හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් තිදෙනාට මරණ දඬුවම ලබාදීමට විරෝධය පල කරමින් 20 හැවිරිදි තරුණියක් සිරුරට ගිනි තබා ගනිමින් සිය දිවි හානි කරගෙන තිබේ.
හින්දු පුවත්පත පැවසුවේ එම තරුණිය රෝහල්ගත කිරිමෙන් අනතුරුව මියගිය බවයි.
පී. සෙන්කොඩි නම් අදාළ තරුණිය සිය සිරුරට ගිනි තබාගෙන ඇත්තේ ඉන්දියාවේ කාන්චිපුරම් හි පිහිටි රජයේ කාර්යාලයක් තුළදීය.
ඒ සඳහා ඇය පෙට්‍රල් ලීටර් 2ක් පමණ භාවිත කර ඇති බව හින්දු පුවත්පත වාර්තා කළේය.
එම අවස්ථාවේ ඇය සල්වාර් ඇඳුමකින් සැරසී සිටි බව ඉන්දීය පොලිසය පවසයි.