනසක් ඉදිරියේදී සිදුවන්නේ දැයි මාධ්‍යයෙන් නැගූ පැනයකට පිළිතුරු දුන් ඒ මහතා, “අඩුපාඩුවක් පෙන්නේ නැහැ. ලෝක කුසලාන තරගාවලිය ඉතාමත් හොඳින් සංවිධානය කළා. ඒ නිසා මෙහි වෙනසක් කිරීමේ අවශ්‍යතාවක් තියෙනවා කියලා මට පේන්නේ නැහැ. කොහොම නමුත් ඉදිරියේදී ඒ පිළිබඳව අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වනවා” යනුවෙන් පැවැසීය.
ටයිම් සඟරාව විසින් 2011 වසරේ සිටින ලොව බලගතුම පුද්ගලයන් 100 තේරීම ආරම්භ කොට ඇත.ලංකාවෙන් මෙයට ඇතුලත්ව ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ වේ.
එතුමා මේ වන විට පක්ෂව ලබාදුන් ජන්ද 4985 හා විපක්ෂව ජන්ද 818 ක් ගෙන එම ලැයිස්තුවේ 31 වන ස්ථානයේ පසුවෙයි.ජන්දය ලබාගැනීම හෙටින් (14) අවසන් වේ.
එම ලැයිස්තුවේ 31 වන ස්ථානය දක්වා මේවන විට පෙළ ගැසී ඇති අයුරු
එතුමා මේ වන විට පක්ෂව ලබාදුන් ජන්ද 4985 හා විපක්ෂව ජන්ද 818 ක් ගෙන එම ලැයිස්තුවේ 31 වන ස්ථානයේ පසුවෙයි.ජන්දය ලබාගැනීම හෙටින් (14) අවසන් වේ.
එම ලැයිස්තුවේ 31 වන ස්ථානය දක්වා මේවන විට පෙළ ගැසී ඇති අයුරු
පසුගිය 11 වනදා මධ්‍යම රාතී‍්‍රයේ සිට ශී‍්‍ර ලංකාවේ සම්මත වේලාව ප‍්‍රකාශයට පත් කෙරිණි. මේ අනුව ඉතිහාසයේ පළමු වතාවට විද්‍යුත් මාධ්‍ය ඇතුළු විදුලි සංදේශ සමාගම් යනාදි වේලාව ප‍්‍රකාශයට පත් කරන සියලූ ආයතන නව සම්මත වේලාව යොදා ගැනීම 1995 අංක 35 දරන මිනුම් ඒකකල ප්‍රමිති සේවා පනතේ 5 වැනි වගන්තිය යටතේ සමූපකාර සහ අභ්‍යන්තර වෙළඳ අමාතයාංශය විසින් අනිවාර්ය කරන ලදී.
ශ්‍රිලංකාවේ සම්මත වෙලාව දක්වන වෙබ් අඩවිය (www.sltime.org ) ජනාධිපතිතුමා අතින් එදින සවස වීවෘත කරන ලදී.නමුත් මෙම වෙබ් අඩවිය විවෘත කල දිනයේ පටන් අද දක්වා දර්ශනය වන්නේ නැත.
පහත දැක්වෙන්නේ ශ්‍රිලංකාවේ නව සම්මත වෙලාවයි.
sltime .org වෙත නොගොස් පහත යොමුවෙන් එම අඩවියට පිවිසිය හැක
http://www.measurementsdept.gov.lk/time/

සාමාන්‍යයෙන් සිදුවන්නේ බල්ලන් සපාකෑම නිසා මිනිසුන් මිය යාමයි.නමුත් එයට හාත්පසින්ම වෙනස් පුවතක් මාවනැල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මාවනැල්ලට නුදුරු අංවාරම ප්‍රදේශයේ වෙසෙන වයස අවරුදු 55 ක් පමණ පුද්ගලයෙකු විසින් බිමත්ව නිවසට පැමිණෙමින් සිටියදී බීමත්කම වැඩි නිසාවෙන්ම පන්සලක් අසල පාරේ වැටි ඇත.
ඒ මොහාතේ පන්සලේ සිටි බල්ලෙකු එම මිනිසාගේ මුහුණ ලෙවකෑම නිසා කෝපයට පත්ව දෑතින්ම බල්ලා අල්ලාගෙන බල්ලාගේ ගෙල සපා කා ඇත.
බල්ලාගේ කා ගැසීම් මැද දරුණු ලෙස ගෙල සපා කෑම නිසා බල්ලා මියගොස් ඇත.පසුගිය 31 වනදා රාත්‍රී හතට පමණ මෙම සිදුවීම සිදුවී ඇත.මෙයට පෙරද මොහු බිමත්ව සිටින අවස්ථාවක පොමනේරියන් වර්ගයේ බල්ලෙකු මරාදමා ඇතිබව වාර්තා වේ.
ලක්බිම පුවතක් ඇසුරිනි.

පැයට කිලෝමීටර 50ක පමණ වේගයෙන් කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන දුම්රියක තරුණියක ගැටෙන ආකාරය දැක්වෙන දුර්ලභ ගණයේ දර්ශන පෙලක් පටිගත කිරිමට පසුගිය දිනෙක දේශීය වෛදය අමාත්‍යාංශ මාධ්‍ය ඒකකයේ කැමරා ශිල්පි ප්‍රභාත් අබේසිරි මහතාට හැකිවි තිබේ.
දුම්රියේ ගැටීමෙන් පසු සිහිසුන්වන තරුණිය රෝහල්ගත කිරිම සදහා ගෙනයාමට උත්සාහ කළද ඇය එය ප්‍රතික්ෂේප කරන්නේ තමාට කිසිදු අමාරුවක් නැතිබව කියමිනි.
එම වීඩියෝව පහතින්
දුම්රියේ ගැටීමෙන් පසු සිහිසුන්වන තරුණිය රෝහල්ගත කිරිම සදහා ගෙනයාමට උත්සාහ කළද ඇය එය ප්‍රතික්ෂේප කරන්නේ තමාට කිසිදු අමාරුවක් නැතිබව කියමිනි.
එම වීඩියෝව පහතින්
වීඩියෝ දර්ශන : සිරස නිව්ස් ෆස්ට්
පසුගිය දා ජය ශ්‍රී මහා බෝධි මලු මහා විහාර ධර්ම ශාලාව ඉදිකිරිම,රුවන්වැලි චෙයිත්‍ය රාජයානන් වහන්සේ ඇතුළු අනුරාධපුර අටමස්ථාන චෙයිත්‍ය රාජයානන් වහන්සේලා ස්වර්ණාලේප කොට රනින් බැබලවීම ආදී මර්වින් සිල්වා අමාත්‍යවරයා විසින් ඉටුකරන ලද සේවාවන් වෙනුවෙන් බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු යන ගෞරව නාමයෙන් පිදුම් ලැබූ අතර ලෝවාමහාපාය පිළිසකර කිරීම සඳහා ලක්ෂ 100 ක මුදලක් ප්‍රධානය කිරීමටද එකඟ විය.
එතුමාගේ ආගමික ක්‍රියා වලට අපගේ කිසිදු විරුද්ධතාවයක් නොමැති වුවත් මේ සා මුදල් කන්දරාවක් ඇමතිවරයෙකු අතට පත්වන්නේ කෙසේද කියා සොයාබැලීම වටී.
පැලියගොඩ නව මාළු සංකීර්ණය වීවෘත කිරීමත් සමග ඇතිවූ කප්පම් සිදුවීම නිසා මර්වින්ගේ කප්පම් කල්ලියේ රහස් හෙළි විය.
කොළොඹ පිටකොටුවේ පවතී ශාන්ත ජෝන් කොළොඹ නගරයෙන් බැහැරට ගෙන ගොස් පැලියගොඩ ඉදිකිරීමේ ව්‍යාපෘතිය දියත් කලේ හිටපු ධීවර ඇමති ෆීලික්ස් පෙරේරා විසිනි.
ඒ අනුව එතුමාගේ දේශපාලන හිතවතුන්ට පැලියගොඩ ඉදි වූ නව මාළු සංකීර්ණයේ කඩ කාමර කලින්ම වෙන් කරනු ලැබිය.
වර්තමාන ධීවර ඇමති වන රාජිත සේනාරත්න ඉතිරිය තමන්ගේ දේශපාලන අතකොලු හට වෙන්කොට දී ඇත.
මෙයින් කෝපයට පත්වුණේ පැලියගොඩ අයිතිවන ගම්පහ දිසාවේ මර්වින් සිල්වායි.ඒ ඔහුගේ ගෝල බාලයන්ට මාළු සංකීර්ණයේ කඩ කාමර කොටවක් නොලැබුණු බැවිනි.ඒ අනුව නව මාළු සංකීර්ණයේ කප්පම් ගැනීම හා හා පුරා කියා ආරම්භ විය.
පැලියගොඩ මාළු වෙළදපොලෙහි ඇති මාළු ලෑලි ගණන 160 කි. එක් ලෑල්ලකින් කප්පම්කරුවෝ දිනකට රුපියල් දෙදහසක් අය කරයි.
මාළුවෙළඳපොළට උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් දිනකට මාළු පෙට්ටි පටවන ලද ලොරි 80 ක් පමණ පැමිණේ. එක් ලොරියක මාළු පෙට්ටි 200 ක් පමණ අඩංගු වේ.කප්පම්කරුවෝ මෙම එක් ලොරියකින් රුපියල් දෙදහසක මුදලක්ද එක් මාළු පෙට්ටියකින් රුපියල් 25 ක් මුදලක්ද කප්පම් ලෙස ගනී.
පුත්තලම, මිගමුව ඇතුළු දකුණු ප්‍රදේශයෙන්ද අධිශීතකරණ සහිත ලොරි තිහකට ආසන්න ගණනක් පැලියගොඩ මාළු වෙළඳපොළට පැමිණෙන අතර එක් ලොරියකින් අයකරන කප්පම් මුදල රුපියල් 2000 කි.
තවද මෙම එක් මාළු ලෑල්ලක වටිනාකම රුපියල් 40 000 ක් පමණ වේ.නමුත් මර්වින්ගේ ගෝලයන් විසින් ලබාගත් මාළු ලෑලි ලබා දී ඇත්තේ රුපියල් 80000 ක් පමණ මුදලකටය.
මාළු ලෑලි වලින් (160*2000) = 320 000
උතුරු නැගෙනහිර ලොරි වලින් (80*2000) =160 000
මාළු පෙට්ටි වලින් (200*25) = 5 000
දකුණු පළාතේ ලොරිවලින් (30*2000) = 60 000
මර්වින්ගේ දිනක දල කප්පම් ආදායම 545,000 ක් පමණ වේ. එයට කඩ බදු ලාභය වැනි අනෙකුත් ද එකතුකළ විට එය ලක්ෂ නවයකට වැඩි මිස නොඅඩු නොවේ.

- පට තිබුණු බාධක මොනවද?
- ක්‍රිකට්පිල පිටුපස ඇති අදිසි බලවේගය
නමුත් ඒ පිළිබඳව කතා කිරීමෙන් දැන් පලක් නැත.නමුත් ශ්‍රීලංකාව රටක් වශයෙන් අන්තර්ජාතිකව කැපී පෙනෙන එකම ක්‍රීඩාවේ අනාගතය පිලිබඳ සිතා බැලීම වටී.
ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු ට්‍රේවල් බෙලීස් පුහුණුකරු වශයෙන් ඉවත්ව යන්නේ ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩයාම පිටුපස ඇති යම් දෙයක් පිළිබඳව ඉඟියක් ලබා දෙමිනි.
පසුගිය මාස 18 තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොදින් දක්ෂතා පෙන්නුම් කළ බවද ඔස්ට්‍රේලියාව මෙන්ම ශ්‍රී ලංකාවේද පරිපාලනය සහ කළමනාකාරිත්වයේ දියුණුවක් ඇති කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.
තවද ක්‍රීඩකයන් හට බාධක කිහිපයකටම මුහුණ පාන සිදුවුණ බවත් එම බාධක අතර මෙතරම් හොදින් ක්‍රීඩා කිරීම පිලිබඳ තම සතුටු වන බවද ඔහු ප්‍රකාශ කොට ඇත.තරගය අවසානයේ සංගක්කාරගෙන් පටන්ගත් ඉල්ලා අස්වීම මහේල, අරවින්ද සිල්වා ඇතුළු තේරීම් කමිටුව හා අවසානයේ ශ්‍රීලංකා කණ්ඩායමේ ප්‍රවාහන බස් රථයේ රියදුරු දක්වා ව්‍යාප්ත විය.
ට්‍රේවල් බෙලීස් ප්‍රකාශ කරන ආකාරයට සංගක්කාර හා මහේල අස්වීම ලැජ්ජාවකි.ඔහුට අනුව ශ්‍රීලංකා පිල ඉදිරියට ගෙන ඒම සඳහා සිටින හොඳම ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ මහේල හා සංගායි.තවද ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙම සියලු ඉල්ලා අස්වීම් බාරගෙන ඇත.
දැන් ශ්‍රීලංකා ක්‍රිකට් ලෝලීන් තුනකට බෙදී සිටියි.පිරිසක් නැවතත් සංගක්කාර නායකත්වයට ඉල්ලන අතර තවත් පිරිසක් දිල්ෂාන් සඳහා කැමැත්ත පල කරයි.අනෙක් පිරිස මැතිව්ස් නායකත්වයට සුදුසු බව මත පල කරයි.
මේ අතර ශ්‍රීලංකා ක්‍රිකට් පිල පිලිබඳ කට කතා ද වේගයෙන් පැතිර යයි.ශ්‍රීලංකා ක්‍රිකට් පිලට දේශපාලන බලපෑම් එල්ල වුවයි යනුවෙන්ද මතිමතාන්තර ඇත.
ශ්‍රීලංකා ක්‍රිකට් පිල පිටුපස අදිසි බලවේගයක් ඇති බව පැහැදිලිය.නමුත් ඒ පිළිබඳව නිවරදි තොරතුරු නොමැතිව ඒ පිලිබඳ කතා මැවීම හෝ අවසන් තරගය පිලිබඳ විවිධ කෝණයන්ගෙන් බැලීම සුදුසු නැත.
යුධ අධිකරණය මගින් වරදකරු කොට දැනට සිරගතව සිටින හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතාට මුළු රටම ජාති ආගම් භේද නොසලකා ලෝක කුසලාන අවසන් මහා තරඟය නැරඹීමට එක්වෙද්දී ඒ සඳහා අවසථාව ලබා දී නොමැතිබව වාර්තා වේ.
සිරගත වීමෙන් පසුව අධිකරණයට කල ඉල්ලීමකින් පසුව එතුමාගේ සිරමැදිරියට රුපවාහිනියක් ලැබුණු අතර අවසන් තරගය පවත්වන දිනයේදී සරත්ෆොන්සේකා මහතා සිරගත කර ඇති පෙදෙසට පමණක් විදුලිය විසන්ධිකොට තිබු බව
සිරගත වීමෙන් පසුව අධිකරණයට කල ඉල්ලීමකින් පසුව එතුමාගේ සිරමැදිරියට රුපවාහිනියක් ලැබුණු අතර අවසන් තරගය පවත්වන දිනයේදී සරත්ෆොන්සේකා මහතා සිරගත කර ඇති පෙදෙසට පමණක් විදුලිය විසන්ධිකොට තිබු බව
පසුගිය සතියේ සිළුමිණ පුවත් පතේ රසදුන අතිරේකයේ සාකච්චාවකට එක්වෙමින් නතාෂා පෙරේරා කියා තිබුනේ තම ආදරය ගැන තවම සිතා වත් නොමැති බවයි.නමුත් කාලයක් තිස්සේ පැවති ඇගේ අප්‍රකට ප්‍රේමය පිලිබඳ හෙළි කිරීමට අප තීරණය කලා.
නතාෂා පෙරේරා ගායනයට එක් වුයේ සුළඟක් වී මං එන්නම් ගීතයත් සමගය.කුඩා කලා පටන් ඇය හැදී වැඩුනේ ඇගේ අත්තම්මා සමගය.ඒ ඇගේ දෙමාපියන් වෙන් වී සිටි බැවිනි.ආත්තම්මගේ දරදඬු පාලනය හා දෙමාපිය සෙනෙහස අහිමි වීමෙන් නතාශාට ආදරයේ අඩුව තදින්ම දැනී තිබුණි.
මේ අතර ගාල්ල හික්කඩුව ප්‍රදේශයේ විසු මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දිනෙත් ඈපාලියන නතාෂාගේ නිවසේ පහල තට්ටුවේ මාසික කුලියට නවාතැන් ගැනීම සඳහාය.දිනෙත් ඈපාලියන ඒවන විටත් ගාල්ලේ තරුණියක සමග පෙම් සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබුණි.
නතාෂාගේ නිවසේ පහල වාසය කරන දිනෙත් හා නතාෂා මිතුරන් වීමට වැඩි කලක් ගියේ නැත.එම මිතුරුදම ආදරයකට පෙරලුනේ ඊටත් වඩා වේගයෙන්ය.තමාට අහිමි වූ සෙනෙහස දිනේත්ගෙන් ලබාගත් නතාෂා ඔහු පිලිබඳ දැඩි විශ්වාසයකින් සිටියේය.
එම විශ්වාසය නිසාම නිවසේ සියල්ලන්ම නිදා ගත් අතරේ දිනෙත් ඈපාලියන සොයා නිවසේ පහල තට්ටුවට යාමට නතාෂා පුරුදු වී සිටියාය.ඔහු සමග ජායාරුප වලට පවා පෙනී සිටියේ ඔහු පිලිබඳ වූ දැඩි විශ්වසයකිනි. (තවත් තොරතුරු අප සතුව ඇති නමුත් මෙම ලිපිය මගින් ඒවා හෙළි නොකරනු ලැබේ)
නමුත් එම ජායාරුප අන්තර්ජාලයට කිසියම් පුද්ගලයෙකු විසින් අන්තර්ජාලයට එක් කොට තිබුණි.දිනෙත් ගේ ජංගම දුරකතනයේ තිබු ජායාරුප අන්තර්ජාලයට එක් වී තිබුනේ ඔහුට අනුවනම් ඔහුගේ දුරකථනය නැති වීමෙනි.
නමුත් සැබවින්ම සිදු වී තිබුනේ "මං පොර වීමේ" නාටකය රඟ දැක්වීමත් හෙවත් නතාෂා පෙරේරා සමග තමා යාලු බව පෙන්විමටම ඔහු විසින්ම මෙම ජායාරුප අන්තර්ජාලයට එක් කිරීමයි.කෙසේ නමුත් මේ හේතුව නිසාම නතාෂා - දිනෙත් ප්‍රේමය අවසන් විය.